වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 25 වැනිදා බ්‍රහස්පතින්දා




කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .
දඟදාස නික්ම ගියේය
හිරු උලෙළට බොලිවුඩ් තරු එති
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද
සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු
සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
NEWS

සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, සිනමා ටෙලි තිර නාටක රචකයකු මෙන්ම ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ හිටපු සභාපති නැසීගිය සෝමවීර සේනානායකයන්ගේ තෙමස් ගුණ අනුස්මරණය නිමිත්තෙන් විශේෂ ගුණසමරු විශේෂ මහ සභා රැස්වීමක් මෙම මස 28 වැනිදා සවස විජේරාම මාවතේ සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මෙහි මුලසුන හොබවනු ඇත.

සෝමවීර සේනානායක ගුණ සමරු මුඛ්‍ය දේශනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරසවිය හිටපු කතුවර ඒ. ඩී. රන්ජිත් කුමාර විසින් පවත්වනු ලබන අතර අපි තවමත් සංසාරේ නමින් විශේෂ දෙසුමක් සේනානායකයන්ගේ සොයුරු රුහුණු විශ්ව විද්‍යාලයීය උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක විසින් පවත්වනු ලබයි. මෙම කටයුතුවලට අමතරව සේනානායකයන් විසින් පෙර රචනා කළ අපි තවමත් සංසාරේ නමැති ස්වයං චරිතාපදානයේ නව සංස්කරණය ද එළිදැක්වෙනු ඇත. එය දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයකි.


බලංගොඩ සරත්මධු සමුගනී

හැත්තෑව දශකයේ අග භාගයේ මෙරට යොවුන් පරපුරට වඩාත්ම බලපෑමක් ඇති කළ චිත්‍ර කතා ශිල්පියා වූ බලංගොඩ සරත්මධු පසුගියදා අභාවප්‍රාප්ත විය. ලේක්හවුස් ආයතනයේ චිත්‍රකතා ශිල්පියෙකු ලෙස පළමුව පාඨකයන් හමු වුණ සරත්මධු 1976 දී නිර්මාණය කරන ලද ඉතින් ඊට පස්සේ චිත්‍ර කතාව තරම් මෙරට යොවුන් රසිකයා උමතු කළ තවත් චිත්‍ර කතාවක් නොවීය. එහි ආ කැලුම් දේදුනු ප්‍රේම වෘතාන්තය උන්මාදයක් සේ රට පුරා පැවතිණ. බොහෝ තැන්වල එය අනුකරණය කොට අඳින ලද චිත්‍ර පතළ විය. මෙය ඇතැම් විද්වතුන්ගේ ගර්හාවට ලක් වුව ද රසික රසිකාවෝ ආදරයෙන් වැළඳ ගත්හ. එය පරම පවිත්‍ර ප්‍රේමයේ සංකේතයක් බඳු විය. බලංගොඩ සරත්මධු මෙම චිත්‍ර කතාවේ දේදුනුගේ රුව නිර්මාණය කරන ලද්දේ තම සිත්ගත් නිළිය කාන්ති ගුණතුංගේ රුව ඇසුරෙනි. කැලුම්ගේ රුවට භාවිත කළේ එදවස කඩවසම් තරුණයකු වූ ඔහුගේම රූපයයි. එමෙන්ම ඔහු විසින් අඳින ලද යුනිකෝ, නිරෝ අතිශය ජනාදරයට පත් විය. ඉතින් ඊට පස්සේ චිත්‍රකතාව ඇසුරෙන් ආචාර්ය වික්ටර් රත්නායක ගීතයක් ගායනා කළේය. පසුකාලීනව ඉතින් ඊට පස්සේ ටෙලි සිතුවමක් වූ අතර එහි කැලුම්ට රඟනු ලැබුවේ සම්පත් කුමාරතුංගය. දේදුණු උමයංගනා වික්‍රමසිංහය.


