|
විශ්වජන සෙනෙහස ලැබූ
වැස්ස නැවතුනා 10.04 ට සැනකින් මහ ඇදුරු යෝජනාව කලාභූෂණ සංරක්ෂණාගාරය කඩිනම් කරමුආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ට කරන එකම උපහාරය නම් ඔහු ජීවතුන් අතර සිටියදී හඬ නැඟූ සිංහල චිත්‍රපට සංරක්ෂණාගාරය කඩිනමින් ආරම්භ කිරීමයි. පැරකුම් සඳසිරි මිය ගියේ ඔබ නොව අපියිසිංහල සිනමාවට අමිල සේවයක් කළ මහා යුග පුරුෂයකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද අප අතරින් සදහටම වෙන්ව ගොස් ඇත. මෙය සිංහල සිනමාවට වැදුණු මරු පහරකි. ලෙස්ටර් මහතාණෙනි, මිය ගියේ ඔබ නොව, අපිය. කෙනත් පෙරේරා සිනමා දිවි ගමනේ කොහේ හෝ හමුවෙමුආදරණීය ලෙස්ටර් උතුමාණනි, ඔබ ගිය මඟ අමරණීයයි. ජීවිතය සිනමාවට කැප කළ දරුවන් මෙන් හදා වඩා ගත් චිත්‍රපට දහ නමයකට හිමිකම් කියූ ඔබ දිවි දෙවැනි කොට සැලකූ සිනමාව හැර ගියේය. මේ නොනිමෙන දිවි ගමනේ කොහේදී හෝ නැවත හමුවෙමු. එදාට නැවතූ තැනින් නැවත පටන් ගනිමු. ඔබට සදා මොක් පතමි. ප්‍රේමසිරි සංදේශය නිවී ගියාබෙලිහුල්ඔය වැනි සුන්දර ගමක් තෝරාගෙන සියලු නළු නිළියන් ක්‍රමානුුකූලව මෙහෙයවමින් සිංහල සිනමාවට 'සංදේශය' ගෙන එමින් සිනමා වංශ කතාව ලෝකයට ගෙන ගිය ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රීමතාණන් අවසන් ගමන් ගියේ සංදේශය බලකොටුව තුළිනි. තව තවත් මෙවැනි චිත්‍රපට ඉදිරියටත් ඔබතුමාගේ නාමයෙන් බිහි වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ආතර් ජයකොඩි ලෙස්ටර්ගේ ප්‍රතිමාවක් ඉදි කරන්නසජිත් ප්‍රේමදාස මැතිතුමනි, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් සුමිත්‍රා පීරිස් මහත්මියට අගනා නිවසක් ඔවුන් දෙපල සිනමාවට කළ අනගි මෙහෙවර වෙනුවෙන් ගෞරවණීය තිළිණයක් බවට පත් කරන්න. ඔබතුමා ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින් නිවාස සංකීර්ණයක් ඉදි කරන්නේ නම් එහි එතුමාගේ ප්‍රතිමාවක් ද ඉදි කරන ලෙස ඉල්ලමි. නිමල් කුලසේකර රේඛාවෙන් දුන් විධානයරේඛාවෙන් දී ගමනට විධානය සමන් ගාල්ලගේ කලා කෙතට කළ මෙහෙවර සුවිශේෂයිහෙළයේ මහා කලාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් දැයෙන් සමුගැනීම අප ශ්‍රී ලක්බිමට වූපාඩුව පිරිමැසිය නොහැකිය. අප කලා කෙතට කළ මෙහෙවර අති පූජනීයයි. ඔබ ගිය ලොවට අජරාමර නිවන් සුව පතන්නම් නිරතුරුවම. සුනිල් බී වේහැල්ල ඔබේ නාමයට මතුවටත් ආදරෙයිසිනමාවේ යුග පුරුෂයා බඳු ලෙස්ටර් මහතාණනි, රන්සළු අතුරා රේඛාවක් සොයා සංදේශය සමඟ බැද්දෙගම වෑකන්ද කරා පිය මං කළ ලෙස්ටර් ගොළු හදවත සමඟින් අක්කර පහට අම්මාවරුනේ අහසින් පොළවට නිධානය සොයා දෙලොවක් අතර අප තනිකර ඔබ දුර ගමනක් ගියා. නැවත එන්න පියණෙනි, ඔබගේ නාමය ලොව පුරා රැව් පිළිරැව් දේවා. ඔබගේ ගුණ වර්ණනා කරන්න අප හට වචන නැත. ඔබේ නාමය සැමදා අප හට මතකය. මතුවටත් ආදරෙයි. ගුරු පියාණෙනි නිවන් සැප. සරත් සේනාධීර හද තුළ රැඳේවිලෙස්ටර් ජේම්ස් පීරිස් සිහල සිනමා සංදේශයේ රේඛාවක් බඳු සිනමාපට දායාද කළ ඔබ කල්ප යුගාන්තයක් දක්වා අප හදවත් තුළ රැඳී පවතී. ගාමිණී මහබලගේ ලාංකේය සිනමාවේ නිධානයහෙළ ලාංක්ය සිනමාවේ නිධානයේ යුග පුරුෂයෙක් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
මහතාගේ අභාවය සිනමා ක්ෂේත්‍රයට විශාල ලෙස දරාගත නොහැකි පාඩුවකි. රේඛාව සිට
අම්මාවරුනේ දක්වා රන් අකුරින් ලියැවුණු සිනමා නිර්මාණ තුළින් කළ සදා මෙහෙවර රේඛාවක්
මෙන් සටහන් වී ඇත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් මහතාණනි යළි ඔබ අප අතරේ ඉපදේවා! පාලක සමන් පෙරේරා දැයට අහිමි වූ නිධානයඑදා 1956 රේඛාව තුළින් චිත්‍රාගාරයට කොටු වී තිබූ සිනමා කැමරාව එළිමහනට රැගෙන ආවේය. එතැනින් පටන් ගත් ප්‍රාතිහාර්ය 2007 අම්මාවරුනේ තෙක් ක්‍රියාත්මක කළේය. පුරා දශක 07 පමණ දේශීය සිනමාවේ උන්නතිය සඳහා සිය දිවියම කැප කළේය. හෙළ සිනමාව ජාත්‍යන්තර තලයට ගෙන ගිය ශ්‍රේෂ්ඨ සිනමාපට රාශියක් බිහි කළේය. ඔබතුමා සිනමාවේ ධන නිධානයයි, විශ්ව ලකුණයි. ඔබතුමාගේ වියෝව අසා අප හදවත් මොහොතකට ගොළු වූයේය. කම්පා වූවාය. ඔබගේ අගය කිසිදා මිල කළ නොහැක. දැයෙන් සමුගත් මහා සිනමාකරුවාණෙනි ඔබට අපගේ උත්තමාචාරය පිරිනමමු. ආනන්ද වික්‍රමආරච්චි සැමදෙන ණයගැතියි ලෙස්ටර් මැතිඳුන්ටබොරළුගාඩ වලව්වේ 'මැණිකේ' බැන්දා ආර්. ඒ. සෝමා රණසිංහ නිවී ගිය සිනමාවේ රන් රේඛාවලෝ සිනමා අහස් තලේ රේඛාවක් රන්දා ලක්ෂ්මන් රණසිංහ නිධානය බඳු ලෙස්ටර්සිනමාවට යුග පුරුෂයකු බිහි වූවා සරත් සේනාධීර |