බිලි ගන්නා මුහුදු වෙරළක උපේක්ෂා දියඹට ඇදිලා

ඉනෝකා සත්‍යාංගනී ගේ සින්ඩ්‍රෙල්ලා

රිදී තිරයට පෙම් බැන්ද ඉනෝකා සත්‍යාංගනී අලුත් වැඩකට අත ගහලා පසුගිය දවස්වල ආරංචි බොහොමයි ‘සින්ඩ්‍රෙල්ලා’ ඒ සිහිනය එළි වෙන්නයි යන්නේ තව ටික දවසකින්. දින 27 ක් තිස්සේ සමහර මාසවල කඩින්කඩ.

තවත් සමහර දින දහසයක් පුරාවට. හරියට සිව් මසක් ගියා රූගත කිරීම්වලට. ඉනෝකා ඇතුළු සෙට් එක කරක් ගැහුවා තංගල්ල, හම්බන්තොට, ගාල්ල කොළොම්පුරවරයේ හැම තැනම.

ඊටත් ඉස්සර ඉනෝකාත්, අකලංකත් සාකච්ඡා කළා. රංග විධි ක්‍රම, චරිතයක් රඟ නොපා ජීවය පොවන හැටි. ඒ විතරක් නෙමෙයි, චන්දුල මීගස්වත්තගේ භූමිකාවට ආදර්ශය සපයන චිත්‍රපට පනහක්, හැටක් නරඹන්නත් අකලංකට සිදු වුණා.

මේ විදියේ අත්දැකීම් රාශියක් එක්ක හැප්පුණු අකලංක ගණේගම කියන ආදරණීය ක්‍රිකට් ක්‍රීඩකයා ලොකේෂන් එකට ආවා චන්දුල මීගස්වත්තට පණ පොවන්න.

අපේ අධ්‍යක්ෂවරිය ඇක්ෂන් කිව්වා. අකලංක , චන්දුල මීගස්වත්ත වුණා. එක පාරක්, දෙපාරක්

ඒ විතරක්ද?

සමහර වෙලාවට දර්ශන වාර දොළහකටත් ගිය අවස්ථා එමටයි.

මේ හින්දම ඇතැම් වෘත්තීය රංගන ශිල්පීන්ට මේක හරිම හිරිහැරයක්.

සිත් රිදවීම් ඇති වුණු අවස්ථා නැතිවම නොවෙයි. ඒත් අද ඈ බොහොම තෘප්තිමත් අධ්‍යක්ෂවරියක්.

ඒ කළ හැම කැප කිරීමකම ප්‍රතිඵල බොහොම සොඳුරු නිසා තිරය පිටුපස්සේ සිද්ධ වුණු මේ දේවල් අතර තවත් නම් කොච්චරද?

මේකත් ඒ වගේ දෙයක්.

දකුණු පළාතේ සුන්දර වෙරළේ බොහොම අපූරු තැනක් ඒක. ගල්කුළක්. හරියටම හුම්මානය වගේමයි. දකින අය එහෙම කිව්වා.

වරින් වර, වරින් වරවිශාල ජල කඳක් අහසට විහිදුණා. මගේ වැඩේට කියාපු තැන එහෙම කිව්වේ අධ්‍යක්ෂවරිය. මොකද? කියන්නේ, ඈ ප්‍රශ්නය යොමු කළේප්‍රධාන භූමිකා දෙකට.

අකලංක, උපේක්ෂා

ඔළුව වැනුවා. ඒත් උපේක්ෂාගේ අම්මගේ නම් හිතේ ඒ තරම් සතුටක් තිබුණේ නෑ. ලිස්සන සුළු ගල් කුළේ කකුළක් ලිස්සුවොත් තෙරක් නොපෙනෙන මුහුද පතුලේ නවතින වගට ආයේ සැකයක් නෑ.

කොහොමින් කොහොම හරි රූගත කිරීම්වලට හැඩ ගැසුණා. කැමරා අධ්‍යක්ෂ එක තැනක කැමරාව ඇටෙව්වා.

කාර්මික ශිල්පීන් කඩිගුලක් වගේ එහෙ මෙහෙ දිව්වේ ඉක්මනින්. මේ අතර නිශ්චල ඡායාරූප ශිල්පියා ජයන්ත ධර්මවර්ධන වට පිට බැලුවා.

අපූරු තැනක් කියලා කියන්න කට ගත්තා විතරයි, වේගයෙන් මතුවුණු ජල කඳ විසිරිලා ගියේ මොර ගෙඩි තරම් වැහි බිඳු වැස්සකින්. හරියටම හැමෝම තෙමිච්ච කුකුළන් වගේ.

ඒ අය දැක්ක කවුරු වුණත් කියනවා නම් සිකුරුයි. ඒ වැස්සට හරි වැඩක් වුණා. ජයන්ත ධර්මවර්ධනගේ කැමරාවත් ඒ වැස්සට නෑවුණා.

