|
|
බොන්ඩ් සුරූපිනිය ජපාන චිත්‍රාගාරයකින්
ඒ අනුව මෙම අබිරහස විසඳීමේ භාරධූර මෙහෙවර පැවරෙන්නේ ඔවුන්ගේ සුපිරි රහස් දූතයා වන ජේම්ස් බොන්ඩ් වෙතයි. වහාම ජපානය වෙත යන බොන්ඩ් ජපන් රහස් ඔත්තු සේවයේ ප්‍රධානී ටයිගර් ටනාකා සහ ඔහුගේ සුරූපී සහායිකාව ‘අකිකෝ’ සමඟ එක්ව මෙහෙයුම් ආරම්භ කරයි. පැහැර ගන්නා රොකට් පිළිබඳ ඔවුන්ගේ සැකය තවදුරටත් තහවුරු වෙන්නේ රොකට් ඉන්ධන විශාල ප්‍රමාණයක් ගබඩා කරන ලද, ඔසාටෝ කෙමිකල් සමාගමට අයත් නැවක් කෝබේ වරායේ නැංගුරම් ලා තිබියදී බොන්ඩ් සහ ඔහුගේ සහායිකා අකිකෝ විසින් සොයා ගනු ලැබිමෙනි. ප්‍රතිවාදීන්ගේ අවධානය නොමගට යොමු කිරීම සඳහා වරෙක ජේම්ස් බොන්ඩ් හට බොරුවට මිය යාමට සිදු වෙයි.
පැරැණි ගිනි කන්දක් යට ගොඩ නඟා තිබුණු රොකට් යානා නිෂ්පාදන කම්හල තුළ දී මෙතෙක් කල් වසන් වී සිටි මිනීමරු බ්ලොෆෙල්ඩ් මුහුණට මුහුණ මුණ ගැසීමේ අපූරු අවස්ථාව බොන්ඩ් හට උදා වෙයි. ඒ අතර එහි කඩා වදින ජපන් රහස් ඔත්තු සේවයේ තතාකා ඇතුළු ඔහුගේ නින්ජා හමුදාවේ සහායෙන් භූගත රොකට් කම්හල සහමුලින්ම විනාශ කර දැමීමට බොන්ඩ් සමත් වෙයි. ඒ වන විටත් කක්ෂයේදී පැහැර ගැනීමකට ලක්වෙමින් තිබුණ අමෙරිකානු යානය බේරා ගැනීමටත් ඒ අනුව අමෙරිකාව හා රුසියාව අතර ඇවිලීමට ගිය යුද්ධය සමථයකට පත් කිරීමටත් හැකි වන්නේ බොන්ඩ් සිදු කළ මෙහෙයුමේ සාර්ථකත්වය නිසාවෙනි. එහෙත් අවසන් මොහොතේ රහස් උමගක් ඔස්සේ බ්ලොෆෙල්ඩ් පැන යන නමුදු රටවල් අතර සංහිඳියාව සනිටුහන් කරමින් බොන්ඩ් තම වගකීම අකුරටම ඉටු කරන අයුරු ‘යූ ඔන්ලි ලිව් ට්වයිස්’ චිත්‍රපට කතාවෙන් විදහා දැක් වෙයි.
ලුවිස් ගිල්බට් වෙත චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පවරමින් බ්‍රොකොලි කියා සිටියේ ‘ඔබට මේ අවස්ථාව කිසිසේත් අත හරින්න බෑ. ලෝකය පුරා විශාල රසික පිරිසක් මෙය එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටිනවා’ යනුවෙනි. කලින් බොන්ඩ් චිත්‍රපට පහම සංස්කරණය කළ පීටර් හන්ට් ගේ විශ්වාසය වූයේ ද අධ්‍යක්ෂණයට එකම සුදුස්සා ලුවිස් ගිල්බට් බවයි. ඒ අනුව දර්ශන තල පිරික්සීම සඳහා හැරී, බ්‍රොකොලි, ගිල්බට්, නිෂ්පාදන සැලසුම්කරු කෙන් ඇඩම් සහ කැමරා ශිල්පී ෆේරඩී යං යන අය ජපානය වෙත පිටත්ව ගියා.
