වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 25 වැනිදා බ්‍රහස්පතින්දා




චාමරගේ රාහු අ.යි.ටී.එන් අල්ලයි
මට මා අහිමි වී 24 දා
මිණිගං දෑලක ජීවන අන්දරය
ඉත්තෑවෙක් කියා දූරියන් බදාගත් දෙවැනි යුද්ධය
අසරණ ලොව මුතු අහුරක ඉරණම කෙබඳුද?
දෙයියෝ සාක්කි මේ දෙයියන්ගේ රටේ?
හතර දෙනෙක් ගැන හතර වරම් කතාවක් ඉලන්දාරියෝ
ඔබත් මමත් ඇයත්
බටහිර අහසේ අසිරිය වින්දෙමි
නිකිනියානේ ‘කැලෑහඳ’ මෝදුවන අයුරු කැන්දකැටියවත්තේ සිට බලා සිටියෙමි
පුංචි තිරය මත බටහිර අහස ඇඳි සිතුවම
මුලදී හැම තැනින්ම ප්‍රතික්ෂේප වුණා....
විසුවියස් කඳුපාමුල හැදෙන ගිනි ගත් ජීවිත අනාවරණය
තව දුරයි ජීවිතේ මා මෙතෙක් ලියූ ටෙලි නාට්‍යවලට වඩා වෙනස්
හුළං ගෙදර ලියූ ගාමිණී එස්. බණ්ඩාර
එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
මංගල තෑග්ගේ දෙවෙනි ගමන

මංගල තෑග්ගේ දෙවෙනි ගමන

ටෙලිනාට්‍ය බැලීමේ SMART විප්ලවය

    

චන්දනගේ විවාහ උත්සවය නිමිති කොටගෙන සිය අතිජාත මිත්‍රයන් තිදෙනාගේ අපූරු තෑග්ගක් ලැබුණා. විවාහ දිනට පෙර දින රාත්‍රියේ මේ මිතුරන් සිවුු දෙනාගේ එකතුව තුළ මැවුුණේ රස සාගරයක්. හීන් මධුවිතකුත් සමඟ ගෙවුණු රසබර සැන්දාව මධ්‍යම රාත්‍රිය දක්වාම දිගු වුණේ රමණීය ගී සින්දු ද සමඟින්.

එකයායේ කකා වැටී
එකා වගේ එකට සිටී
එක පවුලේ උපන් ලෙසින්
කළ ආරක්ෂා
නාස් ලනුව දමනවාලු - කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

නිහඬ රාත්‍රියේ පාලු පාරවල් පුරා දෝංකාර දුන්නු මිතුරන්ගේ ගී නාදය චන්දනගේ මංගල තෑග්ගේ අපූර්වත්වය කියා පෑවා. චන්දනගේ මිතුරන් තිදෙනා වූ සිරිලාල්, සරත් සහ නිහාල් තිදෙනාගෙන් නිහාල් චන්දනට ලබා දෙන තෑග්ග තමයි මේ තරුණයන් තිදෙනාගේ ජීවිත උඩු යටිකුරු කරන්නට සමත් වන්නේ. මධ්‍යම රාත්‍රියේ තැරුව්කරුවකු සොයා යන නිහාල් ඇතුළු පිරිස චන්දනට දෙන මංගල තෑග්ග වන්නේ සුරූපී අබිසරු ලියක්.

පසු දින සිය විවාහ මංගල උත්සවය පිළිබඳ සිහින දකින චන්දනට අවශ්‍ය වනුයේ කෙසේ හෝ මෙතැනින් ගැල වී නිවසට යාමටයි. එහෙත් මධු විතෙන් සප්පායම් වී සිටින සිය මිතුරන්ගෙන් ඔහුට ගැලවිල්ලක් නොවීය.

