වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -104

සිංහල සිනමා විස්තරය -104

 

බඹා කෙටූ හැටි

තිරගත වූ දිනය – 1981 මාර්තු 21

ඉදිරිපත් කිරීම – නිරුපමා එන්ටර්ප්‍රයිසස්

නිෂ්පාදනය – ලලිතා පද්මිණී රාජපක්ෂ

අධ්‍යක්ෂණය - සුනිල් ආරියරත්න

කතාව, දෙබස්, තිර රචනය – කරුණාසේන ජයලත් (ඔහුගේ මෙනමින් යුත් නවකතාව ඇසුරිනි)

සහාය අධ්‍යක්ෂණය – ආනන්ද ෆොන්සේකා

කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද

කැමරා සහාය – එම්. ඩී. සුමතිපාල, ආරියදාස විතානගේ, කේ. ඩී. ප්‍රේමසිරි, ආර්. ආරියදාස

සංස්කරණය - සුමිත්‍රා පීරිස්

අංග රචනය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය – එරල් කෙලී

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද පරිපාලන සහාය – ඩී. එච්. ජයමාන්න, ඩබ්. ජී. පොඩි මහත්තයා, ගාමිණී පෝරගේ, විමල් රණවක

රසායනාගාර පාලක – එස්. තිරුනාවුකරසු (බී. ඇස්. සී.)

රසායනාගාර සහාය – වී. සිවදාසන්, පී. මුත්තුසාමි, ඩේවිඩ්සන් සිල්වා, සුනිල් පෙරේරා, රන්දෙනි ජයවර්ධන

සැකසුම – විජය චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

නාමාවලිය – ගුණසිරි කොළඹගේ

නිෂ්පාදන කළමනාකරණය - නේවේන්ද්‍ර සේනානායක

විදුලි ආලෝකය – ජී. එච්. කරුණාපාල, සෑම් ඩීන්

කැමරා සහ කාර්මික උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස් / ඩී. එන්. එෆ්. සී.

සංගීත අධ්‍යක්ෂණය – නන්දා මාලිනී ගෝකුල (ප්‍රථම වරට)

ගීත හා ගායන ශිල්පීන් - ප්‍රේමයේ නිජබිමේ සැරිසරනා - ඩබ්ලිව්. ඩී. අමරදේව - සුනිල් ආරියරත්න රන් දේදුන්නක් දිගහැර –  වික්ටර් රත්නායක – ධර්මසිරි ගමගේ ඈත සුන්දර සීත රටකදී – අබේවර්ධන බාලසූරිය - සුනිල් ආරියරත්න රෑ දුටු සිහිනේ හද පාරන – ටී. එම්. ජයරත්න / නිරංජලා සරෝජිනී පීරිස් - අජන්තා රණසිංහ

ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග - සරසවි චිත්‍රාගාරය

නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය (නිහාල්), මාලිනී ෆොන්සේකා (ධම්මි), ධර්මසිරි බණ්ඩාරනායක (සුගත්), ජෙනිටා සමරවීර (සුජාතා), සමන්ති ලැනරෝල් (මියුරියල්), රුක්මණී දේවි, සුමනා අමරසිංහ, මැණික් කුරුකුලසූරිය, රොබින් ප්‍රනාන්දු, නිරූපමා රාජපක්ෂ


සොල්දාදු උන්නැහේ

තිරගත කිරීම – 1981 අප්‍රියෙල් 10

ඉදිරිපත් කිරීම - සාරංග සලරූ

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – ධර්මසේන පතිරාජ

කතාව - එච්. ඒ. සෙනෙවිරත්නගේ ‘පරණ සොල්දාදුවෝ’ කෙටි කතාව ඇසුරිනි

තිර රචනය – එච්. ඒ. සෙනෙවිරත්න, ධර්මසේන පතිරාජ, ඩබ්ලිව්. ජයසිරි

සහාය අධ්‍ය්‍යක්ෂණය – ඩබ්ලිව්. ජයසිරි, ගාමිණී දෑල බණ්ඩාර

කැමරා අධ්‍යක්ෂණය – ජයනාත් ගුණවර්ධන සහාය එම්. ඩී. සුමතිපාල

සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු සහාය අතුල පතිරාජ

අංග රචනය – ඊබට් විජේසිංහ සහාය - රංජිත් මතඟවීර

කලා අධ්‍යක්ෂණය - සරච්චන්ද්‍ර සමරක්කොඩි

දළ සේයා පට සැකසුම – ගාමිණී ජයමාන්න

ශබ්ද පරිපාලනය – එස්. සාරංගරාජා

රසායනාගාර පාලක - ජෙරාඩ් ජයවර්ධන, වී. සිවදාසන්

සැකසුම - සරසවි චිත්‍රාගාරය / විජය චිත්‍රාගාරය

විශේෂ ශබ්ද සංකලන – තිලක් තලගල, රංජිත් එදිරිසිංහ

නිෂ්පාදන කළමනාකරණය – එච්. එස්. ප්‍රේමචන්ද්‍ර සහාය නිමල් ප්‍රේමසිරි

නිෂ්පාදන සැලසුම – දයා තෙන්නකෝන්

නිෂ්පාදක විධායක - කේ. ඒ. රන්තිලක

සහාය නිෂ්පාදනය – ආනන්ද වීරවර්ධන / මාලිනී පතිරණ

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත - මෙහි ගීත ඇතුළත් වූයේ නැත

