|
දන්නා දෙන්නෙක් ගැන පරණ කතාවක්රයිගමයයි ගම්පලයයිලලිත් පේ‍්‍රමතිලකගේ කුලුඳුල් අධ්යක්ෂණයක්පැරැණි චිත්‍රපට ගෙනා ති: නා: අලුත් වෙයි
රයිගමයා ගම්පළයාගෙන් අසයි. වෙළෙඳාම, වෙළඳාම. ගම්පළයා කියයි. එතකොට උඹ මොකෝ කරන්නේ? ගම්පළයා රයිගමයාගෙන් විමසයි. මාත් වෙළඳාම, වෙළඳාම තමයි. රයිගමයා උත්තර දෙයි. එහෙත් දෙදෙනා කරන වෙළඳාමක් නැත්තේය. පැය ගණනක් එලෙස බොරු ආටෝප කරමින්, ගජබින්න ඇදබා ගනිමින් දෙන්නට දෙන්නා හඳුනා ගත්තේය. තවත් මිනිත්තු කිහිපයක් ගත වූ තැන රයිගමයාත් ගම්පළයාත් කුළුපඟ මිතුරන් බවට පත් වන්නේය. දෙදෙනා එදා නවාතැන් ගන්නේ අලුත් ගමේ අම්බලමකය. එදින ඔවුනට නින්දක් නොමැත. මින් ඉදිරියට ජීවත්වන ආකාරය පිළිබඳ කතිකා කරමින් සිටින්නේය. අවසන රයිගමයත් ගම්පළයත් බුලත් පුුවක් වෙළඳාමක යෙදෙන්නට තීරණය කරති. එමඟින් රයිගමයා ගම්පළයාව රවටන්නට හිතන්නේය. ගම්පළයා රයිගමයාව රවටන්නට හිතන්නේය. මේ අභිප්‍රායෙන් දෙදෙනා වෙළඳාම අරඹන්නේය. එහෙත් සිදු වන්නේ නොසිතූවකි.
ලලිත් ප්‍රේමතිලකගේ කුලුඳුල් අධ්‍යක්ෂණයෙන් නිම වු මෙහි රයිගමයා සහ ගම්පළයා ලෙස කුමාර තිරිමාදුර සහ ගිරිරාජ් කෞශල්‍ය රංගනයේ යෙදෙති. රයිගමයයි ගම්පළයයි ලබන සතියේ තිරයට පැමිණෙයි. රයිගමයි ගම්පළයයි නළු නිළියෝ: ගිරිරාජ් කෞශල්‍ය, කුමාර තිරිමාදුර, විජේරත්න වරකාගොඩ, පියුමි හංසමාලි, රෝහිත් මාන්නගේ, ලක්ෂ්මන් අමරසේකර, මල්කි ප්‍රනාන්දු, ඉසුරු නවෝද ඉදිරිපත් කිරීම - තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් සමාගම නිෂ්පාදනය - හරේන් නාගොඩවිතාන, දිලිනි සිල්වා සම නිෂ්පාදනය - හර්ෂමාන පණ්ඩිතරත්න, කුෂානි විජේසිංහ කැමරා අධ්‍යක්ෂණය - බුද්ධික මංගල සංස්කරණය - අනුර බණ්ඩාර සංගීතය - ශාන්ත පීරිස් පසුබිම් ගායනය - කුමාර තිරිමාදුර, ශාන්ත පීරිස් අංග රචනය - හෙන්රි ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණය - හේමන්ත ජයලත් සහාය අධ්‍යක්ෂණය - අමිල පහතගෙදර නිෂ්පාදන කළමනාකරු - උෂාන් පෙරේරා විධායක නිෂ්පාදනය - රොෂාන් සංජේ හේරත් කතා සංකල්පය, ගීත රචනය, තිර රචනය - ලලිත් ප්‍රේමතිලක
|