වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 19 වැනිදා සිකුරාදා




චාමරගේ රාහු අ.යි.ටී.එන් අල්ලයි
මට මා අහිමි වී 24 දා
මිණිගං දෑලක ජීවන අන්දරය
ඉත්තෑවෙක් කියා දූරියන් බදාගත් දෙවැනි යුද්ධය
අසරණ ලොව මුතු අහුරක ඉරණම කෙබඳුද?
දෙයියෝ සාක්කි මේ දෙයියන්ගේ රටේ?
හතර දෙනෙක් ගැන හතර වරම් කතාවක් ඉලන්දාරියෝ
ඔබත් මමත් ඇයත්
බටහිර අහසේ අසිරිය වින්දෙමි
නිකිනියානේ ‘කැලෑහඳ’ මෝදුවන අයුරු කැන්දකැටියවත්තේ සිට බලා සිටියෙමි
පුංචි තිරය මත බටහිර අහස ඇඳි සිතුවම
මුලදී හැම තැනින්ම ප්‍රතික්ෂේප වුණා....
විසුවියස් කඳුපාමුල හැදෙන ගිනි ගත් ජීවිත අනාවරණය
තව දුරයි ජීවිතේ මා මෙතෙක් ලියූ ටෙලි නාට්‍යවලට වඩා වෙනස්
හුළං ගෙදර ලියූ ගාමිණී එස්. බණ්ඩාර
එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”

එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”

අතුරුගිරිය - පන්නිපිටිය අවට වැඩිපුරම කැමරා ඇස ගැවසෙනා 'සල්සපුනා' සුසිල නිපැයුමක්. ඒ ඉසව්වට පසුගියදා කර පෙවූ අපට අතුල අධිකාරි සමග මහනුවරදී අලුත් මංගල ඡායාරූපයට පෙනී සිටීමෙන් උද්දාමයට පත්ව සිටින අමායා අධිකාරි මුණගැසුණේ තනිව නෙවෙයි.

ඊයේ පෙරෙයිදා පෙම්බර හීනය විවාහයෙන් හැබෑ කරගත්ත රනිල් කුලසිංහත් සමඟමයි. කොහොමටත් විවාහයට දින ගැන ගැන සිටිය රනිල් අපටත් කීවේ මේනකාගේත් රනිල්ගේත් බැඳීම දෙදෙනාට දෙදෙනා හොඳින්ම තේරුම් අරන් තිබීමේ ප්‍රතිඵලයක් කියලායි. උපරිමය කොටස් විස්සයි. එක ෂූටිං ෂෙඩුල්ලෙකක් එච්චරයි. ලොකේෂන්නෙකේ ඒ වෙලාවේ සිටිනා නළු නිළි පිරිස දිහෑ බලන් නෙවෙයි. මසකට කලින් කියවා හදාරන්නට දුන්නු පිටපතේ විදියටමයි වැඩේ යන්නේ. දිනපතාම සවසට 'සල්සපුනා'ටම වෙන් වෙච්ච මුහුණු පොතේ පිටුවේ ඒ ඒ දවසේ රූ ගැන්වීම්වලින් ඇබිත්තක් තැවරෙනවාමයි.

ඉඳින් සල් සපුනාට පෙම් බඳින රසවතුන්ට දින සති ගණන් ආලින්දයේ පුංචි තිරයෙන් දකින දසුනට ප්‍රතිචාර දක්වන්නට කල් ගත කළ යුතු නොවෙයි. ටෙලිය නරඹා රස විඳින සැනින් එසැනින් නොසඟවා සිතැඟි පළ කරන්නටත් ඉඩක් මුහුණු පොතෙන් විවෘතයි. දවල් රෑ නැතිව රූගත කිරීම් කෙරෙන්නේත් නෑ.

නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂවරයා විදියට සල් සපුනාව හඳුන්වා දෙන්නේ නිශ්චිත සැලසුමකට ක්‍රමානුකූලව එකට එකම පවුලක් වගේ එක් වෙච්ච පිරිසගේ සාමුහික ප්‍රයත්නයක් විදියට. තවමත් තරමක් පැරණි තාලෙට ගලා යන ටෙලි වෘත්තාන්තයකට පෙම්බඳින ටෙලි නාට්‍ය නරඹන්නන්ගෙන් එමට සල්සපුනාට ප්‍රතිචාර ලැබෙනා බවයි 'සුසිල' පිරිවර සල්සපුනාවේ කොටස් ගණනින් පස්වැනි ශතකයේ කඩඉම අබියස සිටිමින් කියා සිටින්නේ.

