වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 25 වැනිදා බ්‍රහස්පතින්දා




චාමරගේ රාහු අ.යි.ටී.එන් අල්ලයි
මට මා අහිමි වී 24 දා
මිණිගං දෑලක ජීවන අන්දරය
ඉත්තෑවෙක් කියා දූරියන් බදාගත් දෙවැනි යුද්ධය
අසරණ ලොව මුතු අහුරක ඉරණම කෙබඳුද?
දෙයියෝ සාක්කි මේ දෙයියන්ගේ රටේ?
හතර දෙනෙක් ගැන හතර වරම් කතාවක් ඉලන්දාරියෝ
ඔබත් මමත් ඇයත්
බටහිර අහසේ අසිරිය වින්දෙමි
නිකිනියානේ ‘කැලෑහඳ’ මෝදුවන අයුරු කැන්දකැටියවත්තේ සිට බලා සිටියෙමි
පුංචි තිරය මත බටහිර අහස ඇඳි සිතුවම
මුලදී හැම තැනින්ම ප්‍රතික්ෂේප වුණා....
විසුවියස් කඳුපාමුල හැදෙන ගිනි ගත් ජීවිත අනාවරණය
තව දුරයි ජීවිතේ මා මෙතෙක් ලියූ ටෙලි නාට්‍යවලට වඩා වෙනස්
හුළං ගෙදර ලියූ ගාමිණී එස්. බණ්ඩාර
එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
මේ මමයි

මේ මමයි

ආදරය සොයා ගිය යුවතියකගේ යථාර්ථවාදී හෙළිදරව්ව

නෙත්මිණිට කිසිවෙකුගේ හව්හරණක් නොලැබෙන බව පසක් කරගන්නා දේවින්ද ඇයට අමානුෂික ලෙස සලකයි. නිතර පහර දෙයි. කාර්යාලයේ කිසිවෙකු සමඟ වැඩි කතාබහක යෙදුනත් තැන නොතැන නොබලා පහර දෙයි. මේ අතර නෙත්මිණි ගැබ් ගනී. එයින් අසතුටට පත්වන දේවින්ද දරුවා නැති කළ යුතු යැයි තර්ජනය කරයි.

නෙත්මිණි විජේවර්ධන ජනප්‍රිය සිනමා සඟරාවක හිමිකාරියක මෙන්ම සංස්කාරවරිය ද වෙයි. වයස අවුරුදු 30 ක් පමණ වන නෙත්මිණි සැමියාගෙන් වෙන්ව ජීවත් වන වයස අවුරුදු 7 ක පමණ පුතෙකුගේ මවකි. ජනප්‍රිය සම්මාන උලෙළකදී හොඳම සංස්කාරකට හිමි සම්මානය දිනාගන්නා නෙත්මිණිට තම අතීතය සිහිපත් වෙයි.

කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක කලා අංශයේ ඉගෙනුම ලබන නෙත්මිණි ඇතුළු පිරිස එක්ව සුහද හමුවක් සංවිධානය කරයි. ඒ සඳහා පැමිණෙන සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන ධනුක නම් වන තරුණයාගේ සිතහි නෙත්මිණි ගැන පැහැදීමක් ඇති වේ. නෙත්මිණිගේ සිත තුළ ද ඇති කැමැත්ත මත දෙදෙනා පෙම්වතුන් වේ. කුඩා කල සිටම දෙමාපියන් දික්කසාද වී ඇති හෙයින් නෙත්මිණි සහ ඇයට වසරකින් බාල නැගණිය හර්ෂි වෙසෙන්නේ තම මිත්තණිය සමඟය.

ධනුක ද නෙත්මිණිගේ වයසේ පසු වුව ද වැඩිපුර අධ්‍යාපනය හදාරන්නේ නොමැතිව තම යහළුවන් සමඟ එක්ව සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි.

ධනුකගේ ද මව්පියන් දික්කසාද වී සිටින හෙයින්, ධනුකත් ඔහුගේ බාල සොහොයුරා ධිනුකත් ඔවුන්ගේ මිත්තනිය සමඟ වෙසෙයි.

