|
විවිධ කුසලතාවන්ගෙන් හෙබි හේමාල් තිරිමාන්න
රංගන ශිල්පියකු, අධ්‍යක්ෂවරයකු මෙන්ම රූප රචකයකු ලෙසින් කලා ක්ෂේත්‍රයට එක් වූ හේමාල් තිරිමාන්න මේ වන විට විවිධ කලා හැකියාවන් ඔස්සේ දුරගමන් පැමිණ සිටී. ඇක්වයිනාස් ආයතනයේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන අවධියේ ශේක්ස්පියර් නාට්‍යයේ රංගනයට එක්වන හේමාල් ඉංග්‍රීසි භාෂාවෙන් රෝමියෝ ජුලියට් නාට්‍යයේ පෙර පුහුණු කරන කාලයේ සිංහල නාට්‍ය දෙකක රඟපෑමේ වරම් හිමි කර ගත්තේය.
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි සමග භවත්‍රා ටෙලි නාට්‍යයේ සුළු චරිතයකට එක් වෙමින් ටෙලි නාට්‍ය රංගනයට එක් වූ හේමාල්, චන්ද්‍රරත්න මාපිටිගමගේ ගෙදර බුදුන් අම්මා ඒකාංගික ටෙලි නාට්‍යයේ රඟමින් පුංචි තිරයට අවතීර්ණ විය. ස්වේතා, සුන්දරයි ප්‍රේමය, සකිසඳ සුවාරිස්, ආදර රිද්මය, ගැහැනු ළමයි ආදී ටෙලි නාට්‍ය බොහොමයකට රංගනයෙන් එක්වීමේ වාසනාව උදා කර ගත් හේමාල් ටෙලිවිව් ආයතනයේ රංගනය පිළිබඳ හැදෑරීමක් ද සිදු කරනු ලැබීය. මතට තිත, දැයට කිරුළ, බිස්කට් හා ජලනළ වෙළෙඳ දැන්වීම් කිහිපයකට ද රංගනයෙන් දායක වු ඔහු චිත්‍රපට හතරකට පමණ සිය රංගනය එක්කරනු ලැබීය.
චිත්‍රපට අධ්‍යක්ෂ සනත්
පැරණි ජනප්‍රිය චිත්‍රපට ගී ඉදිරි පරපුර වෙත රැක ගැනීමේ අපේක්ෂාවෙන් ඇරඹි මෙම
කර්තව්‍යයේදී හේමාල් රංගනයෙන් හා අධ්‍යක්ෂණයෙන් ඒ සඳහා දායක විය. ස්වීප් ටිකට්
චිත්‍රපටයේ රූප රචනයෙන් අධ්‍යක්ෂණයෙන් හා රංගනයෙන් ගී ප්‍රතිනිර්මාණ කටයුත්තට මුල
පිරූ හේමාල් තම කලා ජීවිතයේ අත්දැකීම් ඒකරාශි කොට ඩී. වී. ඩී. චිත්‍රපට කිහිපයක්
අධ්‍යක්ෂණය කරනු ලැබීය. රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන්, නිෂ්පාදනයෙන් දායක වෙමින් සීතල
රැයක් නමින් තම කුළුඳුල් ඩීවීඩී චිත්‍රපටය එළි දැක් වූ හේමාල් තම කුලුඳුල්
නිෂ්පාදනය ගැන අදහස් පළ කළේ මේ අයුරින්. මගේ මුල් නිෂ්පාදනය වූ 'සීතල රැයක්' ආදරේ
ත්‍රාසය, භීතිය මුසු චිත්‍රපටයක්. මෙහිදී මා උත්සාහ කරනු ලැබුවා දේශීය ඩී. වී. ඩී.
කලාවේ දුර්වල තැන් මඟ හරිමින් නිර්මාණ කාර්යයේ ගුණාත්මක භාවය ගැන අවධානය යොමු
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි සිසුවකු වන හේමාල් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා විවෘත විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව, පෝෂණ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාධාරියකු වන අතර පෝෂණවේදී හා ව්‍යායාම උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කරනු ලැබේ. තිස්ස නාගොඩවිතාන සමඟ එක් වී චිත්‍රපට ගීත නැවතත් ප්‍රති නිර්මාණය කිරීම පිළිබඳ කටයුතුවල නියැලී සිටින හේමාල් තිරිමාන්න චිත්‍රපට ගී විෂුවල් නිර්මාණ දැනුම හා නවීන තාක්ෂණික කැමරාකරණයත් භාවමය රූප රචනා කලාවත් එක් කොට තරුණ තරුණියන්ට ප්‍රීෂූට් සංකල්පයක් ද හඳුන්වා දී ඇත. කැමරා ශිල්පීන්, වේෂ නිරූපණ ශිල්පීන් ඇතුළත් ප්‍රඩක්ෂන් හවුස් එකක් ඇරැඹීමේ කටයුතුවලද නියැලී සිටින හේමාල්ගේ දේශීය ඩී වී ඩී චිත්‍රපට කලාවට නවීණ තාක්ෂණය ඔස්සේ නව මාවතක් එළි කරලන්නට බලාපොරොත්තු සහගතව සැලසුම් සකස් කරමින් සිටී. 52/66, සුහද මාවත, හොරණ පාර, පානදුර හේමාල් තිරිමාන්නගේ ලිපිනයයි.
|