වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 20 වැනිදා සෙනසුරාදා




චාමරගේ රාහු අ.යි.ටී.එන් අල්ලයි
මට මා අහිමි වී 24 දා
මිණිගං දෑලක ජීවන අන්දරය
ඉත්තෑවෙක් කියා දූරියන් බදාගත් දෙවැනි යුද්ධය
අසරණ ලොව මුතු අහුරක ඉරණම කෙබඳුද?
දෙයියෝ සාක්කි මේ දෙයියන්ගේ රටේ?
හතර දෙනෙක් ගැන හතර වරම් කතාවක් ඉලන්දාරියෝ
ඔබත් මමත් ඇයත්
බටහිර අහසේ අසිරිය වින්දෙමි
නිකිනියානේ ‘කැලෑහඳ’ මෝදුවන අයුරු කැන්දකැටියවත්තේ සිට බලා සිටියෙමි
පුංචි තිරය මත බටහිර අහස ඇඳි සිතුවම
මුලදී හැම තැනින්ම ප්‍රතික්ෂේප වුණා....
විසුවියස් කඳුපාමුල හැදෙන ගිනි ගත් ජීවිත අනාවරණය
තව දුරයි ජීවිතේ මා මෙතෙක් ලියූ ටෙලි නාට්‍යවලට වඩා වෙනස්
හුළං ගෙදර ලියූ ගාමිණී එස්. බණ්ඩාර
එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
අසරණ ලොව මුතු අහුරක ඉරණම කෙබඳුද?

අසරණ ලොව මුතු අහුරක ඉරණම කෙබඳුද?

දරුණු සුළි සුළං හමන විට ලොකු ගස්වල පවා හැදෙන පුංචි පුංචි මල් තැනින් තැන විසිරි යනවා සේම පවුල් බිඳ වැටෙනා විටදී අනාථයන් බවට පත් වන්නේ ද මල් වැනි වූ අහිංසක දරුවන්. සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රි 9.00ට දෙරණ නාලිකාවෙන් ගෙන එන 'මුතු අහුර' කියන්නෙත් අනාථ නිවාසයක වෙසෙනා මෙවැනි දැරියන් පිරිසක් ගැන කතාවක්. සිංහල බසින් හඬකවා 'මුතු අහුර' ලෙසින් ඔබ හමුවට එන්නේ තුර්කියේ Kırgın Çiçekler (Orphan Flowers) නමින් විකාශය කෙරුණු ටෙලි නාට්‍ය මාලාවයි.

පවුලේ සැමට ලේබලය යටතේ නිර්මිත Orphan Flowers මේ වන විට ඉරානය, ඉන්දුනීසියාව, හන්ගේරියාව, චිලී රාජ්‍ය, උරුගුවේ, පේරු ඇතුලුව ලොව පුරා රටවල් රැසක අවධානයට පාත්‍ර වී අවසන්. එය 2016 වසරේ අන්තර්ජාතික සෝල් සම්මාන උලෙළේ හොඳම ටෙලි නාට්‍ය මාලාව වෙනුවෙන් නිර්දේශ නාම අතරට ද ඇතුලත් වී තිබීමත් විශේෂත්වයක්. පසුගිය අප්‍රේල් මාසයේ සිට විකාශය ඇරඹි 'මුතු අහුර' මේ වන විට ලාංකේය රූපවාහිනි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නට සමත් ටෙලි නාට්‍ය මාලාවක් ලෙසින් පෙරමුණට පැමිණ තිබේ. මෙහි දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු වන අතරම වැඩිහිටියන්හටද දෙන්නේ ඔවදනකි.

මෙහි කතාව ගෙතෙන්නේ එවුලි, සොංගුල්, කදර්, සිම්රෙ සහ මෙරාල් ලෙසින් අනාථ නිවාසයක හැදි වැඩෙන යොවුන් දියණියන් පස් දෙනෙකු වටාය. තම සුළු පියාගේ අතවරයන් මවට පැවසීමත් සමඟින් නොසිතූ අයුරින් එවුලිහට අනාථ නිවාසය වෙත පැමිණීමට සිදු වන අතර වයස අවුරුදු පහේ සිටම සොංගුල් හැදී වැඩෙන්නේ එම අනාථ නිවාසයේ ය. කදර් සිය මව්පියන් කවුරුන්දැයි සොයන්නීය. නිරන්තරයෙන් සැපවත් ජීවිතයක සිහින දකින මෙරාල් කුඩා කල සිටම අනාථ නිවාසයේ ජීවිතයට හුරු වී සිටින්නීය. ධනවත් පවුලක එකම දියණිය වූ සිම්රෙහට ව්‍යාපාර අලාභයෙන් ණය වූ පියා සහ මවගේ වියෝවෙන් පසු ඥාතීන් ප්‍රතික්ෂේප කිරීම නිසා අනාථ නිවාසය වෙත පැමිණිමට සිදු වේ. අනාථ නිවාසයේ නියෝජ්‍ය පාලිකාව වන ෆරීදා සහ ගුරුවරයකු වන ටොප්රැක් නිරන්තරයෙන් මෙම දරුවන් වෙනුවෙන් කැප වී සිටියි.