චන්දන අබිසරුලිය හමුවට ගිය ද ඇයත් සමඟ කතාබස් කොට කාමරයෙන් එළියට ආවා. අනෙක් තිදෙනා ද වරින්වර ඈ හමුවට ගියේය. අනපේක්ෂිත ලෙස සරත් ඇගේ කාමරයෙන් එළියට පැමිණෙන්නේ මහත් වූ තැති ගැන්මකිනි. හේතුව අබිසරු ලිය මරුමුවට පත්වීමයි.

මිතුරන් සියලු දෙනාටම දෙවියන් සිහි වන්නේ දැන්ය. පසු දින චන්දනගේ විවාහ උත්සවය නිසාවෙන් ඔහුට නිවෙසට යන්නට ඉඩ හැර නිහාල් සහ සරත් ඉදිරිය වෙනුවෙන් පෙනී සිටින්නට ඉදිරිපත් වුණි. සිරිලාල් ද විවාහකයෙක් බැවින් ඔහු ද චන්දන සමඟ නිවෙසට යන්නේ තුෂ්නිම්භූතවය.

චන්දන පසු දින සිය පෙම්වතිය වූ තිළිණි සමඟ විවාහවීමේ උත්සවයට සහභාගි වන්නේ සිත් පිත් නැත්තෙකු මෙනි. තිළිණි සමඟ පෝරු මස්තකාරූඪ වී සිටිය ද ඔහුගේ දෑස් දිවයන්නේ බාහිර සමාජය වෙතය.

 ‘පෙර දින රාත්‍රියේ ලද මංගල තෑග්ගේ’ අපූරුව ඔහු අන්දමන්ද කරවා ඇත. මේ තෑග්ග චන්දනගේ ජීවිතයට පමණක් නොව පසු කලෙක දෙවැනි පරපුරකටත් බලපාවි යැයි එදා චන්දන හීනෙන්වත් හිතුවේ නැත. එහෙත් අද එය දෙවෙනි පරපුරක ආදරයකට බලපෑම කරන කඩතොලුවක් බවට පත් පවී ඇත.

චන්දන, සිරිලාල්, සරත් සහ නිහාල් අපට හමු වූයේ මීට වසර 30 ට ඉහතදී ප්‍රවීණ චිත්‍රපට චිත්‍රපට අධ්‍යක්ෂ එච්. ඩී. ප්‍රේමරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මංගල තෑග්ග‘ චිත්‍රපටයේය.

1987 දී තිරගත කරනලද මංගල තෑග්ග චිත්‍රපටය නොමඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත්තා සේම විවිධ සම්මානයන්ට ද පාත්‍ර වූයේය. ඒ සඳහා ඇතුළත් වූ ‘එක යායේ කකා වැටී’ ගීතය මෙන්ම ‘වාසනා වේවා’ ගීතය ද අදටත් බොහෝ දෙනා අතර ජනප්‍රියය.

එදා ප්‍රේමරත්නයන්ගේ මංගල තෑග්ගේ ‘චන්දන’ වූ සනත් ගුණතිලක මංගල තෑග්ග චිත්‍රපටයේ දෙවැනි කොටස ‘මංගල තෑග්ගේ දෙවැනි ගමන’ නමින් මෙදා ටෙලි සිත්තමක් ලෙසින් අධ්‍යක්ෂණය කළා.

පැරණි මතකයන් යළි යළිත් ආවර්ජනය කරමින් නවකතා සංකල්පනාවකට අනුව ගොඩනැඟෙන ‘මංගල තෑග්ගේ දෙවෙනි ගමන’ ටෙලි සිතුවම සඳහා පෙරදා මංගල තෑග්ගට දායක වූ බොහෝ නළු නිළියන් එම චරිතවලින්ම රංගනයට එක් වීම මෙහි සුවිශේෂිත්වයයි.