නෙත්මිණි තම අධ්‍යාපන කටයුතවලට බාධාවක් නොවන ලෙස තම පෙම් සබඳතාවය පවත්වාගෙන යයි. ධනුකගේ අසීමිත ආදරය හමුවේ නෙත්මිණි මහත් උද්යෝගයෙන් පසුවේ. ධනුකත් නෙත්මිණිත් පෙම් කරන්නේ අනාගතයේදී විවාහවීමේ අරමුණ ඇතිවය.

කාලය ගලා යයි. මේ අතර නෙත්මිණි සහ ධනුකගේ පෙම් සම්බන්ධතාවය ගැන දැනගන්නා ධනුකගේ මිත්තනිය ඊට තදින්ම විිරෝධය පායි. එයට හේතුව වශයෙන් ඈ දක්වන්නේ නෙත්මිණිගේ මව්පියන් වෙන්ව සිටීමයි. කුඩා කල සිටම මිත්තනියගේ රැකවරණය යටතේ හැදුණ වැඩුණ ධනුකට තම මිත්තනියට පිටුපාන්නට නොසිතේ. නෙත්මිණිට කෙතරම් ආදරය කළ ද මේ නිසාම ඔහු තම ආදර සබඳතාවය නවත්වා දැමීමට තීරණය කරයි.

මෙවන් පසුබිමක් හීනෙකින්වත් අපේක්ෂා නොකළ නෙත්මිණිට මෙය දරාගන්නට අපහසු වේ. අධික ලෙස කල්පනා කිරීම හේතුවෙන් හටගන්නා පපුවෙහි ආබාධයක් නිසා නෙත්මිණිව රෝහල් ගත කරන්නට පවා සිදුවේ. අලස ලෙස ජීවිතය ගෙවනා නෙත්මිණි උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන්නටත් පෙර රැකියාවක් සොයා ගන්නේ පුවත්පතක විශේෂාංග ලේඛිකාවක ලෙසයි.

කාලය ගෙවුණ ද නෙත්මිණිගේ සිත් කොනේ ධනුක පිළිබඳව ඇති මතකය වරින්වර ගෙන එන්නේ වේදනාවකි. මේ නිසාම ඈ නිතර අසනීප වී බෙහෙත් බොයි. දිනක ඈ කාර්යාලයේ ඇති කවුළුවෙන් පිටත බලා හිඳිද්දී අහම්බෙන් දකින්නේ ධනුකවය. එහෙත් ඔහු ඇයව නොදකී. මෙපමණ කලක් සිතෙහි සිර කරගෙන සිටි වේදනාව තවත් දරාගන්නට අපහසු වූ තැන සියදිවි නසා ගැනීමේ චේතනාවෙන් නෙත්මිණි තම අසනීපය වෙනුවෙන් ළඟ තිබූ බෙහෙත් කවරවල ඇති සියලු බෙහෙත් පෙති ගිල දමයි.

හදිසියේම එතැනට පැමිණෙන දේවින්ද සූරියබණ්ඩාර (පුවත්පතෙහි කර්තෘ) නම් තරුණයාගේ මැදිහත්වීම නිසා නෙත්මිණිගේ ජීවිතයට හානියක් සිදු නොවේ. එතැන් පටන් දේවින්ද නෙත්මිණිගේ ජීවිතයට සමීප වීමට උත්සාහ දරයි. තමන් ද මව්පියන්ගෙන් ඈත්ව කොළඹ බෝඩිමක තනිව ජීවත් වන්නෙකු ලෙස පවසන දේවින්ද නෙත්මිණිට විශ්වාසවන්ත යහළුවකු ලෙස සමීප වේ.

නෙත්මිණිට ද ඔහුගේ ඇසුර ප්‍රිය වේ. අතීතයේ වේදනාවන් යම් තරමක් සමනය කරන්නට දේවින්දගේ ඇසුර ඉවහල් වේ. කෙටි කාලයකින් පසු දේවින්ද නෙත්මිණිට පවසන්නේ තමා ඇයට බෙහෙවින් ආදරය කරන බවයි.

එහෙත් නෙත්මිණි එම යෝජනාව ප්‍රතික්ෂේප කරයි. දේවින්දගේ දැඩි පෙරැත්තය ඉදිරියේ නෙත්මිණිගේ සිත ද ඔහුට නතුව ඔවුන් ආදරයෙන් බැඳේ.

