|
මවක හා පුතෙකු අතර සර්වකාලීන බැඳීම2017 වසරේ තිරගත කෙරුණු elaiilla Pattadhari 2 දෙමළ චිත්‍රපටයෙන් පසු කාජල් රිදී තිරයේ දැක ගන්න ලැබුණේ නැහැ. මේ වසරේදී රිදී තිරයෙන් ඇය දකින්නට ලැබෙන්නේ පසුගිය 12 වැනිදා සිට තිරගත කිරීම ඇරඹි Helicopter Eela චිත්‍රපටයෙන්. කාජල් එහි පණ පොවන්නේ ගායිකාවක මෙන්ම උසස් අධ්‍යාපනය හදාරන පුතෙකුගේ මවකගේ චරිතයටයි.
සැබෑ ජීවිතයේදී ද ඇය අවුරුදු 15ක දියණියකගේ සහ අවුරුදු 8ක පුතෙකුගේ මවක්. බොහෝ නිළියන් රිදී තිරයේදී තම සැබෑ වයස පෙන්වීමට අකමැති වන විටදී කාජල් මෙවැනි චරිතයකට පණ පෙවීම බොහෝ දෙනෙකුගේ ප්රසංශාවට ලක් වී ඇත. Helicopter Eela චිත්‍රපටයේ දී ඊලා නම් වන ඇය, පුත්‍රයා සමඟින් තනිකඩ මවක් ලෙස ජීවිතයට මුහුණ දෙන අතර තම අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම වෙනුවෙන් පුතු අධ්‍යාපනය ලබන පාසලටම ශිෂ්‍යාවක ලෙස ඇතුලත් වන්නීය.
Mardaani,Lafangey Parindey,Parineeta වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රදීප් සර්කාර් විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබා දී තිබෙන්නේ තිබෙන්නේ, ජයන්තිලාල් ගාධා, අක්ෂේ ජයන්තිලාල් සමඟින් කාජල්ගේ ආදරණීය සැමියා අජේ දේව්ගන් විසින්. සම්මානනීය රංගන ශිල්පියෙක් වන අජේ මේ වන විට නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන්ද බොලිවුඩයට සිය දායකත්වය ලබා දෙමින් සිටියි. 2008 වසරේදී අජේ අධ්යක්ෂණයට පිවිසියේ ප්‍රේමණීය කතාවක් රැගත් U Me Aur Hum චිත්‍රපටය සමඟිනි. එහි ප්‍රධාන නිළි චරිතයට පණ දුන්නේ ද කාජල් විසිනි. Helicopter Eela චිත්‍රපටය රචනා කොට තිබෙන්නේ, ගුජරාති වේදිකා නාට්‍යයක් වන Beta Kaagdo ඇසුරින්. ඉන්දීය ජාතික සම්මානයෙන් පිදුම් ලද අධ්යක්ෂවරයකු තිරරචකයකු වන ආනන්ද් ගාන්ධි සහ මිතේෂ් ෂා විසින් එය රචනාකර තිබේ.
මෙහි ඊලාගේ පුතුගේ චරිතයට පණ පොවන්නේ, විසි හැවිරිදි බෙංගාලි නළුවකු වන රිද්ධි සෙන් විසිනි. වේදිකා නාට්‍ය ක්ෂේත්රයේද ක්‍රියාකාරි වන රිද්ධි කල්කටාහි සවුත් පොයින්ට් පාසලේ අධ්‍යපනය හදාරමින් සිටියි. ඔහු බෙංගාලි වේදිකා නට්‍ය නළුවකු වන කෞෂික් සෙන්ගේ පුත්‍රයා වන අතර නිළියක හා නර්තන ශිල්පිනියක වන චිත්‍රා සෙන්ගේ මුණුපුරා වේ. මීට අමතරව රෝයි චෞද්රි, නේහා ධූපියා, අතුල් කුල්කර්ණි, මුකේශ් රිෂී ඇතුලු පිරිසක් ද රංගනයෙන් දායක වී ඇත. අමිතාබ් බච්චන්ද සිය සැබැ නමින්ම විශේෂ දර්ශනයකට පෙනී සිටින අතර ඉන්දීය සංගීතඥයන් රැසකගේ දායකත්වයද එලෙසින්ම හිමි වී ඇත. ඉම්රාන් ඛාන්, අනූ මලික්, අලීෂා චිනෝයි, ශාන් ඒ අතර වේ. මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ අමිත් ත්රිවේදි විසිනි. අර්ජිත් සිං, සුනීධි චෞහාන්, ශිල්පා රාඕ ඇතුලු පිරිසක් මෙහි ගීත ගායනයෙන් දායක වී ඇත.
|