|
මිටි දෙන්නයි ප්‍රශ්න වැලයි
දෙදෙනා අතරමග කඩයකටත් ගොඩ වුණා. මේ කඩේ හිටිය අය සමඟත් මිහිරයි, රජිතයි කතාබහට වැටුණා. එක පාරටම ටිකක් තලතුනා පුද්ගලයෙක් මිහිර ළඟට ආවා. ඇවිත් මෙහෙම ඇහුවා. මිහිර මහත්තයා නැගිටින්නකෝ . . .
උ අඩි පහයි. පිංපොංගේ උස. එයත් අඩි පහයි. ඈ මහත්තයෝ මම අහන්නමයි හිටියේ, ඇයි මේ ලංකාවේ විකට නළුවෝ හැමෝම අඩි පහට වඩා උස යන්නේ නැත්තේ. දැන් බලන්නකෝ ෆේරඩී සිල්වා, ජනෙෂ්, ටෙනිසන්, ගිරාරාජ්, රොඩ්නි, බන්දු, ප්‍රියන්ත, ඇන්ටන් ජූඩ් මේ හැමෝම උස නැහැනේ . . . ඔයත් එහෙමමනේ . . . මේ කතාවට මිහිරට කට උත්තර නැති වුණා. මිහිරයි, පිංපොනුයි තවම අර උස නැති පැනයට උත්තර හොයනවලු. උත්තර දන්න කෙනෙක් ඉන්නවා නම් මිහිරට කිව්වත් කමක් නැහැ. පිංපොංට කීවත් කමක් නැහැ.
|