වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 20 වැනිදා සෙනසුරාදා




කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .
දඟදාස නික්ම ගියේය
හිරු උලෙළට බොලිවුඩ් තරු එති
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද
සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු
සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’

යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’

හොඳම දේශීය කෙටි චිත්‍රපටය චිල්ඩ්රන් ඔෆ් වයිට්

යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළ ඉකුත්දා අති උත්කර්ෂවත් අන්දමින් නිමාව දුටුවේය. මේ එහි සිව් වැනි දිග හැරුම වේ. උලෙළේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් කේරළයේ සම්මානනීය සිනමාකරු සාජි එන්. කරුන් සහභාගි විය.

උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස අභිසෙස් ලැබුවේ බංග්ලාදේශ සිනමාකරු නූර් ඉම්රාන් මිතු අධ්‍යක්ෂණය කළ කෝමලා රොකට් චිත්‍රපටයයි. අධ්‍යක්ෂවරයාගේ ප්‍රථම චිත්‍රපටය සඳහ වූ සම්මානය ද එම චිත්‍රපටයටද හිමිවිය. මෙය සඳහා පාදක වූයේ දීර්ඝ කාලයක් යාත්‍රාවක ගමන් කරන විවිධ ජන කොට්ඨාසයක් මුහුණපාන සිදුවීම් කිහිපයක එකතුවකි. හොඳම චිත්‍රපටය ලෙස දෙවැනි තැන දිනුවේ ඉන්දියානු සිනමාපටයක් වන අන්දර් කහිනිය. එය අර්නාබ් මිද්යාගේ අධ්‍යක්ෂණයකි.

හොඳම චිත්‍රපටය සඳහා ඇගයීම් සම්මානයක් ඉන්දියානු සිනමාකරු ලෝකේෂ් කුමාර් අධ්‍යක්ෂණය කළ මයි සන් ඉස් ගේ සිනමාපටයට හිමි විය.

විදෙස් හොඳම කෙටි චිත්‍රපටය ලෙස පූජා ගුරුන්ග් සහ බිදුෂාන් බස්නෙත් අධ්‍යක්ෂණය කළ දැද්යා ද වුඩ්පෙකර්ස් ඔෆ් රොතා කෙටි චිත්‍රපටය සම්මානනීය විය.

දේශිය හොඳම සිනමාපටය ලෙස සිලෝන් තියෙටර්ස් සම්මානය දිනා ගත්තේ දුලංක එන්. දේවේන්ද්‍ර නිර්මාණය කළ චිල්ඩ්‍රන් ඔෆ් වයිට් කෙටි චිත්‍රපටයය. සිලෝන් තියෙටර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සංජය නායන් අතින් එම සම්මානය සහ මුල්‍ය ප්‍රදානය සිදු කරන ලදී. එම අංශය යටතේ ජනප්‍රිය කෙටි චිත්‍රපටය සඳහා වන ප්‍රේක්ෂක සම්මානය වෙඩිමාන්යමම් ඉඩියන් තුවක්කුම් කෙටි චිත්‍රපටය දිනා ගන්නා ලදි. එය මතිසුතාගේ අධ්‍යක්ෂණයකි.

උලෙළේ යාවජීව සම්මානය ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ වී. වාමදේවන්ට ලබා දුනි. එය ඔහු වෙනුවෙන් ඔහුගේ දියණිය ලබා ගත්තාය.

යාපනය උලෙළේ උත්සව අධ්‍යක්ෂවරිය වශයෙන් අනෝමා රාජකරුණා කටයුතු කළාය.


සිංහල - දෙමළ භාෂා ද්විත්වයෙන් නිදහසේ පියා ඩී. එස්. හෙට එයි

මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය මහමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ ජීවන චරිතය ඇසුරෙන් සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ නිදහසේ පියා ඩී. එස්. සිනමාපටය මෙම මස 12 වැනිදා සිට රිද්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හිදී තිරගතවීම ආරම්භ වේ. මෙය සිංහල සහ දමිළ භාෂා ද්විත්වයෙන් එකවර ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි. සිංහල පිටපතේ මංගල දර්ශනය කොළඹදීත්, දමිළ පිටපතේ මංගල දර්ශනය යාපනයේදීත් එකම දවසේදී පැවැත්වෙනු ඇත.

ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිදු දොඩම්තැන්න, සාරංග දිසාසේකර, බුද්ධදාස විතානආරච්චි, පූජිත ද මෙල්, ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, ජනක් ප්‍රේමලාල්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි,රොෂාන් පිලපිටිය, ජී. ආර්. පෙරේරා, සෝමසිරි අලකොලංග, උදිත් අබේරත්න, කමල් දේශප්‍රිය, මිලින්ද පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, උදේනි අල්විස්, හේමසිරි ලියනගේ, දයාදේව එදිරිසිංහ, අනුර බණ්ඩාර රාජගුරු, සඳුන් විජේසිරි, කුමාර තිරිමාදුර, අතුල ජයසිංහ, සුසන්තා චන්ද්‍රමාලි, තිසුරි යුවනිකා, නයනා හෙට්ටිආරච්චි, පවිත්‍රා වික්‍රමසිංහ, ප්‍රියා විතානාරච්චි, නිරෝෂා තලගල, අයෝධ්‍යා රත්නසිරි, ශ්‍රියාණි මහවත්ත, තෙසාරා ජයවර්ධන ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවති.

ආචාර්ය විජේදාස රාජපක්ෂ, ශ්‍රීමත් මොහාන්, ඩිල්මන් ජයරත්න, ආචාර්ය ක්ලැරන්ස් කුමාරගේ, සස්ත්‍රිය රාජපුත්‍ර වීරසිංහ, චන්න විකුම් හෙට්ටිආරච්චි සහ ආචාර්ය මොහොමඩ් අමනුල්ලා රම්සි මෙහි නිෂ්පාදකවරුන්ය. සම නිෂ්පාදනයෙන් ශ්‍යාමලී පතිරණවසම්, පද්මසිරි රණවකආරච්චි, සිරිනිමල් කතිආරච්චි සහ කිත්සිරි ඇතුලත්මුදලි දායක විය. නිදහසේ පියා ඩී. එස්. සෙප්ටෙම්බර් ස්ටුඩියෝස්හි ඉදිරිපත් කිරීමකි.


ඩීමන්ස් ඉන් පැරඩයිස් විශේෂ දර්ශනය හා සංවාදය

යාපනය සිනමා උලෙළේදී තහනමට ලක් වූ ජූඩ් රත්නම් අධ්‍යක්ෂණය කළ ඩීමන්ස් ඉන් පැරඩයිස් සිනමාපටයේ විශේෂ දර්ශනයක් සහ ඒ පිළිබඳ සංවාදයක් මෙම මස 13 වැනිදා උදෑසන 9 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ. මෙම අවස්ථාව සිනමාවේ සහෘදයෝ සංවිධානය කරයි. නොමිලයේ පැවැත්වෙන ඩීමන්ස් ඉන් පැරඩයිස් සිනමාපටය සහ සංවාදයට සහභාගි වන ලෙසට සංවිධායක කමිටුව සිනමාලෝලීන්ට ඇරැයුම් කරයි.


තේජාගේ කුලුඳුල් අධ්‍යක්ෂණය ‘ආශාවරී’ ඇරැඹේ

තේජා ඉද්දමල්ගොඩ විසින් අධ්‍යක්ෂණය කරන ආශාවරී සිනමාපටයේ මුහුරත් උලෙළ ඉකුත් දා පැවත්විණ. මේ අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමාපටයයි. ජයලත් මමෝරත්න, හේමාල් රණසිංහ, සාරංග දිසාසේකර, බිමල් ජයකොඩි, සේමිණි ඉද්දමල්ගොඩ, ජයනි සේනානායක, දිනිති වල්ගමගේ, ලසන්ත උඩුකුඹුර, රුවි ලක්මාලි, දනුෂ්ක ඩයස්, රොහාන් රණතුංග, ඉෂංකා ජානවී මෙහි චරිත මවති. රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂවරයාය. සද්ධාමංගල සූරියබණ්ඩාරගේ තිර රචනයකි. කතා සංකල්පය සහ සම සංගීත අධ්‍යක්ෂණය තේජා ඉද්දමල්ගොඩගෙනි. සුරේෂ් මාලියද්ද සංගීත අධ්‍යක්ෂවරයාය. නන්දන වික්‍රමගේ සහ කැලුම් ශ්‍රීමාල් ගීපද රචනයෙන් එක් වෙති. සුනිල් ප්‍රේමරත්නගේ කලා අධ්‍යක්ෂණයකි. දමින්ද ඩී. මඩවල සහ ඉඳුනිල් දැරණියගල සහාය අධ්‍යක්ෂවරුන්ය. ඇඳුම් නිර්මාණය ලසන්ත උඩකුඹුරගෙනි. ඉන්දික උදාර ලංකා අංග රචනා ශිල්පියාය.

ආශාවරී මීඩියා විෂන් නිෂ්පාදනයකි.