|
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්රසිද්ධියක්ඇසක් ගසා ලොවක් කැලඹූ චිත්‍රපටය
මාර්තු 03 සිට රිදී තිරයේ...
ලොව පුරා තරුණ හදවත් සොරාගත් එක් රැයකින් මුළු ලෝකයේම ජනප්‍රියත්වයට පත් ඇහැක් ගහන කෙල්ලගේ ඇත්ත කතාව ගෙන එන්නේ Oru Adaar Love නම් මලයාලම් චිත්‍රපටය යි. ලබන මාර්තු 03 වනදා තිරගත වීමට නියමිත Oru Adaar Love චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, කේරළයේ තිස්තුන් හැවිරිදි සිනමා අධ්‍යක්ෂවරයකු වන ඔමාර් ලුලු විසින්. මෙය ඔමාර්ගේ තෙවැනි සිනමා නිර්මාණය වන අතර ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන Happy Wedding (2016) බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක්. දෙවැන්න Chunkzz, 2017 වසරේ කේරළයේ ඉහළම ආදායම් ලද චිත්‍රපට අතරට ඇතුළත් වුණා. මෙම චිත්‍රපට ද්විත්වයටම නවක නළු නිළියන් දායකකර ගැනීමත් විශේෂයි. ඔමාර්, Oru Adaar Love චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙනුවෙන් ද එම ප්‍රතිපත්තිය අනුගමනය කරමින් තෝරා ගත්තේ නවකයන්. මෙහි ප්‍රධාන පිරිමි චරිතයට පණ පොවන යොවුන් රෝමියෝ ලෙසින් නම් ලද
වයස අවුරුදු 18ක් වන ප්‍රියා තවමත් උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්. කේරළයේ ත්‍රිසුර්හි විමලා විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන ඇය සිනමාවට පිවිසීමට පෙර එක් වරක් මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කර තිබෙනවා. මේ වන විට ඇය, අන්තර්ජාලයේ වැඩිම පිරිසක් සෙවූ ඉන්දියානුවන් අතරින් කෙනෙකු බවට ද පත් වී සිටිනවා. එපමණක් නොව ඉන්ස්ටග්‍රම් වාර්තාවක් ද ඇය සතුයි. පැය විසිහතරක් ගතවීමට පෙර ඇයගේ ඉන්ස්ටග්‍රම් ගිණුමේ පිරිවර 616,000ක් ලෙස වාර්තා වී තිබෙනවා. මේ වන විට එහි පිරිවර මිලියන දෙක ද ඉක්මවා ඇති බවයි සඳහන් වෙන්නේ.
Oru Adaar Love චිත්‍රපටයට යොදා ගෙන තිබෙන "Manikya Malaraya Poovi" ගීතය උස්තාද් පී.එම්.ඒ ජබ්බාර් විසින් රචනාකර තිබෙන්නේ 1978 වසරේදී යි. තලාසරී කේ. රෆීක් විසින් සංගීතවත් කළ එය සම්ප්‍රදායික මලබාර් මුස්ලිම් ගීතයකි. එහි නව සංගීත සංයෝජනය සිදු කර තිබෙන්නේ, ශාන් රහ්මාන් විසින්. මේ වන විට හයිද්‍රාබාද්හි ෆලක්න්මා පොලිස් ස්ථානයට මෙම ගීතයට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙහි පද රචනය මුස්ලිම් හැඟීම්වලට පටහැණි බවත් එය මුහම්මද්තුමාගේ අනුගාමිකයන්ට අනුකම්පා විරහිතව රචනා කර ඇති බවත් පැමිණිලිකරුවන් චෝදනාකර සිටිනවා. කෙසේ නමුත් මෙම ගීතය නිසා පාසල් කාලයේ සුන්දර ආදර කතාවක් රැගෙන එන Oru Adaar Love චිත්‍රපටයට නම් මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. සංගීතමය ආදර කතාවක් සමඟින්, අනර්ඝ වූ ආදරය යනු කුමක් ද? යන්න පවසන Oru Adaar Love චිත්‍රපටයේ ගීත 8ක් අන්තර්ගතයි. උසස් ද්විතියික පාසලක එකොළහ සහ දොළහ වසරවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවක සහ ශිෂ්‍යයකු ප්‍රධානව තවත් ගැහැනු ළමයින් සිව්දෙනෙකු සහ පිරිමි ළමයින් පස් දෙනෙකු මෙහි ප්‍රධාන චරිත අතරට ඇතුළත්. Oru Adaar Love චිත්‍රපටය කියන්නේ, ඔවුන්ගේ ජීවිත, ආදරය සහ මිත්‍රත්වය ගැන කතාවයි.
|