නාලන් සමඟින් වැඩ කිරීමම භාග්‍යයක් කොට සලකන සුසිල පිරිවරෙන් කලා ලොවට පිවිසිච්ච නව පරපුරේ තවත් යොවුන් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් තමයි ජනක සම්පත්. කලක් නාලන් ප්‍රමුඛ 'සුසිල' නිර්මාණ පවුලේ හැදී වැඩී ටෙලි ලෝකයට ජනක තනිව නිමවන ටෙලියක් තමයි 'ජීවිතය තව දුරයි' කිියන්නේ. එයත් ස්වර්ණවාහිනියේ විකාශය කෙරෙන අතරතුරදීමයි ජනක 'සුසිල' වෙනුවෙන් සල්සපුනා දර්ශන තලයේ සල්සපුනා නිෂ්පාදන කළමනාකරුට පණ පොවන්නේ. තුෂාරි අබේසේකරගේ පන්හිඳෙන් පණ ලැබූ 'සල්සපුනා' වෘත්තාන්තයට තුෂාරි දුන් ගැම්ම අඩුවක් නැතිව අදටත් සපයන්නේ නවක තිර පිටපත් රචිකාවක්. ඈ සජිනි යශෝරා.

එකම ටෙලියක එකට කලාතුරකින් හමුවන ප්‍රවීණ සහ දක්ෂ නළු නිළි රොත්තක්ම සල්සපුනා සඳහා එක්ව සිටිනවා. ඉඳින් අප අතුරුගිරියේ දර්ශන තලයට කර පොවද්දී ඉන් හුඟ දෙනෙක් ඈත් මෑත්ව සිටියත් සල්සපුනා හි නර්මදාව සිටින අමායා සමඟ දොඩමලු වන්නට ලද ඉඩ සුවිශේෂයි.

සල්සපුනා - නර්මදා විදියට අමායා කීවේම බොහොමයක් ප්‍රේක්ෂකයන් තමන්ව අමායාගෙන් වෙන් කරගෙන මඟ තොටේදීත් නර්මදා නමින්ම අමතන්නට පෙලඹෙන බවක්. අමායාට නර්මදා වෙන්නට අමුතු වෙහෙසක් ගන්න ඕන නැහැයි කියනා ගමන්ම අමායා සුසිල පවුලේම නිර්මාණයක් වන ජීවිතය තව දුරයි ටෙලියට මවන චරිතය පිළිබඳ අදහස් දක්වන්නත් අමතක කළේ නෑ.

'සැහැල්ලුවෙන් රඟපාන්නයි මං කැමති, හම්බ වෙන ඕනෑම චරිතයක් හරි ිවිදියට කරන්නයි වෙහෙසෙන්නේ' කියන අමායා කියන්නේ චිත්‍රපට අතින් නම් තවමත් හිතට අල්ලන චරිතයකට ඇරයුමක් නොලැබුණු බවක්. ඒ හැරෙන්නට වේදිකා නාට්‍යයකට රංගනයට ඇරැයුමක් ලැබුණෝතින් ඒ පිළිබඳ සිතා බලනවාය කියලායි අමායා කියන්නේ.

ඒ විදියට කවුරු කවුරුත් එකෙල මෙකෙල වූ සල්සපුනා මැදුරක් කියන්නට පුළුවන් තරමට ඒ පිරවරට සමීප වෙච්ච අතුරුගිරියේ 'වර්ණවීර නිවෙස' හාත්පසම දැන් නිශ්ශබ්දයි.

අඩියට දෙකට ගේ දෙරකඩට කිට්ටු කෙරුව මොහාන් එක්කලා කවුදෝ දෙකේ හතරේ මිනිහෙක් කසුකුසුවක. කිසිම හා හූවක් නැතිව ඒ ෂූටිං කරන දිහෑම බලාගත්තු හැමෝටම ඊළඟට පෙනෙන්නේ එතැනට කිට්ටු කරන නර්මදාව. සතරකන් මන්ත්‍රයක් වෙච්ච ඒ කතා මැද්දට නර්මදා පනිනවාත් එක්කලා අවුලක් වෙන්නේ.

'අයියා අපි මේ මිනිහා එක්ක කතා කරමු'

නර්මදා කිහිප වතාවක් ඇතුළත ඒ වැකිය නාලන් මෙන්ඩිස්ගේ හිතට අල්ලන විදියට හරියටම ඇදලා පැදලා කියනවා. ඊළඟට.