සිග්නිස් උලෙළ 25 දා

සිග්නීස් උත්තමාචාර උලෙළ 2018 මෙම මස 25 වැනිදා සවස 6.30 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී පැවැත්වීමට නියමිතය. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ සිග්නිස් ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිනි හෙලන් ඔස්මන් මෙදින මුලසුන හොබවනු ඇත.


හය දෙනාගේ එකතුවෙන් අලුත් පරපුරට අතක්

උදයකාන්ත වර්ණසූරිය, ආනන්ද අබේනායක, නාලන් මෙන්දිස්, සුදත් රෝහණ, අනුර මාධව ජයසේකර, සෙනේෂ් දිසානායක බණ්ඩාර

මේ සය දෙනා කවුරුන්ද යන වග ආයෙ ඉතින් අමුතුවෙන් මතක් කරලා දෙන්න අවශ්‍ය නැහැ. කාලයක් ක්ෂේත්‍රය තුළ රැඳී සිටිමින් ඉහළ ගණයේ නිර්මාණ ඔවුන් අප වෙත ගෙන ආවා. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය හෙවත් ටෙලිනිස ද ඔවුන් සක්‍රීය සාමාජිකයන් ද වෙනවා.

මේ සයදෙනා එකතු වෙලා අලුත් වැඩක් කරන්නට යනවා කියලා අපට දැනගන්නට ලැබුණා. ඒ ටෙලිනිස 25 වැනි සංවත්සරය නිමිත්තෙනි. ක්ෂේත්‍රයට පිවිසීමට සුදානමින් සිටින නවකයින්ට අත හිත දීම උදෙසා මේ පිරිවර විධිමත් අන්දමින් රංගනය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කරලා. පුරා මාස හයක් සති අන්තයේ මෙය පැවැත්වීමට නියමිතයි. පාඨමාලා අධ්‍යක්ෂ, ටෙලි නිරමාණවේදීන්ගේ සංසදය, 47/බී, කොළඹ පාර, පිළියන්දල ලිපිනයට අයැදුම්පතක් මෙම මස 28 ට පෙර එවීමෙන් මෙම පාඨමාලාවට නවකයින්ට එකතු වන්නට පුළුවන්. ඒ වගේම 0714040050 අංකයට අමතා ටෙලිනිස සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධනගෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකියි.


සනෝජා - ප්‍රසාද් බඳී

සනෝජා බිබිලේ හා ප්‍රසාද් ගලප්පත්ති (ශ්‍රී ලංකන් බීන්) විවාහ වෙයි. මේ මංගල ඇරැයුම්පත අපට ලැබෙනුයේ හෙට එනම් 29 වැනි දින පැවැත්වෙන උත්සවයට ආරාධනාවක් පරිද්දෙනි. ඒ මංගල්‍යය සංවිධානය කර තිබෙන්නේ අශෝක සෙනරත් මුදලිගේ විසිනි. ඒ ඔහුගේ නිර්මාණය කරන ලද නවතම වේදිකා නාට්‍ය මිස්ටර් බීන් වෙනුවෙනි. මුහුරත් උලෙළ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. ඔවුන් එම නාට්‍ය හි රංගන දායකත්වය ලබාදෙන අන්දමින් එයට පැමිණීමට නියමිතය.


දැවෙන විහඟුන් පනහයි

ආන්දෝලනාත්මක සිනමාකරු සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් සිනමාපටය තිරගත වීම ආරම්භ කොට දින පනහක් සපිරුණි. එය මේ වන විට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනෙවිරත්න, ලියෝනි කොතලාවල, ශ්‍යාමි ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක ආදී නළු නිළියෝ මෙම සිනමාපටයේ රඟපාති.

දැවෙන විහඟුන් ශ්‍රී ලංකා, ප්‍රංශ, දෝහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. ආචාර්ය සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය මෙරට නිෂ්පාකවරුන්ය.

සරසවිය මිල සංශෝධනයක්

සරසවිය අද සිට මිල රුපියල් 30 ක් ලෙස සංශෝධනය වන බැව් පාඨක ඔබට දැනුම් දෙයි.