මෙම සුරූපී නිළියන් නිෂ්පාදකවරුන් හට ලබා දුන්නේ ජපානයේ සුප්‍රකට ටෝහෝ චිත්‍රාගාරය විසින්. ප්‍රථම වරට බොන්ඩ් ඉදිරියේ මුහුණු ආවරණය ඉවත් කරමින් පෙනී සිටින ‘බ්ලොෆෙල්ඩ්’ ගේ චරිතය සඳහා හැරී විසින් තෝරා ගෙන තිබුණේ ජෑන් වෙරිච් නම් නළුවෙක්. ඔහු යොදාගෙන පටිගත කරන ලද කොටස් නැරැඹූ සියලු දෙනාම කියා සිටියේ ඔහු සුදුසු ප්‍රතිවාදියාගේ චරිතයට නොව නත්තල් සීයාගේ චරිතයට බවයි. ඔහු වෙනුවට ආදේශ කරගනු ලැබුවේ ‘ග්‍රේට් එස්කේප්’ වැනි ජනප්‍රිය චිත්‍රපටවල රඟපෑ ඩොනල්ඩ් ප්ලෙසන්ස් නම් දක්ෂ නළුවායි. වේශ නිරූපණ ශිල්පියා ඔහුගේ හිස බූ ගා ඇස හා කම්මුල හරහා ගැඹුරු කැළැලක් මතු කරමින් ඔහුගේ මුහුණට දරුණු පෙනුමක් ලබා දුන්නා. ඇස වටා තැවරූ ගම් තට්ටුව නිසා තමා බලවත් අපහසුතාවයකට පත් වූ බව ඩොනල්ඩ් කියා සිටියා. එහෙත් ඔහු සාර්ථක රඟපෑමක් ඉදිරිපත් කිරීමට සමත් වුණා.
ලබන සතියේ . . . |



‘යූ ඔන්ලි ලිව් ට්වයිස්’ ජේම්ස්
බොන්ඩ් කතා මාලාවේ පස්වැනි
චිත්‍රපටයයි. අමෙරිකානු
පර්යේෂණ අජටාකාශ
යානාවක් ගගනගාමීන් ද සමඟ
පෘථිවි කක්ෂයේදී අතුරුදන් වීමත්
ඉන් නොබෝ දිනකට පසු කක්ෂ ගත
කෙරෙන රුසියානු යානයකුත් එලෙසම
අබිරහස් ලෙස අතුරුදන් වීම නිසා දෙරටෙහි
ආරක්ෂක අංශ එකිනෙකා වෙත එල්ල කරන
චෝදනා මතුයෙහි පැන නගින මතභේදය
වටා චිත්‍රපට කතාව
විකාශනය වී ඇත.
ලෝක නායකයින්ගේ හදිසි රැස්වීමේදී බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය පෙන්වා දෙන්නේ මෙම
ක්‍රියාව පසුපස වෙනත් රහස් සංවිධානයක් ඇති බවයි. ජපානය අවට මුහුදු සීමාවේදී එම යානා
රේඩාර් තිරවලින් අතුරුදන් වීම එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙයි.
ඒ අතර සතුරන් විසින්
අකිකෝ ඝාතනය කළ පසු වෙස් වලා ගත් බොන්ඩ් සුරූපී ධීවර තරුණියක් වන කිසී සුසුකි සමඟ
ජපන් චාරිත්‍රානුකූලව විවාහ වන්නේ තවදුරටත් මෙහෙයුම් සාර්ථක කර ගන්නා අටියෙනි.
‘කිසී’ ද ජපන් රහස් ඔත්තු සේවයට සම්බන්ධ තරුණියකි. ඇගේ මග පෙන්වීමෙන්
SPECTRE
රහස් සංවිධානයේ ප්‍රධානී බ්ලොෆෙල්ඩ් ගේ භූගත රහස් තිප්පොළ සොයා ගැනීමට බොන්ඩ් සමත්
වෙයි.
පස්වැනි බොන්ඩ් චිත්‍රපටය ලෙස ඉඔන් ප්‍රඩක්ෂන්ස් සමාගම තෝරා ගෙන තිබුණේ ‘ඔන් හර්
මැජෙස්ටිස් සීක්‍රට් සර්විස්’ චිත්‍රපටය වුවත් එහි හිම කඳු ආශ්‍රිත දර්ශන සහ හිමේ
සිදුවන සටන් විශාල ප්‍රමාණයක් ඇතුළත් හෙයින් ඒ වෙනුවට ඔවුන්ගේ විකල්පය වූයේ ‘යූ
ඔන්ලි ලිව් ට්වයිස්’ චිත්‍රපටයයි.
සති තුනක පමණ කාලයකින් අවශ්‍ය ස්ථාන පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඔවුන් සමත්
වුණා. සිරිත් පරිදි ජේම්ස් බොන්ඩ් ලෙස ෂෝන් කොනරිත් ප්‍රධාන නිළි චරිත වන ‘අකී’ ලෙස
අකිකෝ වකාබයාෂිත් මිහාමා, බොන්ඩ් හා විවාහ වන ධීවර තරුණිය ලෙසත් රංගනයට තෝරා
ගැනුණා.