නළු නිළියන් - ජෝ අබේවික්‍රම (සොල්දාදු උන්නැහේ), මාලිනී ෆොන්සේකා (පේමක්කා), හෙන්රි ජයසේන (විලී මහත්තයා), නීල් අලස් (සයිමන් අයියා), සිරිල් වික්‍රමගේ (ටැක්සි මල්ලි), ක්‍රිස් ග්‍රීට් (සුදු හමුදා නිලධාරියා), දයා තෙන්නකෝන් (සොල්දාදුවෙක්), නිහාල් ජයවර්ධන (රස පරීක්ෂක), රත්මලී ගුණසේකර, ජේ. එච්. ජයවර්ධන, සෝමසිරි දෙහිපිටිය, වනමලී එදිරිසිංහ, ඩබ්ලිව්. ජයසිරි, ලයනල් වික්‍රම, ජී.ටී. වික්‍රමසිංහ, යූ. ආරියවිමල්, තිලක් අධිකාරි, එම්. එස්. බාලසූරිය

ප්‍රදර්ශනය - සැවෝයි – වැල්ලවත්ත, මානෙල් - දෙමටගොඩ, නිව් මෙට්රෝ - නුගේගොඩ ඇතුලු සිනමා ශාලා 4 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.


අජාසත්ත

තිරගත වූ දිනය – 1981 අප්‍රේල් 10

ඉදිරිපත් කිරීම – ඒ. එස්. ජී. චිත්‍රපට

නිෂ්පාදනය –ඒ. එස්. ජී. වික්‍රමරත්න

අධ්‍යක්ෂණය - ජෝ මයිකල්

කතාව, දෙබස් සහ තිර රචනය - සිරිල් ඒ. සීලවිමල

සහාය අධ්‍යක්ෂණය – මයිකල් කඳනආරච්චි

කැමරා අධ්‍යක්ෂණය – ඩැනී ඩබ්ලිව්. පතිරණ

කාර්මික අධ්‍යක්ෂණය සහ සංස්කරණය – එම්. පී. රූපසේන

වේශ නිරූපණය සහ කොණ්ඩා සැරසිලි - කේ. සුබ්බයියා

කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය – එම්. ඊ. ඩෙනිස්ටන් පෙරේරා

නැටුම් අධ්‍යක්ෂණය – පිටිගල ජයසේන

ගීත පටිගත කිරීම, දෙබස් පටිගත කිරීම, ශබ්ද සංකලනය - ජෝර්ජ් මනතුංග සහාය ඩී. එච්. ජයමාන්න

රසායනාගාර කටයුතු - ඇස්. සිවදාසන්

සැකසුම – විජය චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරණය - ඩොනල් ඩයස්, එච්. ජී. විල්සන්

ප්‍රචාරක කළමනාකරු - එස්. ඒ. බෙනට්

ධාවන කාලය – පැය 2 වි. 30 දිග අඩි 14000

සංගීත අධ්‍යක්ෂණය – විශාරද සනත් නන්දසිරි

ගීත - මෝහයෙන් අන්ධ වූ දෑස් හැර - ඩබ්ලිව්. ඩී. අමරදේව - පද - සුනිල් ආරියරත්න ඈත රටින් ගෙනා හසුනේ – මල්කාන්ති නන්දසිරි, නීලා වික්‍රමසිංහ, රූපා ඉන්දුමතී, සකුන්තලා පීරිස් - පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මගධ දේශ බිම්බිසාර - සුජතා අත්තනායක – පද - ඩෝල්ටන් අල්විස් මහ මාළිගයෙන් මහ රජු - සනත් නන්දසිරි – පද - සිරිල් ඒ. සීලවිමල

නළු නිළියන් – ඔස්වල්ඩ් ජයසිංහ (අජාසත්ත කුමරු), සුමනා අමරසිංහ (බිම්බිසාර දේවිය), ඒ. එස්. ජී. වික්‍රමරත්න (පිය රජු), අග්‍රා සජීවනී අල්විස් (අජාසත්ත දේවිය), පියදාස ගුණසේකර (දේවදත්ත කුමරු), මාක් සමරනායනක (වාසල මහ ඇමැති), අරුණ ශාන්ති, ගුණපාල වීරසේකර, ලක්ෂ්මන් ආරච්චිගේ, තිස්ස උඩංගමුව, සුසිලා කූරගම, එල්. එච්. ප්‍රේමදාස, සුනිල් ලියනආරච්චි

ප්‍රදර්ශනය – ලිඩෝ - බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පාස්, විජිත, රත්මලාන, ක්වින්ලන් - නුගේගොඩ, රීගල් - මීගමුව, පබ්ලික්හෝල් - ගම්පහ, අප්සරා - හෝමාගම, රිගල් - මහනුවර, නිව් ඉම්පීරියල් - පානදුර, රීගල් - අම්පාර, පර්ල් - හලාවත, ප්‍රින්ස් - ගාල්ල, මිලානෝ - කෑගල්ල, නිව් ඉම්පීරියල් - රත්නපුරය, ජුපිටර් – කුරුණෑගල යන සිනමා ශාලා 15 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.