වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා




කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .
දඟදාස නික්ම ගියේය
හිරු උලෙළට බොලිවුඩ් තරු එති
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද
සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු
සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති

නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති

මොරටු පුරවරයෙන් බිහිව කලාව වෙනුවෙන් කළ අති මහත් වූ සේවාව උදෙසා මොරටු පුත්‍රයින් තිදෙනෙක් මෙම මස 15 වැනිදා උපහාර තිළිණයන්ගෙන් පිදුම් ලබති. එලෙස උපහාරයන් ලබන කලාකරුවන් වනුයේ නිහාල් නෙල්සන්, ටෙනිසන් කුරේ සහ චන්දන වික්‍රමසිංහයි.

මොරටුව පුරන් අප්පු ක්‍රීඩාංගනයේදී 15 වැනිදා පැවැත්වෙන විශේෂ උත්සවයකදී මේ උපහාරය පිදේ. මෙදින තවත් විශේෂ කටයුත්තක් වනුයේ රත්මලාන ගොළුමඩම හන්දියේ පැවැත්වෙන රිය පෙරහැරයි. උපහාර ලබන කලාකරුවන් තිදෙනා එතැන් පටන් මොරටුව පාලම දක්වා රිය පෙරහරින් කැඳවාගෙන යනු ලබයි. උපහාර උත්සවයෙන් අනතුරුව ලාල් විතානගේ ප්‍රමුඛ සන්ෂයින් සංගීත කණ්ඩායම සංගීතවත් කරන දැවැන්ත සංගීත සැඳැවක් ද පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ජනප්‍රිය නළු නිළියන්, ගායක ගායිකාවන් සහභාගී වනු ඇත.


කළුහිම තිරයට ආ දා

උපාලි ගම්ලත් අධ්‍යක්ෂණය කළ වජිරා රාජපක්ෂ නිෂ්පාදනය කළ කළුහිම සිනමාපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්විණි. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදීය. සිනමාපටයට දායක වූ සියලු නළු නිළියන් පිරිවරා එහි විශේෂ මාධ්‍ය දර්ශනය පැවැත්විණි. මේ එහි විශේෂ තැන් සරසවිය කැමරා කාචයෙහි සටහන් කරගත් අයුරුයි.


රැලිය රීමික්ස් අරලියගහ මන්දිරයේ

සිසිල් ගුණසේකර නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළ රැලිය රීමික්ස් වේදිකා නාට්‍යය ඉකුත් දා අරලියගහ මන්දිරයේදී වේදිකා ගත විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සාගල රත්නායක ඇතුළු මහත්වරු රැසක් මෙම අවස්ථාවේදී රැලිය රීමික්ස් නැරැඹීමට එක්ව සිටියෝය. මෙම නාට්‍යයෙහි ප්‍රධාන චරිතය ටෙනිසන් කුරේ විසින් රඟනු ලබයි.


ජෝති වෙනුවෙන් ජෝතිමත් ජෝති

සදා අමරණීය ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාලයන්ගේ 31 වැනි ගුණානුස්මරණය නිමිති කර ගනිමින් ජෝතිමත් ජෝති වූ මංගල කලාපය ඉකුත්දා නිකුත් විය. තෛ‍්‍ර මාසික ප්‍රකාශනයක් වන මෙය රූපසේන සිල්වාගේ සංස්කරණයකි. ප්‍රකාශය ඩබ්ලිව්. ජයසේන ද අල්විස්ගෙනි.


සූරිය කුමාර්ගේ ගී මතක අද

කලා භූෂණ සූරියකුමාර් මුත්තලගේ සහභාගී වන ගී මතක වැඩසටහන අද උදෑසන 8.30 ට දෙරණ නාලිකාවේ විකාශය වේ. විශාරද කල්පනා කාවින්ද යුග ගායනයෙන් දායක වන මෙහි සංගීතය මෙහෙයවීම විශාරද සිදත් සෝමසුන්දර විසිනි. ලංකා පෙරේරා මෙම වැඩසටහන නිවේදනයෙන් මෙහෙයවයි. ගී මතක රාජිතා ක්‍රිෂාන්තිගේ නිෂ්පාදනයකි.


ලයිලා මජ්නු නූතන ගී නළුව 15 දා කරළියට

ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ, රංගන ශිල්පී හා රචක හේමන්ත ප්‍රසාද් සහ ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු, සංස්කාරකවරයකු සහ රූපවාහිනී අභ්‍යාස ආයතනයේ දේශකවරයකු වන තාරක බැද්දගේ එක්ව ඉදිරිපත් කරන නූතන ගීත නළුව මේ මස 15 වැනිදා සෙනසුරාදා සවස 6.30 ට කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාතේ සෞන්දර්ය නිකේතනයේදී කළඑළි දැක්වේ.

මෙය හේමන්ත ප්‍රසාද් සහ තාරක බැද්දගේ දෙපළ විසින් දුෂ්කර පළාත්වලින් තෝරා ගත් තරුණ තරුණියන් පිරිසකට මාස 6 ක් පුරා නොමිලේ රංගන පුහුණු වැඩසටහන් මෙහෙයවීමෙන් පසු ඔවුන් කලඑළි දැක්වීම සඳහා ඉදිරිපත් කරන ගීතමය නාටකයකි. ලයිලා මජ්නු ප්‍රේම කතාව ඇසුරින් නිපදවනු ලැබූවක් වන මෙය 'රැව්' ඇකඩමියේ ඉදිරිපත් කිරීමකි.


ධර්ම රාජ්‍යය 16 දා

ඩැනී සමරවීර නවතම නාට්‍ය නිර්මාණය ධර්ම රාජ්‍යය සැප්තැම්බර් 16 වෙනිදා කොටිකාවත්ත රාජසිංහ මහා විද්‍යාලයේදී වේදිකා ගතවේ.

මෙහි රින්ස්ලි වීරරත්න, මාක් සැම්සන්, දොන් ගයි,සරෝජනි කවිරත්න, උපුල් ශ්‍රී, අනුර වරාගොඩ, චින්තක පතිරණ, නිමල් රත්නායක, ආනන්ද වික්‍රම කීර්ති, නීල් හේවගේ, ඩිලාන් අසංක, ජයසි සෙනාරා, හිරුණි මධාරා ආදී රංගන ශිල්ප ශිල්පිනියන්ගෙන් හැඩ වැඩ වේ.