වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 18 වැනිදා බ්‍රහස්පතින්දා




කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .
දඟදාස නික්ම ගියේය
හිරු උලෙළට බොලිවුඩ් තරු එති
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද
සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු
සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
හෙළ සිනමා නිළි රැජන මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී

හෙළ සිනමා නිළි රැජන මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී

හෙළ සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකා අභිනන්දන හරසර ප්‍රණාම සිනමා උපහාර උලෙළ මේ මස 22 වැනිදා සවස 6.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

මීට සමගාමීව නිළි රැජන රංගනයෙන් දායක වූ චිත්‍රපට හතරක් මේ මස 18 වැනිදා සවස 6.00 සිට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලා පරිශ්‍රයේදී නොමිලයේ තිරගතවීමට නියමිතය. ඒ අනුව 18 වැනිදා සවස 6.00 ට නිධානය චිත්‍රපටය ද, 19 වැනිදා සවස 6.00 ට ප්‍රතිරාවය (තිරගත නොකළ) චිත්‍රපටය ද, 20 වැනිදා සවස 6.00 ට අම්මාවරුනේ චිත්‍රපටය ද, 21 වැනිදා ආකාස කුසුම් චිත්‍රපටය ද තිරගත වේ.

චිත්‍රපට දැක්ම 18දා සිට


මාලිනී න්‍යාය දොරට වඩියි

නිළි රැජණ මාලිනී ෆොන්සේකාගේ රංගන දිවිය ගැඹුරු විවරණයක යෙදෙන ජැක්සන් ඇන්තනි ලියූ මාලිනී න්‍යාය කෘතිය පසුගිය දින ජනගත කෙරිණි. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදීය. ඒ සඳහා ප්‍රවීණ රංගන ශිල්පීන් හා විශේෂිත ආරාධිතයන් පිරිවරා මාලිනී න්‍යාය දොරට වැඩුම සිදු කරන ලදී. මාලිනී න්‍යාය මාලිනී ෆොන්සේකා පිළිබඳ පූර්ව කථනය මහාචාර්ය පැට්‍රික් රත්නායක සිදු කළ අතර එහි න්‍යාත්මක දෙසුම ජැක්සන් ඇන්තනි සිදු කිරීම විශේෂත්වයකි.

ජැක්සන් ඇන්තනි ලියූ මාලිනී න්‍යාය කෘතිය එදින මාලිනී ෆොන්සේකාට පිරිනැමූ මොහොතයි මේ.

සේයා - නිශ්ශංක විජේරත්න


ඊ. ඒ. පී. හැර දමා ගලගෙදර ස්කෝප් යයි

වසර විසි තුනක් ඊ. ඒ. පී. ආයතනයේ සේවය කළ ජයරත්න ගලගෙදර සිය සේවා ස්ථානය වෙනස් කොට ඇති වග සරසවියට දැන්වීය. ඔහු මේ වනවිට ස්කෝප් සිනමා සමාගමේ අලෙවි සහ නිෂ්පාදන කළමනාකරු ලෙස අභිනව පත්වීම ලැබ තිබේ. එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි තුෂාන් රංගන මීමනගේ අතින් ඔහු එම පත්වීම ලබා ගත්තේය.


නලින්ගේ ගීත තැටිය එළිදකී

ගායක නලින් ජයවර්ධනයන්ගේ ගීත ඇතුළත් 23 වැනි සංයුක්ත තැටිය මේ මස 13 වැනිදා ඕස්්ට්‍රේලියාවේ පර්ත් නුවරදී එළි දැක්වුණි. නලින්ගේ ගී ගායනය හරහා නවක ගී පද රචකයින්ට ලැබෙන්නේ ඉමහත් අවස්ථාවකි. ඉතාලියේ වෙසෙන මාක් ඇන්ටනි කුමාරගේ මෙහි සියලු ගීත රචනා කොට තිබේ.

සංගීත් වික්‍රමසිංහ, ආනන්ද වෛද්‍යසේකර, ධම්මික එදිරිසූරිය, ජයංග දැදිගම සහ රුක්ෂාන් කරුණානායක මෙම ගී තැටියට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ. එහි මුල් පිටපත මේ දිනවල ඕස්්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටින සරසවිය හිටපු කර්තෘ ගාමිණී සමරසිංහ වෙත පිරිනැමූ අවස්ථාවයි මේ.


මුද්‍රා 20 සිට 24 දක්වා

රවිබන්ධු විද්‍යාපති කලායතනය මඟින් පවත්වනු ලබන නර්තන හා මුද්‍රා නාට්‍ය හා බෙර වාදන උලෙළ 'මුද්‍රා' නමින් මෙම මස 20 වැනිදා සිට 24 දා දක්වා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ. එහිදී කලාංගයන් පැවැත්වෙන පිළිවෙළ මෙසේය.

20 වැනිදා වසන්තයේ බිලි පූජාව - මුද්‍රා නාට්‍ය

21 වැනිදා මැක්බර්ත් මුද්‍රා නාට්‍ය

22 වැනිදා බහුරංග - භේරී සංගීතය

23 වැනිදා චරණ - සම්ප්‍රදායික හා නව නර්තන ප්‍රසංගය

24 වැනිදා ඔතලෝ - මුද්‍රා නාට්‍යය

මෙම දිනයන්හි සවස 7.00 ට කලාංගයන් ආරම්භ වනු ඇත.


ආනන්ද සමරකෝන් පදනම නව මුහුණුවරකින්

ජාතික ගීයේ නිර්මාතෘ, චිත්‍ර ශිල්පී, ප්‍රවීණ සංගීතඥ නැසීගිය කලාකරු ආනන්ද සමරකෝන් ශූරීන් සිහිකර එතුමාට උපහාරයක් ලෙස එදා බිහි වූ ආනන්ද සමරකෝන් පදනම නව නිලධාරි මඬුල්ලකගේ සහභාගිත්වයෙන් නව ව්‍යවස්ථාවක් යටතේ පසුගියදා ආරම්භ විය.

මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය පණ්ඩුල ඇඳගම, මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මෙන්ම විශාරද ආචාර්ය රෝහණ වීරසිංහයන් සෙසු අනුශාසකයෝ වෙති.

නව නිලධාරි මණ්ඩලයට සභාපති සුනිල් සමරකෝන්, ලේකම් සරත් ජයවීර මහතා, භාණ්ඩාගාරික ඉලංගා කරුණාරත්න මෙන්ම ජාතික සංවිධායක ලෙස ජයන්ත කරුණාරත්න තෝරා ගැනිණ.

සෙසු නිලධාරින් ලෙස උප සභාපති රොහාන් කල්දේරා මහතා සහ උප ලේකම් ලෙස ලලිත් පීරිස් මහතා තෝරා ගත් අතර ලක්මාල් නානායක්කාර, නිහාල් රාජකරුණානායක, අජන්තා කල්දේරා යන මහතුන් සමඟ රංජනී සමරකෝන්, වසන්ති කල්දේරා, දේවිකා පීරිස් යන මහත්මීන් කාරක සභිකයින් ලෙස තේරී පත්විණි.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින අයකුට ආනන්ද සමරකෝන් පදනමේ සාමාජිකත්වය නොමිලේ ලබාගත හැකි අතර ඒ සඳහා 0777326252 දුරකතන අංකයෙන් සුනිල් සමරකෝන් මහතා ඇමතිය හැකිය.