විවිධ හේතුන් මත ලොව තනි වූ මෙම දැරියන් එකිනෙකා හමු වන අනාථ නිවාසය පවත්වා ගෙන යන්නේ, ධනවතුන් වෙසෙන ප්‍රදේශයකය. එනිසාම මෙම අනාථ දරුවන්හට නිරන්තරයෙන් ධනවත් පවුල්වල දරුවන්ගේ උසුළු විසුළුවට ද ලක් වන්නට සිදු වන්නේ දෛවයේ සරදමකට මෙනි. ධනවතුන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන පාසකට ඇතුළත් වීමට අවස්ථාව ලැබීමෙන් ඔවුන්ගේ ජීවිත තවත් අපහසුතාවට පත් වෙද්දී අධ්‍යාපන කටයුතුවලට අමතරව ජීවිතයට ද තවත් විශාල පාඩම් රැසක් ඉගෙන ගනිමින් ලෝකයට මුහුණ දෙන අයුරු අපටත් 'මුතු අහුර' ඔස්සේ දැකගන්න පුළුවන්. ආදරය, වැරදි වැටහීම්, අත්වැරදී, එකිනෙකාට ගරුකිරීම, අන් අයට උපකාර කිරීම ආදි බොහෝ දේ කාහටත් අපූරු පාඩමක් වන ලෙසින් ගෙත්තම් කළ Orphan Flowers ටෙලි නාට්‍ය මාලාවට ලොව නන් දෙසින් ප්‍රශංසා ලැබීම පුදුමයක් නොවෙයි.

Orphan Flowers ටෙලි නාට්‍ය මාලාවේ එවුලින් ලෙසින් පණ පොවන්නේ, 20 හැවිරිදි තුර්කි යොවුන් නිළියක වන බ්‍රියන් දම්ලා යේල්මස්. 25 හැවිරිදි ගොක්ස් අකිල්ඩේස් සොංගුල් ලෙසින්ද 27 හැවිරිදි හසාර් මෝතන් සිම්රේ ලෙසින්ද 21 හැවිරිදි චාලා ඉර්මාක් කදර් ලෙසින්ද අල්යානා සෝල්කර් මෙරාල් ලෙසින්ද චරිත නිරූපණය කරනවා. Orphan Flowers අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, සර්කන් බයිරෙන්සෙයාලි විසිනි. කතාංග 113කින් යුතු එය රූගන්වා ඇත්තේ තුර්කියේ විශාලතම නගරය වන ඉස්තාබුල්හිදී ය. තුර්කියේ දී එහි විකාශය නිමාකෙරුණේ පසුගිය මාර්තු මාසයේදීයි.

රවිහාර පෙරේරා (මාධ්‍ය රූප), ඩිලාන් ලොකුලියනගේ (හඬමුසුව හා සංස්කරණය), චතුරංගන ද සිල්වා (සංගීතය), අමිල රුවන් නන්දසේන (පද රචනය), සන්දීප් ජයලත් (ගායනය) ශෂිකලා වීරක්කොඩි (පරිවර්තනය හා දෙබස් පිටපත), මෞලිත ජයසුන්දර (නිෂ්පාදන සහය), චාමර නුගලියද්ද (හඬකැවීම් අධ්‍යක්ෂණය), චරිත් කොතලාවල (විධායක නිෂ්පාදනය), ෂර්මිලා ධර්මරාසා (නිර්මාණ අධීක්ෂණය) Orphan Flowers 'මුතු අහුර' ලෙසින් ලෙසින් ගෙන එන්නට කැප වී සිටිනවා. 'මුතු අහුර'ට හඬ දෙන්නේ, අචිනා නිශාදිකා, සචිත්‍ර වීරසිංහ, ස්නේහා වසුන්දරා, වසන්ති රන්වල, ඉනෝකා බොතේජු, රවිඳු චන්ද්‍ර ගාමිණි, ගීතා කාන්ති ජයකොඩි, ලක්මාල් වීරසිංහ, උදානි රත්නායක, මල්කාන්ති ජයසිංහ, සිලිඳු රන්වල, තාරුකී අමායා, මදාරා ජයරත්න, සුභාෂි නදීකා, දිනූෂි සුදර්ශනී, සුපුල් සස්මිත,මධුෂාන් ද සිල්වා, අශාන් චන්ද්‍රෙස්න, තිළිණ අධිකාරම්, විහංගි ඔනේත්‍රා, රන්දික මනුල, ජයන්ත අමරසිංහ, සින්දජා ශ්‍රී භාග්‍යා, සරණි හංසි, දිනිති නිම්නව්, ෂෙනාල් ගුණසේකර ඇතුළු පිරිසයි.