වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා




කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .
දඟදාස නික්ම ගියේය
හිරු උලෙළට බොලිවුඩ් තරු එති
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද
සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු
සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
24 frames

යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට

යාපනය අන්තර් ජාතික සිනමා උලෙළ 2018 ඔක්තෝ්ම්බර් මස 03 වැනි දින සිට 08 වැනි දින දක්වා සිව්වෙනි වරටත් යාපනයේදී පවත්වනු ලැබේ.

අද්‍යතන සිනමාවේ නිර්මාණශීලී ඉදිරිපත් කිරීම් ගවේෂණය කරන අපක්ෂපාතී වේදිකාවක් වන යාපනය අන්තර් ජාතික සිනමා උලෙළ ඉදිරිපත් කරනු ලබන්නේ සිලෝන් තියටර්ස් සමාගම සහ යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශය හා එක්ව Agenda 14 ආයතනයයි.

වෘත්තාන්ත, වාර්තා හා කෙටි චිත්‍රපට 80 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් මෙවර සිනමා උලෙළ සඳහා රටවල් 30 ක් පමණ සහභාගි වනු ඇත.

යාපනයේ කාගිල්ස් චතුරස්‍රයේ පිහිටි මැජෙස්ටික් සිනමා සංකීර්ණයේදී 2018 ඔක්තෝම්බර් මස 03 වන දින ප. ව. 5.45 ට මෙවර යාපනය අන්තර් ජාතික සිනමා උලෙළ ආරම්භ කෙරෙන අතර සම්මාන ප්‍රදාන උත්සවය 2018 ඔක්තෝම්බර් මස 08 වන දින ප. ව. 6.15 ට පැවැත්වෙනු ඇත.

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී් වෙනුවෙන් පිරිනැමෙන යාවජීව සම්මානය, තරුණ සිනමාකරුවන්ගේ ප්‍රථම චිත්‍රපටය, හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටය, හොඳම දේශිය කෙටි චිත්‍රපටය හා වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිනූ කෙටි චිත්‍රපටය යන කාණ්ඩ ඔස්සේ සිනමාවේ ජ්‍යෙෂ්ඨයින් සඳහා ගරුත්වය පිරිනැමීමේත්, නූතන පරම්පරාවේ චිත්‍රපට නිර්මාණකරුවන් දිරි ගැන්වීමේත් අභිප්‍රායෙන් යුතුව සම්මාන 05 ක් පිරනැමීම සිදු කරනු ඇත.

මලයාලම් සිනමාකරු ෂාජි නාරායන් කරුන්ගේ 'පිරවි' (1989) 'වනප්‍රසාදම්' (1999). 'කුට්ටි ග්‍රානක් (2009) 'ස්වාප්පානම් (2013) සහ තවත් ඔහුගේම කෙටි චිත්‍රපට කිහිපයක් ප්‍රේක්ෂකයන් වෙත ප්‍රදර්ශනය කරමින් එකී මලයාලම් සිනමාකරුගේ නිර්මාණාත්මක ගමන් මඟෙහි ප්‍රත්‍යාවලෝකනයක් මෙම චිත්‍රපට උලෙළෙහි තිරගත කරනු ඇත. තවද සාජි නාරායන් කරුන් මහතා මෙම චිත්‍රපට උලෙළේ අවසාන දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ද සහභාගිවීමට නියමිතය.

ප්‍රවීණ ඇමෙරිකානු සිනමාකරු බ්‍රැඩ් ඕල්ගුඩ්, සම්මානලාභී ඉන්දීය සිනමාකරු ෂාජි නාරායන් කරුන්, සම්මානලාභී ඉන්දීය සිනමා නිළි ඌර්වසී අර්චනා සහ සුප්‍රකට ඊජිප්තු සිනමා විචාරක සාෆා එලයිසි හැග්ගැග් විසින් වෘත්තීයමය නිපුනත්වය නවක සිනමාකරුවන් සමඟ බෙදා හදා ගන්නා Master Class කිහිපයක් ද මෙම උලෙළේදී පැවැත්වෙනු ඇත.

හැත්තෑව දශකයේ සිට අසූව දශකය දක්වා යාපනයේ සිනමාවේ ගමන් මඟ සම්බන්ධව සංවිධානය කරන Ever Green Silver Screen A Walk Through 70-80's Cinemas of Jaffna'  නමැති අතීත සැමරුම් චාරිකාවක් යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ ප්‍රධානි හා දෘශ්‍ය කලා ශිල්පී ආචාර්ය ටී. සනාතනාන් මහතා විසින් සිදු කරනු ඇත.


