වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




 ප්‍රතිචාර

0752805047 යන අංකයට දිනපතා අති විශාල ප්‍ර‍්‍රමාණයක ප්‍රතිචාර අදහස් ලැබෙයි. ඒවා අතර නමක් සඳහන් නොවන ඒවා ද තිබේ. එම කෙටි පණිවුඩ මෙහි සටහන් කළ නොහැකිය. එහෙයින් කෙටි පණිවුඩ (එස්. එම්. එස්.) ප්‍රතිචාර එවන විට නම සහ ගම් ප්‍රදේශය සටහන් කිරීමට මතක තබාගන්න.

ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනයට තැපැල් හෝ සටහන් පත් වෙනුවෙනි.

බලවත් අසාධාරණයක්

සිංහල සිනමාවේ ප්‍රධාන නළුවන් සමඟ සටන් වැදුණු විල්සන් කරූ, ටෙඩී විද්‍යාලංකාර, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සුමිත් මුදන්නායක, සරත් සිල්වා, ගාමිණී කුමාර, ලාල් කුමාර, සිසිර කුමාරතුංග වැනි දක්ෂ සටන් නළුවන් කිසිම මාධ්‍යයකින් අගැයීමට ලක්කර නොමැත. එය බලවත් අසාධාරණයකි.

නවරත්න

කුරුණෑගල

බන්දුට දීර්ඝායු වේවා

කස්තුරි සුවඳ චිත්‍රපටයෙන් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වී, පුංචි තිරය වේදිකාව තුළින් ප්‍රේක්ෂකයාව හාස්‍යෝත්පාදක සයුරක ගිල්වා පසුව අධ්‍යක්ෂවරයකුගේ ද භූමිකාවට ඇතුළත් වූ බන්දු සමරසිංහට දීර්ඝායු පතමි.
 

පාලක සමන් පෙරේරා

හැඳල

නිහාල්ගේ ගීත අර්ථවත්

නිහාල් නෙල්සන් කලාකරුවාගේ වසර පනහක් වූ ගායන දිවියට මා පළමුව සුබපතමි. ඔහු මා දන්නා පරිදි එදා මෙදාතුර කලා ලොවෙත්, ප්‍රසංග වේදිකාව තුළත් එකසේ ජනප්‍රියත්වය රඳවාගෙන සිටින කලාකරුවකු බවයි මාගේ පුද්ගලික මතය. ඇත්තටම ඔහු බයිලා ගායකයකු ලෙස ජනාදරයට පත්ව ඇතත් මා ඔහු දකින්නේ ඉතා උසස් ගණයේ ගීත ගැයූ කලාකරුවකු ලෙසිනි. කිරි දුන්නේ දරුවන්ටයි, කරුණා සුවඳ තවරාලූ, පන්සල පල්ලිය කෝවිල හැමතැන, ලස්සනට පිපුණු වනමල් ආදී ගීත ඒවාට උදාහරණ වේ.
 

අජිත් ලක්මාල්

මීගමුව

‘චායා’ අහිංසකයි

චායා ටෙලි නාට්‍යයේ චායා ලෙසින් රඟන මහේෂි මධුසංකාගේ අවිහිංසක රංගනය එකී චරිතය තුළින් මොනවට පැහැදිලි වේ. සිනමාවෙත් පුංචි තිරයෙත් දීර්ඝ ගමනක් ඇය තුළින් විද්‍යාමන වෙයි.
 

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

මෙහෙම කරන්න එපා

ඇතැම් විද්‍යුත් මාධ්‍යවල සිටින නිවේදක නිවේදිකාවන් මෑතකාලීන ඉතිහාසය පවා දන්නේ නැත. චිත්‍රපටයක් දෙකක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන්ට ප්‍රවීණ අධ්‍යක්ෂවරු යැයි ද ඔවුන් පවසති. තවත් සමහරු පැරැණි ගීත වාදනය නොකොට එහි රීමේක් කළ ගීත ප්‍රචාරය කරති. නිවේදක නිවේදිකාවන්ට සමාජයට එල්ල කළ හැකි බලපෑම් අති මහත්ය. එවන් වූ තත්ත්වයක් මත ඔවුන් කරනුයේ මහජනතාව නොමග හැරීමකි.
 

කසුන් අකලංක

පාසිකුඩා

ජූඩ් නැතුව වසරක් ගෙවී ගිහින්

‘සකිසඳ මඬල’ තුළින් අපට පූර්ණ රසාස්වාදයක් ගෙන එමින්, පොඩි දරුවන්ට අසීමිත සෙනෙහසක් පෑ, අයිෂ් අම්මා ගුණ්ඩු ගීතයෙන් රටක් පින වූ ඇන්ටන් ජූඩ් කලාකරුවා අපෙන් වියෝ වී මෙම මස 20 වැනිදාට වර්ෂයක් සපිරෙයි. ඔහු නැතිව අවුරුද්දක් ගෙවුනාදැයි සිතා ගත නොහැකිය.
 

ඩඩ්ලි ගෝමස්

මොරටුව


මේ SMS ප්‍රතිචාර තීරයයි

සංගීත දිවියේ පණස් වසරක් සම්පූර්ණ කළ නිහාල් නෙල්සන්ට දීර්ඝායුෂ පතමි.

අමා

කෑගල්ල

ජාතික රූපවාහිනියේ විකාශය වන පාරමිතා වැනි ගීතාත්මක හරසරණියක් සහෘද රසිකයන් හැමෝටමත් ගීතයේ සොඳුරු රසයක් සොයන්නටත් මහඟු ආශිර්වාදයකි.

