|
රඟපාමුඔබේ රඟපෑමේ සිහිනය සැබෑ කර දීම අපගේ උත්සාහයයි
හීනය සැබෑ කළ හංසනී
සුන්දර සීතල මාතලේ ඉපිද තවමත් සිය අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින හංසනී තවමත් 16 වැනි වියේ පසුවන දැරියකි. කලා ක්ෂේත්‍රයේ දිගු ගමනකට සැරැසෙන ඇය මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ කලා අංශයෙන් උසස් පෙළ හදාරණ ශිෂ්‍යාවකි. රංගනයට මෙන්ම නිවේදනයට උපන් හපන්කම් දක්වන හංසනී මේවන විට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිර්මාණ රැසකට සිය දායකත්වය ලබා දී තිබේ. වියපත් බඹරා, ආදරයේ නාමයෙන් සහ වැඩ බැරි ටාසන් චිත්‍රපට මෙන්ම ඇට්ලස්, කාල්ටන් රග්බි සෙවන්ස් වෙළෙඳ දැන්වීම් තුළින් ද හංසනී රංගන කුසලතා පෙන්නුම් කර තිබේ. මීට අමතරව ස්වාධීන රූපවාහිනී සේවයේ ‘ටිකිරි පැය’ වැඩසටහනේ නිවේදිකාවක් ලෙස ද කටයුතු කරයි. එමෙන්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇති ජෝෂප් පෙරේරාගේ ‘සබඳ බඹගුරු’ චිත්‍රපටයේ සහ ජී. නන්දසේනගේ ටෙලි නාට්‍යයක් තුළින් ද හංසනීගේ රංගන දස්කම් ඔබට දැක බලා ගැනීමට හැකි වනු ඇත. කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යන අතරදීම උසස් පෙළ විභාගයෙන් අනතුරුව නීතිඥ වෘත්තියේ නියැළීම වෙනුවෙන් සුදුසුකම් සපුරා ගැනීමට උසස් අධ්‍යාපන කටයුතුª සඳහා යොමුවීමට ඇය බලාපොරොත්තු වේ.
|