ජැක්සන්-ස්වර්ණා එක්කොට දඩ ඉමට අද මුල පුරයි

දඩඉම නමැති සිනමා සිතුවමක් අධ්‍යක්ෂණය කරමින් තවත් වෛද්‍යවරයකු සිනමා අධ්‍යක්ෂවරයකු වෙයි. ඔහු විශේෂඥ වෛද්‍ය නෙඕමාල් පෙරේරායි. ඔහුගේ කුලුඳුල් සිනමා සිතුවම අද දිනයේ පැවත්වෙන මුහුරත් උලෙළින් පසුව ආරම්භ වේ. දඩඉම ලෙසට නම තබා ඇති එය වෛද්‍ය නෙඕමාල් විසින් ගෙත්තම් කළ කතා පුවතකට අනුව නිර්මාණය වේ. ජැක්සන් ඇන්තනි, ස්වර්ණා මල්ලවආරච්චි. මහේන්ද්‍ර පෙර්රා, අකිල ධනුද්ධර ඇතුළු නළු නිළියන් රාශියක් මෙහි රංගනයෙන් දායක වෙයි. රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂවරයාය. හර්ෂ මංජුලගේ අංග රචනයකි. ගීත රචනය සුනිල් ආරියරත්න විසිනි. දඩඉම වෛද්‍ය නෙඕමාල් සමඟ ඔහුගේ බිරිය වෛද්‍ය නිශානි ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.


සෝමරත්න දිසානායකගේ සුනාමි මහනුවරට ඇවිත්


තිරනාටකය පිළිබඳ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වූ සෝමරත්න දිසානායකගේ සුනාමි සිනමාපටය මේ දිනවල මහනුවර ආශ්‍රිතව රූපගත කිරීම් සිදු වෙයි. රේණුකා බාලසූරිය මෙහි නිෂ්පාදකවරියයි. බිමල් ජයකොඩි, හිමාලි සයුරංගි, දර්ශන් ධර්මරාජ්, නිරංජනී ශන්මුගරාජා, විශ්වජිත් ගුණසේකර, ගිරිරාජ් කෞශල්‍ය, ලලිත් ජනකාන්ත, සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර, අනුරුද්ධිකා පාදුක්කගේ, ජේ. යෝගරාජා, රංජනී රාජ්මෝහන්, අශෝක සේරසිංහ සුනාමි සඳහා රංගනයෙන් දායක වේ. විශ්ව බාලසූරිය කැමරා අධ්‍යක්ෂවරයාය. සුනිල් විජේරත්නගේ කලා අධ්‍යක්ෂණයකි. මෙත්නුවන් විජේසිංහ ඇඳුම් නිර්මාණ ශිල්පියාය. විධුර අබේධීරගේ අංග රචනයකි. ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නිම වන සුනාමි හි තිර රචනය සෝමරත්න දිසානායකගෙනි. රේණුකා බාලසූරිය සමඟ මධුරංග ජාගොඩ නිෂ්පාදන කළමනාකරණයෙන් එක් වෙයි.


ප්‍රීතිරාජ් එදත් දිනුම් අදත් දිනුම් අරඹයි


එදා නොම්මර 17 නිෂ්පාදනය කරමින් ඒ වසරේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස සරසවිය සම්මාන දිනූ නිෂ්පාදක ප්‍රීතිරාජ් වීරරත්න තවත් සිනමාපටයක් නිර්මාණය කිරීමට සූදානම් වෙයි. එය නම් කොට ඇත්තේ එදත් දිනුම් අදත් දිනුම් යනුවෙනි. ප්‍රීතිරාජ් මෙලෙස එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ ඔහු අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය වූ තිත්ත ඇත්ත හි පසු නිෂ්පාදන කටයුතු නිම වූ පසුවය. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වූ එදත් දිනුම් අදත් දිනුම් හි පුබුදු චතුරංග, ජයසේකර අපොන්සු, රොනී ලීච්, රජිත හිරාන්, චතුර පෙරේරා, මධුශානි වික්‍රමසිංහ, සුසිලා කෝට්ටගේ, ඩී. බී. ගංගොඩතැන්න, දිල්කි මිහිරාජි, ටෙඩී විද්‍යාලංකාර, කීර්ති රංජිත්, කිරන් ජි සොයිසා, රවින්ද්‍ර ප්‍රදීප් ඇතුළු පිරිස චරිත මවති. කතාව, දෙබස්, තිර රචනය හා නිෂ්පාදනය ද ප්‍රීතිරාජ් වීරරත්නගෙනි. සජිත වීරප්පෙරුම කැමරා අධ්‍යක්ෂවරයාය. සුරේෂ් කුමාරසිංහගේ සහාය අධ්‍යක්ෂණයකි. ඉරාජ් වීරරත්න සංගීත අධ්‍යක්ෂවරයාය. එළඹෙන ඔක්තෝබර් මස සිට කොළඹ, නුවරඑළිය, අඹේවෙල අවට එදත් දිනුම් අදත් දිනුම් රූගත වනු ඇත.