|
2018 උසස් පෙළ සඳහා සැරසෙමු
රති හාස ශෝක සමඟ භරතමුනි ගැන ඉගෙන ගමු
සංස්කෘත රංග ශෛලියේ විශේෂ ලක්ෂණ (පසුගිය සතියෙන්..)
ද සංස්කෘත වේදිකාවේ පෙන්වන දෑ 'දෘශ්‍ය' නමින් හැඳින්වේ. පෙන්විය නොහැකි එහෙත් ඇඟවිය යුතු දෑ 'සුච්‍ය' (සුචක) නමින් හැඳින් වේ. සංස්කෘත වේදිකාවේ පෙන්විය නොහැකි එහෙත් ප්‍රේක්ෂකයන් දැනගත යුතු කරුණු ඉදිරිපත් කරන උපක්‍රම 'අර්ථෝපක්ෂේප' නම් වේ. එම උපක්‍රම පහත සඳහන් වේ. 1. ප්‍රවේශක 2. විෂ්කම්භක 3. චූලිකා 4. අංකමුඛ 5.අංකාවතාර
ප්‍රවේශක හා විෂ්්කම්භක සුළු පාත්‍රයන් අතර සාකච්ඡා මඟින් යම් යම් දේ දැන ගැනීමට සැලැස්වීම ප්‍රවේශක සහ විෂ්කම්භක මඟින් සිදු වේ. විෂ්කම්භකයකට සංස්කෘත භාෂාව කථා කරන එක් චරිතයක් හෝ සිටීම අනිවාර්ය වන අතර ප්‍රවේශකයක දක්නට ලැබෙන්නේ ප්‍රාකෘත භාෂාවන් කථා කරන චරිත පමණි. විෂ්කම්භයක් ප්‍රස්ථාවනාව හා පළමු අංකය අතර වුව ද යෙදිය හැකිය. එහෙත් ප්‍රවේශකයක් යෙදිය හැක්කේ අංක දෙකක් අතර පමණි. අංකමුඛ එක් අංකයක චරිත මවන පාත්‍රයා ඊළඟ අංකයේ පෙනී සිටින චරිතය පිළිබඳව හැඳින්වීමක් කරයි. අංකාවතාර එක් අංකයක චරිත මවන පාත්‍රයා ඊළඟ අංකයේ ද පෙනී සිටියි. චූලිකා නේපත්‍යාගාරයේ සිට කරනු ලබන ඇඟවීම් උදා - සකුන්තලා නාට්‍යයේ දුර්වාසස්ගේ ශාපය
කක්ෂ්‍යා භාවිතය එකම වේදිකාවේ එක් තැනක එක් දෙයක් සිදු වන විට තවත් තැනක තවත් දෙයක් සිදුවීම 'කක්ෂ්‍යා භාවිතයයි'. උදා - සකුන්තලා තම මිතුරියන් සමඟ එක් කක්ෂ්‍යාවක සිට මල්පැලවලට වතුර දමද්දී දුෂ්‍යන්ත රජු තවත් කක්ෂ්‍යාවක සිට එදෙස බලා සිටියි. (දුෂ්‍යන්ත රජුට සකුන්තලා ඇතුළු පිරිස පෙනුණ ද සකුන්තලා ඇතුළු මිතුරියන්ට දුෂ්‍යන්ත රජු නොපෙනේ. එය සම්මුතියයි)
පූර්ව රංගය සහ භරත වාක්‍යය සංස්කෘත නාට්‍යයක් පූර්ව රංගයෙන් ආරම්භ වේ. පූර්ව රංගයේ මුල් කොටසේදී 'නාන්දි' ගීතය ගායනා කරනු ලබයි. එය බොහෝ විට ශිව දෙවියන් වන්දනා කරන ගීතයකි. පූර්ව රංගයේ දෙවැනි කොටසේදී 'ප්‍රස්ථාවනාව' හෙවත් 'ස්ථාපනා' ඉදිරිපත් කරනු ලබයි. එය සූත්‍රධර 'නට' නම් නළුවෙකු සමඟ හෝ 'නටී' නම් නිළියක සමඟ ඉදිරිපත් කරයි. සකුන්තලයේ ප්‍රස්ථාවෙනාවෙන් ඉටු කරන කාර්යයන් කිහිපයකි. 1. කතුවරයා සහ නාට්‍ය පිළිබඳව හැඳින්වීම 2. නාට්‍යයේ කතා වස්තුව පිළිබඳව ඉඟියක් ලබාදීම. 3. නාට්‍යයට සම්බන්ධ කිරීම
රසවාදය භරතමුණිගේ නාට්‍ය ශාස්ත්‍රයේ රස සූත්‍රය දක්වා ඇත්තේ පහත දැක්වෙන පරිද්දෙනි. විභානුභාවව්‍යාභිචාරි සංයෝගාද් රස නිශ්පත්තිඞ මෙයින් අදහස් කෙරෙන්නේ විභාව + අනුභාව + ව්‍යාභිචාරි සංයෝගයෙන් රස උපදින බවයි.