මේ අතර නෙත්මිණිට තම මවගේ සොයුරිය විවාහ යෝජනාවක් ගෙන එයි. ඔහු වෛද්‍යවරයෙකි. මේ පිළිබඳව නෙත්මිණි දේවින්දට පවසයි. දේවින්දගේ ඉල්ලීම මත ඔහු සමඟ රහසේ විවාහවීමට නෙත්මිණි එකඟ වේ. විවාහයෙන් දෙසතියකට පසු කාර්යාලයට පැමිණෙන දේවින්දගේ මිතුරකුගේ වදනකින් දේවින්ද විවාහක එක් දරු පියෙකු බව නෙත්මිණි දැන ගනී.

තමාට සත්‍යය වසන් කිරීමට හේතු විමසද්දී දේවින්ද සිය බිරිඳගේ දොස් පවසයි. යළිත් තම නිවසට යන්නට නොහැකි යැයි සිතමින් දේවින්ද සමඟම ජීවත් වන්නට තීරණය කරන නෙත්මිණි, දේවින්දට දරුවා දමා පැමිණෙන්න එපා යැයි පවසමින් තමන් මාපිය සෙනෙහස අහිමිවීමෙන් ලද වේදනාවත්, සාංකාවත් සිහි කරමිනි. නැවත මෙලෙස තමන්ට බොරු නොකියන ලෙස ද නෙත්මිණි දේවින්දගෙන් ඉල්ලා සිටියි.

නෙත්මිණිට කිසිවෙකුගේ හව්හරණක් නොලැබෙන බව පසක් කරගන්නා දේවින්ද ඇයට අමානුෂික ලෙස සලකයි. නිතර පහර දෙයි. කාර්යාලයේ කිසිවෙකු සමඟ වැඩි කතාබහක යෙදුනත් තැන නොතැන නොබලා පහර දෙයි. මේ අතර නෙත්මිණි ගැබ් ගනී. එයින් අසතුටට පත්වන දේවින්ද දරුවා නැති කළ යුතු යැයි තර්ජනය කරයි. දරු ගැබ නැති කිරීමට බෙහෙත් වර්ග ගෙනෙන අතර නෙත්මිණි ඒවා බීමට අකැමැති වෙද්දී ඇගේ කුසට පයින් පවා පහර දේ. අවසානයේ ඈ ඒවා බොයි. එහෙත් කළලය විනාශ නොවේ.

නෙත්මිණි පුතෙකු බිහි කරයි. මෙලොව එළිය දුටු පුතු නෙත්මිණි තම දෝතට ගන්නේ තමා බිවු බෙහෙත් නිසා පුතුගේ යම් අඩුවක් තිබේදැයි සැක සහිතවය. එහෙත් නෙත්මිණි බිහි කරන්නේ නිරෝගීමත් දරුවෙකි.

දේවින්ද සුපුරුදු තම සල්ලාල ජීවිතය ගත කරමින් නෙත්මිණිට ද වද හිංසා දෙමින් කල් ගත කරයි. දිනෙන් දින පුතු ද වැඩෙයි. අහම්බෙන් දිනෙක තමන් සිටින කුලී නිවසේ හිමිකරුගේ නිවසේ රූපවාහිනියෙන් නෙත්මිණි දකින්නේ ධනුකගේ රුවයි. ධනුක ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙකු බවට පත්වන්නේ කාලයත් සමඟය. දේවින්දගේ නොසැලකීම් හමුවේ ජීවිතය හැකි පමණින් ගැට ගසා ගන්නට අසල්වැසි යෙහෙළියකගේ උදව්වෙන් නෙත්මිණි කුඩා ළමුන්ට ටියුෂන් පන්ති පවත්වයි. දේවින්ද පිළිබඳ සත්‍ය දැනගන්නා අසල්වැසි යෙහෙළිය නෙත්මිණිට වඩාත් සමීපව තව තවත් උදව් කරමින් ඇයට ශක්තියක් වේ. මේ අතර දිනෙක දේවින්දගේ පහර කෑමට ලක්වන නෙත්මිණි අසාධ්‍ය තත්ත්වයට පත්වේ. මෙතෙක් විඳි කරදර දෙසත්, පුතුගේ අනාගතය දෙසත් සිතා බලා තමාට කිසිදු නීතිමය අයිතියක් නැති දේවින්දව හැරයන්නට නෙත්මිණි තීරණය කරයි.

