|
අණ්ඩර දෙමළක්
භාෂාව තේරෙන්නෙ නැති වුණාට චිත්‍රපටය ලස්සන ඇති. ඒකයි මං බලන්න ආවෙ. රන්ජන් අර කොලුවට කියලා. යං සර් යං චිත්‍රපටය බලන්න. මං වෙන දේවල් කියලා දෙන්නම්. ඒ කියපු තාලෙන් රන්ජන් හිතුවලු මේ කොල්ලට දමිළ පුළුවන් ඇති කියලා. ඔහුත් එක්ක සමීප අසුනක රන්ජන් වාඩි වුණාලු. චිත්‍රපටය පටන් අරගෙන ප්‍රධාන නළුවා වූ වික්‍රම් තිරයට ආවලු. මොකක් ඒ කිව්වෙ. වික්‍රම්ගේ පළමු දෙබස ගැන රන්ජන් අර කොලුවගෙන් අහලා. ඒක වුණේ සර් මෙහෙමයි. නළුවා ආවා. ඊට පස්සේ ඔහොම වුණා. දැකපු දේ තමයි සර් වුණේ. ඊළඟ දමිළ ඩයලොග් ගැනත් රන්ජන් ඇහැව්වලු. ඒක තමයි සර් කිව්වෙ. දැක්කෙ නැද්ද වුණ දේ. අන්න ඒක තමයි කිව්වෙ. කොලුවා එහෙම කියනවලු. බැලින්නම් ඒ යෝධයා දමිළ බසෙහි දන්න ඇති දෙයක් නැහැ. රන්ජන් එක්ක චිත්‍රපටය බලන්නට තියෙන ආසාවටයි දමිල වගේ රඟපාලා තියෙන්නේ. |