විභාව සිතේ ඇතිවන හැඟීම්වලට හේතුව 'විභාව' නමින් හැඳින්වේ. මෙම විභාව කොටස් 02 කි. * ආලම්භන විභාව * උද්දීපන විභාව
ආලම්භන විභාව අරමුණු වන වස්තුව ආලම්භන විභාවයි. උදා - සකුන්තලා නාට්‍යයේ දුෂ්‍යන්තට සකුන්තලා උද්දීපන විභාව මෙය හැඟීම් වර්ධනයට බලපාන්නා වු පරිසරය උදා - සකුන්තලා නාට්‍යයේ දුෂ්‍යන්ත හා සකුන්තලාගේ ප්‍රේමය වර්ධනය වීමට බලපාන තපෝවන පරිසරය
අනුභාව අනුභාව යනු හැගීම් ඇතිවීම නිසා පාත්‍රයා තුළ ඇතිවන වෙනසයි. මෙවැනි භාව 8 ක් භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ දක්වා ඇත. ස්ථම්භ - ශරීරය දරදඬුවීම වෛවර්මණ්‍ය - ශරීරයේ පැහැය වෙනස්වීම ස්වේද - දහඩිය දැමීම රෝමාඤ්ච - රෝම කූප අවදි වීම ස්වර භංග -කටහඬ වෙනස්වීම වේපථු -ශරීරය වෙව්ලීම අශ්‍රැ - කඳුළු සැලීම ප්‍රලය - සිහිමුර්ජා වීම
ව්‍යාභිචාරි භාව භරතමුනි වරයා නාට්‍ය ශාස්ත්‍රයේ දිය බුබුළු මෙන් ඇති වී නැති වී යන භාව 23 ක් දක්වා ඇත. උදා - නිර්වේද - කලකිරීම ග්ලානි - ලෙඩ ගතිය සංඛා - සැකය අසූයා - ඊර්ෂ්‍යාව
ස්ථායි භාව අප තුළ ස්ථාවරව පවතින භාවයන් ස්ථායි භාව නම් වේ. භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ ස්ථායි භාව 08 ක් සහ එයින් උපදින රස 8 ක් දක්වා ඇත.
ස්ථායිභාව රස
රති ශාංගාර රසය හාස හාස්‍ය රසය ශෝක කරුණ රසය ක්‍රෝධ රෞද්‍ර රසය උත්සහ වීර්යය රසය භය භයානක රසය ජුගුප්සා භීබත්ස්‍ය රසය විස්්ම අද්්භූත රසය
මෙයට පසුකාලීනව 'ශ්‍රම' නැමැති භාවයත් එයින් උපදින 'ශාන්ත' රසයත් එකතු විය. ඒ අනුව මෙම ස්ථායි භාව නවයෙන් උපදින රස නවය 'නවනළු රසය' ලෙස හඳුන්වනු ලබයි.
ද භරතමුනිගේ රස සූත්‍රයේ දක්නට ලැබෙන අඩුපාඩු දෙකකි. 1. ස්ථායිභාව රස සූත්‍රයට සම්බන්ධ නොවිම 2. ශ්‍රම නැමති භාවය සහ එයින් උපදින ශාන්ත රසය අඩංගුව නොතිබීම
සංස්කෘත නාට්‍යකරුවෝ සහ නිර්මාණ 1. අශවඝෝෂ - ශාරිපුත්‍ර ප්‍රකරණය 2. භාස - ස්වප්නවාසවදත්ත, ප්‍රතිඥායෞගන්ධරායණ, අවිමාරක, චාරුදත්ත, ප්‍රතිමා නාටක, අභිෂේක නාටක, පංචරාත්‍රය, දූතවාක්‍ය, මධ්‍යම ව්‍යායෝග, දූතඝටෝත්කච, කර්ණභාර, ඌරු භංග 3. කාලිදාස - මාලවිකාග්නිමිත්‍ර, වික්‍රමෝර්වශිය, අභිඥාන ශාකුන්තලය 4. ශුද්‍රක - මෘච්ඡකටිකය (මැටි කරත්තය) 5. ශ්‍රී හර්ෂ - රත්නාවලී, ප්‍රියදර්ශිකා, නාගානන්ද 6. භවභූති - මාලතීමාධව, මහා වීර චරිත, උත්තරරාම චරිත 7. විශාඛදත්ත - මුද්‍රාරාක්ෂසය 8. භට්ටනාරායන - වේණිසංහාර |