එදා සිරිලාල්ගේ චරිතයට පණ පෙවූ ජයලත් මනෝරත්න ඔහුගේ බිරිඳ වූ මැණිකේ අත්තනායක, නිහාල්ගේ චරිතය රඟ දැක් වූ රවීන්ද්‍ර රන්දෙණිය, සරත් ගේ චරිතය නිරූපණය කළ ශ්‍රියන්ත මෙන්ඩිස්, අබිසරු ලියගේ චරිතය නිරූපණය කළ සනෝජා බිබිලේ, ධර්මේ අයියාගේ චරිතය නිරූපණය කළ සිරිල් වික්‍රමගේ, චන්දනගේ නැඟනිය ලෙස රඟපෑ රමණී සිරිවර්ධන එහි දෙවන කොටස වෙනුවෙන් ද සිය රංගන දායකත්වය පිරිනමයි.

‘මංගල තෑග්ගේ දෙවෙනි ගමන’ ටෙලි නිර්මාණ බිහිවන්නේ මෙරට කලා ක්ෂේත්‍රයට නව හඳුන්වාදීමක් ද සමඟිනි. ඒ මොබයිල් ටෙලි නිර්මාණයක් ලෙසිනි. මොබයිල් ටෙලි නිර්මාණයක් යනු කුමක්ද? යන්න පිළිබඳ මේ වන විට බොහෝ දෙනෙකුගේ සිතේ කුකුසක් හට ගැනීම සැබවින්ම සත්‍යයක්.

චිත්‍රපටයක් හෝ ටෙලි නාටකයක් ජංගම දුරකතනයෙන් නැරඹීමේ යුගයට මේ වන විට අපේ සමාජය අවතිර්ණ වී අවසන්.

මොබයිල් ටෙලි නිර්ාණයක් යනු Smart Phone  හෝ Tab  මඟින් ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සිට කතා මාලාවක් රස විඳීමට හැකිවන සේ විශේෂයෙන් නිර්මාණය කරන්නක්. ‘මංගල තෑග්ගේ දෙවෙනි ගමන’ ටෙලි නිරමාණය ද එවැන්නක්.

Dialog viu  මඟින් හඳුන්වාදෙන ‘විමෝදේ’ මඟින් නිෂ්පාදනය කර ඇති මෙම ටෙලි නාට්‍යය Dialog Viu  හඳුන්වා දෙන විනෝදේ මොබයිල්  APP එකක මඟින් දැන් ප්‍රේක්ෂක සැමට රස විඳිය හැකිය.

Google Play Store හෝ App Store එකට ගොස් Dialog Viu  ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් පසු විනෝදේ  Open  කිරීමෙන් ඉතා පහසුවෙන් මංගල තෑග්ගේ දෙවෙනි ගමන නැරඹිය හැකියි.

මංගල තෑග්ගේ දෙවෙනි ගමන ටෙලි සිත්තම සඳහා සනත් ගුණතිලක,රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මමෝරත්න, සනෝජා බිබිලේ, සිරිල් වික්‍රමගේ, රමණී සිරිවර්ධන, මැණිකේ අත්තනායක, ක්ලීටස් මෙන්ඩිස්, නිමල් ඇන්තනි, වසන්ත විට්ටච්චි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, විල්සන් කරු, ජයලාල් රෝහණ මෙන්ම නව පරපුුරේ නළු නිළියන් වන අනුරාධා එදිරිසිංහ, වොල්ගා - හර්ෂණ, කවිඳු බණ්ඩාර, මේශ් අතුකෝරාල ඇතුළු පිරිසක් රංගනයෙන් එක් වෙති.

මංගල තෑග්ග ප්‍රථම නිෂ්පාදනයේ අධ්‍යක්ෂවරයා වූ එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ සංකල්පයකට අනුව ‘මංගල තෑග්ගේ දෙවෙැනි ගමන’ ටෙලි සිත්තමේ තිර රචනය සහ අධ්‍යක්ෂණය ප්‍රවිණ නළු සනත් ගුණතිලකගේය.