වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘ද නෙක්ස්ට් වොයිස්’ තරග බිමෙන් සමුගත් තාරකාව අරෝෂා නර්මදා

 ‘ද නෙක්ස්ට් වොයිස්’ තරග බිමෙන් සමුගත් තාරකාව අරෝෂා නර්මදා

අදින් ඇරැඹෙන මේ විශේෂාංගයේ සටහන් වනුයේ සිරස සුපිරි තරු සොයා යෑමේ පස්වන අදියර හෙවත් ‘ද නෙක්ස්ට් වොයිස්’ තරග බිමෙන් ඉවත්වන තැනැත්තා හෝ තැනැත්තිය පිළිබඳ වතගොතයි. පළමුව මෙම තීරය වෙන් වනුයේ අරෝෂා නර්මදාටයි. ඇය අවසන් තරගකරුවන් දොළොස් දෙනා අතරින් පසුගිය සෙනසුරාදා දින සැන්දෑවේ ඉවත් විය. මේ අරෝෂාව තවදුරටත් හඳුනාගන්න වෙලාවයි.

* සම්පූර්ණ නම?

ඒ. ආර්. අරෝෂා නර්මදා.

* පදිංචිය?

දංකොටුවේ ලිහිරියාගම.

* පාසල?

කිරිමැටියාන ශ්‍රීී ධර්මාරාම, සීදූව දවි සමර මහ විද්‍යාලය.

* පාසල් යන කාලේ සංගිතය ඉගෙන ගත්තද?

අපෝ නැහැ. මං ඩාන්සිං කළේ.

* එතකොට සුපර් ස්ටාර්වලට ආවේ?

මගේ අයියා මීට කලින් රියැලිටි තරගයකට ගියා. ඔහු ගයනවා දැකලා ආස හිතුණා. ඒ කැමැත්තට මමම අයැදුම්පතක් දැම්මා.

* මෙච්චර දුර එන්න ලැබෙයි කියලා හිතුවද?

කොහෙත්ම නැහැ.

* ඉවත්වුණ වෙලාවේ මොකද හිතුණේ?

ගොඩක් සතුටු හිතුණා.

* ඒ මොකද?

අවසන් 12 ට ආපු නිසා.

* විනිසුරු අසුනේ සිටි තුන්දනාගෙන් කවුද ඔයාට වැඩිපුර සහයෝගය දුන්නේ?

හේෂාන් සර් සහ ශිහාන් අයියා.

* නිරෝෂා කැමැති නැද්ද ඔයාට?

ඇයත් පුළුවන් විදිහට සහාය දුන්නා. ගොඩක් උදව් කළේ අර දෙන්නා.

* ඔබ වැඩිපුර කිව්වේ පිරිමි ගායකයන් ගැයූ ගීත?

මං ආසයි එහෙම ගීත ගයන්න. විශේෂයෙන් වෙස්ටන් ස්ටයිල් එක මට ගැළපෙනවා. අවසන් වතාවට මං වේදිකාවේ ගැයූ භාතිය සන්තුෂ්ලගේ සරා සිහින රහසේ ගීතයට ඉහළ ප්‍රතිචාරක් ලැබුණා.

* දැන් නර්තනය අතඇරලද?

උසස් පෙළ ලිව්ව ගමන් ගියේ සුපර් ස්ටාර්වලට. එදා ඉඳලා මේවෙනකම්ම මියුසික් තමයි ජීවිතේ.

* ඉදිරි සංගීතමය කටයුතු මොනවාද?

මේ වන විටත් ගීත දෙකක් නිර්මාණය කරමින් සිටිනාවා. ශිහාන් අයියා සහ රොෂාන් ප්‍රනාන්දු තමයි ඒවා හදන්නේ.

* ඔබව කාට හරි සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම්?

[email protected]  යන විද්‍යුත් ලිපිනයෙන් පුළුවන්.