|
ඇලඩින් වෙයිධනංජය සිරිවර්ධන
සුමිත් කුමාරගේ නවතම සිනමා නිර්මාණය
විටෙක යහළුවන් සමඟ අඩදබර කර ගනියි. අසල්වාසීන්ට ඇලඩින්ගෙන් පුදුමාකාර දරන්න බැරි පාඩු සිදු වෙයි. ඇලඩින්ට විරුද්ධව නිතරම මවුපියන්ට පැමිණිලි ගොඩයි.
ඇලඩින් සහ මව මෙලොව තනි වෙයි. මේ අතර ලොව වටා සංචාරයේ යෙදෙමින් සිටින මන්ත්‍රකරුවෙකි. ඔහුගේ නම මෂූර් පාෂාය. ඔහු ඉතා බලසම්පන්න පහනක් සොයමින් කල්ගත කරයි. එය ලබාගත හැක්කේ ඇලඩින් නමැති තරුණයකුට බව මෂූර් පාෂාට මන්ත්‍ර බලයෙන් දැනගන්නට ලැබෙයි. ඔහු ඇලඩින්ව සොයා ගනියි. මෂූර් පාෂා ඇලඩින්ගේ ගෙදරට එන්නේ ඇලඩින්ගේ පියාගේ සහෝදරයකු බව හඟවමිනි. එතැන් පටන් ඇලඩින්ව රවටා ගන්නා මෂූර් පාෂා පහන සොයා චාරිකාවක් අරඹයි. ලොව සුපතළ අරාබි නිසොල්ලාසයේ (එක් දහස් එක් රැය) තවත් එක් කතාවක් වන ඇලඩින් සහ පුදුම පහන මෙලෙස සිනමාපටයකට නැඟී තිබේ. එනමින්ම නිර්මාණය වූ එය සුමිත් කුමාරගේ අධ්‍යක්ෂණයකි. සිනමාපටයේ ඇලඩින් ලෙස ධනංජය සිරිවර්ධන රංගනයේ යෙදෙයි. ඇලඩින් සහ පුදුම පහන ප්‍රසාද් විජේසූරියගේ නිෂ්පාදනයකි. මෙයට පෙර අලි බබා සහ හොරු හතළිහ චිත්‍රපටය තැනුයේද අරාබි නිසොල්ලාසයේ කතාවක් ඇසුරෙනි.
|