|
සය පෙති කුසුම දිනාගත් අගනා සම්මානය මෙවර දිනාගන්නේ කවුද?සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය
මුල්වරට එම සම්මානය දිනා ගත්තේ සයපෙති කුසුම අධ්‍යක්ෂණය කළ විසාකේස චන්ද්‍රසේකරම්ය. මෙම වසරේද පැවැත්වීමට නියමිත හෙළ සිනමාවේ මහා කලා මංගල්‍යය හෙවත් සරසවිය සිනමා සම්මාන උලෙළේදී ලබාදීමට නියමිත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් සම්මානය උදෙසා සිනමාපටයන් බාරගැනීම මේ දිනවල සිදුවේ. එම සම්මානයට වලංගු වනුයේ 2016 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා ද 2017 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබූ අධ්‍යක්ෂවරයකුගේ කුලුඳුල් සිනමාපටයන්ය. සම්මානයට අයැදුම්කරන නිර්මාණකරුවන් තම සිනමාපටය පිළිබඳ මූලික විස්තර (චිත්‍රපටයේ නම නිෂ්පාදක, අධ්‍යක්ෂ, දුරකථන අංකය සහ චිත්‍රපටයේ කාලය) අන්තර්ගත කොට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයේ පිටපතක් සමඟ කාර්යාල වේලාවන් තුළදී සරසවිය කර්තෘ මණ්ඩලයට ගෙනවිත් බාරදිය හැක. එසේත් නැතිනම් අදාළ ඉල්ලුම්පත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය යනුවෙන් ලියුම් කවරයේ සඳහන් කොට සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට පුළුවන. 2016 සහ 2017 වර්ෂ ද්විත්වය සඳහා වෙන වෙනම සම්මාන ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මඟින් පිදෙනු ඇත.
|