වෙනත් නිවෙසක පදිංචියට යන නෙත්මිණි යළි පුවත්පත් රැකියාවට පැමිණෙයි. විවිධ පුවත්පත්වල ලේඛිකාවක ලෙස කටයුතු කරන අස්වාමික ඇයට අයුතු යෝජනා අනිසි බලපෑම් පැමිණේ. ඒවාට එකඟ නොවන තැන්වලදී ලැබෙන්නේ විවිධාකාර වූ හිත් පීඩාය.

මේ අතරතුර සිනමා සඟරාවක කර්තෘවරියක් වන්නට ඇයට අවස්ථාව ලැබේ. එහිදී දේවින්ද ඇය සොයා එන්නේ රැකියාවක් සොයා දෙන ලෙස ඉල්ලමිනි. මේ සියල්ල උපේක්ෂාවෙන් දරා ගනිමින් නෙත්මිණි පුතු සමඟ ජීවත්වේ. යම් හේතුවක් නිසාවෙන් ඇය එම සඟරාවෙන් ඉවත් වී පැමිණෙයි. පැමිණ සාමාන්‍ය රැකියාවක නිරත වෙයි. මේ කාලයේදී ධනුක යළි යළිත් නෙත්මිණිට කතා කරයි. ඒ වන විට ඔහු ජනප්‍රිය නිළියක හා විවාහ වී සිටියි.

ඔහු නෙත්මිණිට පිටරටක ගොස් ජීවත්වීමට කතා කරයි. නෙත්මිණිගේ යෙහෙළිය එයට තදින්ම විරෝධය පායි. මේ අතරතුර දේවින්ද දැඩි වකුගඩු රෝගයකින් පෙළෙමින්, තමන්ට වකුගඩුවක් සොයා දෙන ලෙස ඉල්ලමින් නෙත්මිණිට කතා කරයි.

වෙළඳ දැන්වීම් කලාවේ දැවැන්තයෙකු වන පහන් සේනාරත්න නෙත්මිණිගේ ජීවිතයට ළං වන්නේ මේ කාලයේය.

බුද්ධිනී ජයවර්ධන විසින් තිර රචනය ලියන ලද මේ මමයි ටෙලි වෘතාන්තය මේ හද සසල කරන යුවතියගේ කතාව ඔබට කියා පාන්නේය. එය දැන් ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 8.00 ට දිනාපතා විකාශය වේ.

ඩ්‍රීම් මීඩියා මැනේජ්මන්ට් ඉදිරිපත් කිරීමකි

පියුමි බොතේජු, රොෂාන් පිලපිටිය,
චන්දික නානායක්කාර,
බුද්ධික ජයරත්න,
උමයංග රණසිංහ (ළමා නළු),
ශ්‍රීමාල් වෙඩිසිංහ, මානලේ වානගුරු,
කුසුම් පෙරේරා, නිල්මිණි බුවනෙක,
බුවිනි චාපා දියලගොඩ,
අංජලී ලියනගේ, ඉෂාන් මෙන්ඩිස්
මිලින්ද පෙරේරා, ගයාන් ලක්රුවන්,
ගාවින්ද නවරත්න, නිමේෂා මධුෂානි,
සංජුල දිවාරත්න, පබසරා මධුෂානි,
නිල්මිණි සිගේරා,
ආරාධිත රඟපෑම් -
විණා ජයකොඩි, කැලුම් විජේසූරිය
අංග රචනය - තිලාන් බාලසූරිය
නිෂ්පාදන කළමනාකරණය -
ලක්රුවන් ගුණතිලක
පිටපත හා තේමා ගීත රචනය -
බුද්ධිනී ජයවර්ධන
තේමා ගීතය ගායනය හා සංගීත අධ්‍යක්ෂණය - නිරෝෂා විරාජිනි
කලා අධ්‍යක්ෂණය - සනත් ජානක
සහය අධ්‍යක්ෂණය -
වසන්ත කේ. වැල්ලවාය
කැමරාකරණය -
සුමිත් කුමාරගේ, චාමර උදමකුමාර
සංස්කරණය - වසන්ත ගීගනආරච්චි
නිෂ්පාදනය - බුද්ධිනී ජයවර්ධන
අධ්‍යක්ෂණය - සුමේන්ද්‍ර කිතුල්ගොඩගේ