ඒ විතරක් නම් කොහෙද, පින්තූර ගන්නත් බැරි වුණා. ඒ වුණාට දර්ශනය බොහොම සුන්දර ලෙසට රූපගත වුණේ හරි අපූරුවට.

මේ සිද්ධිය නම් වුණේ මීගමුවේ වෙරළ ආසන්නයේමයි. රතුපාට කොඩිය අනතුරු ඇඟෙව්වා. මෙතන නැවතුණ කට්ටිය දැක්ක කවුදෝ කෙනෙක් මෙහෙම කිව්වා.

‘මහත්තයෝ ඔතන බිලි ගන්නා තැනක්’ අධ්‍යක්ෂවරිය උපේක්ෂාගේ මුහුණ බැලුවා. හරියටම මගේ වැඩේට නියම තැන කියන්නා වගේ.

දෙපාරක් හිතුවේ නෑ. උපේක්ෂා සූදානම් වුණේ එක පයින්ම. එක දර්ශනයක් රූගත වුණේ කරදරයක් නැතිවමයි.

මේ අතර චණ්ඩ රළ තවත් චණ්ඩ වුණේ එක පාරටම. උපේක්ෂාව ගහගෙන ගියා ගැඹුරු මුහුදට. අකලංක පැන්නා මුහුදට ගොඩට ආවේ උපේක්ෂාව ඇදගෙන.

හැමදේටම වඩා ඔවුන් කළ කැප කිරීමට උපේක්ෂාටත්, අකලංකටත් මගේ ස්තූතිය හිමි වෙන්න ඕන හදපත්ලෙන්මයි.

ඊළඟට වඳුරු නැටුමක්. වඳුරු නටවන්නා සමන් හේමරත්නට වඳුරු නැටුමක් පුරුදු කරන ගමන්, හදිසියේම මේ වඳුරා හපා කෑවා සමන් හේමරත්නගේ අත.

හැමෝටම හරිම පුදුමයි. මේ තරම් හීලෑ වඳුරා අත හපා කෑවා.

ළඟම තිබෙන රෝහලට අරගෙන යමු. ඉනෝකා කිව්වා. නෑ, නෑ ඕන නෑ. පොඩ්ඩයි තුවාල වුණේ. ෂූට් එක කරමු කියලා කෑ ගැහුවේ සමන් හේමරත්න.

කැමරා ඇක්ෂන් අයෙත් පාරක් වඳුරා අත හපා කෑවා. ෂූට් එක ඉවර වෙනකම් කිහිප වරක්ම ඒ දේ වුණා. අන්තිමට ඉක්මනින් රෝහල් ගත කළේ සමන් හේමරත්නව.

රෑ 9.00 වනතුරු ඔහු රෝහලේ. එන්නත් හයක්. ජීවිතේට ඒ වගේ වේදනාවක් වින්ඳම තමයි ඒ. සමන් හේමරත්නට කියැවුණේ ඉබේටම වගේ.

තවත් ඇබැද්දියක්. ඒ ජයනි සේනානායකට. ‘අක්කේ මම කොහොම හරි එනවා’ ඉනෝකට දුරකතන ඇමතුමක්.

ඔපරේෂන් එකට දින නියම වුණත් ජයනි කිව්වා. ඈ වෙස්වලා ගත්තා අහිකුණ්ඨික ගැහැනියකට.

ඇණ තියාගෙන තමයි වැඩි වෙලාවක් ඉන්න වෙන්නේ. එහෙම කිව්වේ අධ්‍යක්ෂවරිය. තිතට රඟපෑවා ජයනි.

ඔවුන්ගෙන් සමුගත්තා. ඒ වේදිකාවට. ඊළඟට රෝහලට. කවුරුත්ම දන්නේ නෑ කාලය ගෙවිලා ගියා.

හාවක් හූවක් නැති ජයනිට දෙන්න ඕන ඇමතුමක්. ආවදාම මම අක්කේ රෝහල් ගත වුණා. ඈ කිව්වේ සිනහ වෙවී.

‘පුදුම ළමයෙක්’ ඉනෝකට කියැවුණා. තමන්ගේ ලෙඩේට වඩා වැඩේට මුල් තැනමයි. ජයනිත්, සමන්තත්, පිළිබඳ මතකය ඔවුන් කළ කැප කිරීම් මා පුදුමයට පත් කළා.

දහස් වාරයක් ස්තුති කළ යුතුයි.

එපමණක්ද?

කාර්මික ශිල්පීන් ඇතුළු හැමෝටම. අවසානය කරා එන්නට සහයෝගය දැක් වූ නොදැක් වූ හැමෝටමත් මම සුබ පතනවා. ඉනෝකා කිවුවේ අවංක සිතින්මයි. මේ තරමට කැප කිරීම් කරපු ‘සින්ඩ්‍රෙල්ලා’ බලන්න අපි ආයෙත් හමු වෙමු.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    චිත්‍රපට

    මතු දිනෙක

    රංග කලාව