අග්‍රගණ්‍ය පරමාදර්ශී තිළිණයක්

රවීන්ද්‍ර, ජයන්ත මහතාට මුදල් තිළිණය ලබාදුන් මොහොත

මෙය අසිරිමත් මොහොතකි. එය අසිරිමත් මොහොතකැයි මා සඳහන් කරනුයේ වෙන අන් කිසිවක් නිසා නොව කෘතවේදීත්වය පිළිබඳ මෑත භාගයේ අසන්නට ලැබුණු හොඳම පුවත එය වීම නිසාය.

සෙවන දුන් ගසට පහර දී එය බිඳ හෙළන මිනිසුන් සිටින රටක තමන්ට සෙවන දුන් විසල් ගසක සිසිල වැඩි කරන්නට හැකි වෙත් නම් එය කෙතරම් අපූර්ව ගුණයක්දැයි අමුතුවෙන් කිව යුතු නොවේ.

පසුගිය දවසක කොළඹ නෙළුම් පොකුණේ එබඳු සුවඳ හමන මහා පින්කමක් සිදු විණ.

අපේ වත්මන් සිනමාවේ මහා රංගධරයාණෝ රවීන්ද්‍ර රන්දෙණිය පසුගියදා රිදී රැයක් ප්‍රසංග වේදිකාවේදී මහා සද්කාර්යයකට මුල පිරූහ.

රිදී රැයක් ප්‍රසංගයෙහි මූලික අරමුණ වන්නේ මෙරට නළු නිළියන් වයස්ගත වීමත් සමඟ ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම සඳහා අවශ්‍ය අරමුදල ගොඩ නැංවීමයි.

 අතුරු සිදුරු නැතිව එදා රිදී රැයක් නරඹන්නට නෙළුම් පොකුණට ප්‍රේක්ෂකයෝ රැස් කකා සිටියහ.

ඒ මොහොතේ රවීන්ද්‍ර රන්දෙණිය එකී අරමුදලට සුවිශේෂී පරිත්‍යාගයක් කළේය. ඒ රුපියල් මිලියනයකිනි.

කැළුම් ශ්‍රීමාල්, සිනෙස්ටාර් සංගමයේ සභාපති ජයන්ත ධර්මදාස සහ රවීන්ද්‍ර රන්දෙණිය

මෙම පරිත්‍යාගයෙහි සුවිශේෂත්වය වනුයේ රවීන්ද්‍ර රන්දෙණියන් ජනාධිපති උපදේශකවරයකු ලෙස ඔහුට ලැබෙන්නා වූ හිමිකම් දීමනාවයි.

සිනමාවේ උන්නතිය උදෙසා අතිගරු ජනාධිපතිතුමන් විසින් රවීන්ද්‍ර රන්දෙණිය නම් මහා නළුවාණන් මෙකී තනතුරට පත් කළ ද ඔහු එම තනතුරට හිමි වැටුප හෝ වෙනත් දීමනා හෝ කිසි කලෙක ලබා ගත්තේ නැත.

ඔහු එදා රිද්ම රැයක් ප්‍රසංගයේදී නළු නිළි සංගමයේ අරමුදලට තිළිණ කළේ එම මුදලයි. තමාට සෙවන දුන් සිනමාව නමැති විශාල ගසට පෙරළා සිසිල සදන්නට උපකාරී වූ මෙබඳු මහෝපකාරයන් අප ගෞරවයෙන් අගය කළ යුතුය.

ඒවා මතු පරම්පරාවට ද ආදර්ශයකි. එය මාපිය උපස්ථානයක් සේ සැලකේ.

මෙදින රිද්ම රැයක් ප්‍රසංගයේදී බර්ටි ගුණතිලක හා ජේ. එච්. ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නළු දෙපළ පරිත්‍යාග ලදහ.

ජේ. එච්. ජයවර්ධනයන්, ආර්. ආර්. සමරකෝන් ගේ ඉඩම නාට්‍යයේ රඟපාද්දී ඔහුගේ පුතු ලෙස රඟපෑවේ රවීන්ද්‍ර රන්දෙණියයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    චිත්‍රපට

    මතු දිනෙක

    රංග කලාව