ප්‍රදීප්

නුවර

පිටපත හොඳයි නම් නළු නිළියන් හොඳයි නම් මෙගා වුණත් හොඳ වෙනවා. ඒ කියමන සඳා නාට්‍යයට මනාව ගැළපෙනවා. එනමුත් නළුවෝ නිතරම එකම වාක්‍ය කියවන්නට යාම නීරසයි. දැන් ඒක හැම නාට්‍යයකටම පොදු වෙලා.

සාගර

මැදගොඩවත්ත

එකම යුගයක සිනමාවට පැමිණි මැණික්, ගෝතමී, නදීකා ඔබ තිදෙනා රඟපාපු වජිරා, බට්ටි, තනි තරුව වැනි චිත්‍රපට ඉතාම ලස්සනයි.

හෙන්රි

පෑලියගොඩ

සම්පත් ජයවීර විශිෂ්ට නළුවෙකි.

හේමා

වල්පොළ

අදත් හෙටත් මතුදාත් ජෝති අමරණීයයි.

තුෂාර

දිවුලපිටිය

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ නන්ද කුමරුගේ චරිතය රඟන රොෂාන් රණවනටත් චන්න ඇමති වූ සාරංග දිසාසේකරටත් එවන් වූ චරිත තවත් ලැබී සිය හැකියාව ප්‍රකට කිිරීමට ලැබේවා.

නිලුකා

අවිස්සාවේල්ල

නිහතමානි නළු නිළියන් අතර උමයංගනා වික්‍රමසිංහ, රන්ජන් රාමනායක, කාංචනා මෙන්ඩිස්, චන්දික නානායක්කාර ඉදිරියෙන්ම සිටියි.

විමලසේන හපුතන්ත්‍රි

අත්තනගල්ල

සුසිල් ගුණරත්න නම් ප්‍රවීණ පුවත්පත් කලාවේදියා අපෙන් සමුගෙන වසර පහක් ගත විය. ඔබ කළ සේවාව ඉමහත් වූ අතර ඔබේ සොඳුරු මිනිසත්කම හි සුවඳ අද ද අප අතරය.

වික්‍රම

මිද්දෙණිය

ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායකයාගේ කටහඬ මා මෙතෙක් අසා තිබෙන මිහිරිම කටහඬ වුවත් ඔහුගේ නිර්මාණ ගැන නම් මට සෑහීමකට පත් විය නොහැක. ඔහුට මීට වඩා වැඩි යමක් කරන්න තිබුණා.

අකලංක

කිරිඳිවැල

ඉසුරු සංග්‍රාමය ටෙලි නාට්‍යයේ මේධාවිගේ චරිතය රඟන පූර්ණිකා පීරිස්ගේ රංගනයහි නවක බවක් පෙනෙන්නට නැහැ. ඔබත් අක්කා චතුරිකා වගේම දක්ෂයි.

සහනි හසාරා

මීපවෙල

පෝද්දල

හැට හැත්තෑව දශකවල බොදු ගීතයෙන් දැයම පිබිදූ අපව බුදු සිහිලෙන් නැහැ වූ මොහිදින් බෙග් ගායන විරුවාණෙනි, සදාකාලිකයි, ඔබ සදාකාලිකයි.

සරත් මද්දුමආරච්චි

මතුගම

ශේෂද්‍රිට රඟපාන්න ගැළපෙන්නේ පුබුදු චතුරංග අයියයි.

නිශාන්

පොල්ගහවෙල

කෝකිල පවන් ජයසූරිය සහ සත්සර පවන් ජයසූරිය යන අයියා මලෝ දෙන්නට රංගනයෙන් පැහැදිලි අනාගතයක් තිබෙනවා.

ෆාතිමා

වැලිගම

සිහිනපුරය තව තවත් දිනේවා.

ඉෂාන්

පානදුර

අංජුලා රාජපක්ෂට

ඔබ මේ දිනවල විකාශය වන සුදුයි උසයි ටෙලි නාට්‍යයේ රඟපානව හරිම ලස්සනයි. ඔබ එන්න එන්න හැඩ වෙනවා. ඉස්සරට වඩා හැකියාව ද දියුණු වෙලා.

විරාජ් දුෂ්මන්ත

හලාවත

ජාතික රූපවාහිනියේ විකාශය වූ බොරලු පාර ටෙලි නාට්‍යය සාර්ථක කර ගන්නට වෙහෙස වුණු සියලු පිරිසට මාගේ ප්‍රණාමය.

රවී වසන්ත

මීටියාගොඩ

බාචි සුසාන් ශානිකා මධුමාලි සමඟ ගයන නිහඬ ගමනේ ගීතය කාලයකට පසු මා ඇසූ සුන්දරත්වයෙන් අනූන ගීයකි.

රොෂාන්

ගොතටුව

පාට පොදක් තිලකලා, කැන්දම් යන්නම් රන්මල් මාලා දාලා, කීන දං මිටක් ආදී ගීත ලියූ සෝමපාල ලීලානන්දයන් නැවතත් ගී ලියන්නට එකතු වන්න.

විශාඛා

දියතලාව

ටෙලි නාට්‍යයක ගුණ අගුණ තීරණය කළ හැක්කේ කොටස් ගණනින් නොව නිර්මාණශීලී ගුණය තුළිනි. එහෙයින් කොටස් තිහ හතළිහ වුව ද නොහොඳ නාට්‍යය තිබේ.

අමල්

කුරුණෑගල

මලී නාට්‍යයේ වැඩිම ප්‍රතිචාර ලැබූ ඩිංගිරි අම්මාගේ චරිතය රඟපෑ දුලීකා මාරපන තව තවත් සම්මානනීය වේවා.

ශානිකා
එඬේරමුල්ල