'මොනවා කතා කරන්නද?' කියනා මොහාන්ගේ ගෝරණාඩුවට මැරෑටි තරුණයාගේ 'නොගියොත්' කියනා පිළිතුරෙන් අවුල තවත් ඔඩු දුවන හැඩයි. ඉතින් ඔහොමයි දසුනින් දසුන සල්සපුනා රූ ගැන්වෙන්නේ.

එකම දසුන නමුත් ආයෙ ආයෙත් රූගත කරවා ඉක්බිතිවයි 'සල්සපුනා' රසවත් ටෙලියක් විදියට රූප පෙට්ටිය කරා යැවෙන්නේ.

කලින් විස්තර කෙරුණු මොහාන් සහ නර්මදා අතරට මැදිවුණු මැරවරයාගේ චරිතයට පණ පොවන අරුණ කුමාර නැඟී එන නළුවෙක්.

හාරකෝටිය, දෙව්ලිය, සුනේත්‍රා මෙන්ම මහ රජ ගැමුණු වෙනුවෙනුත් රංගනයේ ්යෙදෙන අරුණ රාත්‍රී කාලයේ නිදිවර්ජිතව රැකියාව කරමින් දහවල් දවස රූගත කිරීම්වලට වෙන් කරගන්නට වෙහෙසෙන බවයි අපට කීවේ.

එවන් තවෙකෙක් තමයි බී. ජී. බුද්ධික. සුසිල පවුලේම සුජාතා ටෙලියටත් මැරවරයෙකුට පණ දුන් බුද්ධික සල්සපුනා ටෙලියේදී කුමාර චරිතයෙන් අප හමුවෙනවා. ඔහුගේ සුවිශේෂත්වයක් වෙනවා.

ඒ හොඳින් දෙමළ උච්චාරණය කළ හැකි සිංහල ජාතිකයකු වීම. ඒ ඔස්සේ බුද්ධිකගෙන් ඉදිරියට ටෙලි නාට්‍ය සහ චිත්‍රපටලට අදට වඩා වැඩ ගත හැකි වෙයි. දැනටමත් චිත්‍රපට 10 කටත් වඩා වැඩි ගණනක රංගනයට එක් වූ බවයි බුද්ධික සරසවියට කීවේ.

රනිල් කුලසිංහ අද ජනප්‍රියම රංගන ශිල්පියෙක් වුණත් ඔහු කලෙක සිට පෙම් බඳින තවත් භුමිකාවක් වෙනවා. ඒ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂණය. ළඟදීම චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයා හමුවන්න නියමිත බවයි රනිල් ප්‍රේක්ෂකයන්ට මතක් කරන්නේ.

සුරේන් විදියට රනිල්ව අමතන ප්‍රේක්ෂක පිරිසක් හමුවීම සල්සපුනා වැනි ටෙලියකට නාලන් මෙන්ඩිස් ඔහුව තෝරා ගැනීමේ භාග්‍යය හේතුවෙන්ම හිමි වූවක් බවටයි රනිල් ස්තුති පූර්වකව සිහි කරන්නේ.

රනිල් කුලසිංහ, අමායා අධිකාරි, රම්‍යා වනිගසේකර, ගයනි ගිසන්තිකා, ජනක කුඹුකගේ, මානෙල් වානගුරු, දමිතා අබේරත්න, රොෂාන් පිලපිටිය, සරත් කුලාංග, සංගීත් ප්‍රභූ, මාධව විජේසිංහ, කමල් දේශප්‍රිය, ෂෙනාලි වීරසිංහ, මිලාන් මධුසංඛ, නිර්මලා නිශාන්ති, වසන්ති රංවල, ජයනාත් බණ්ඩාර, සෞලියානා, ඉරේෂා රණසිංහ, ගිහානි වීරසිංහ, ශ්‍යාමික විනෝද්, සාලින්ද රත්නායක, මිෂෙල් දිල්හාරා ආදීහු සල්සපුනා පිරිවරට අයත් වෙති.

සහන් වීරවර්ධන, පැතුම් සමීර සහ හසල අනුරාධ සහාය අධ්‍යක්ෂණයෙන් ද, ඉන්දික ලක්මාල් කැමරාවෙන් සහ ආලෝකකරණයෙන් ද, තිලංක මධුසර අංග රචනයෙන් ද, ජානක අකුරම්බඩ කලා අධ්‍යක්ෂණයෙන් ද, සංගීත අධ්‍යක්ෂණයෙන් රෝහණ වීරසිංහ ද, නිෂ්පාදන කළමනාකරණයෙන් ජනක සම්පත් ආදීහු 'සුසිල' වෙනුවෙන් සල්සපුනා නිමවති.