වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




හතර වටේ ෆොටෝ-ෆොටෝ

හතර වටේ ෆොටෝ-ෆොටෝ

අපි හිතන්නේ තරුණ ගායකයන්ට පමණයි කියලා ආකර්ෂණය හිමි වන්නේ. එහෙම නැහැ, පෙර පරපුරේ අයටත් ඒ ආකර්ෂණය නොඅඩුව තියෙනවා. ඉකුත් දිනයකදී අපට එහෙම ගායකයෙක් හමු වුණා. ඔහු තමයි සූරිය කුමාර් මුත්තලගේ. මෙයා ඇවිත් හිටියා ලේක්හවුසියේ භක්ති ගීත වැඩ සටහනට. එදා ගීත ගයලා වේදිකාවෙන් බැස්සා. එතැන ඉඳලා ලේක්හවුසියේ දොරකඩට බොහොම කෙටි දුරයි තිබුණේ. ඒ ටික එන්න තත්පර ගණනයි වැය වෙන්නෙ. එහෙත් ඔහුට වේදිකාව අසල සිට දොරටුව ගාවට එන්න සෑහෙන වෙලාවක් ගියා. ඒ ඔහුව වටකරගත් රසික රසිකයන් නිසා. මුත්තලගේව අල්ලගෙන සෙල්ෆිත් ගැහැව්වා. විශේෂයෙන්ම මැදි වියේ කාන්තාවෝ. මුත්තලගේත් ජවසම්පන්නම ඒවාට පෙනී සිටියා.