වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




නිකිනියානේ ‘කැලෑහඳ’ මෝදුවන අයුරු කැන්දකැටියවත්තේ සිට බලා සිටියෙමි

නිකිනියානේ ‘කැලෑහඳ’ මෝදුවන අයුරු කැන්දකැටියවත්තේ සිට බලා සිටියෙමි

පසුගිය දිනෙක කොළඹ නගරය ඉතාමත් කාර්යබහුල මොහොතක මගේ දුරකතනය නාද විය. එහි අනෙක් කෙළවරේ සිට මා ඇමතූ සරසවිය කර්තෘතුමා 'වැඩක් තියෙනවා, පුළුවන් නම් ගිහින් එන්න' යැයි පැවසීය. පැවරූ රාජකාරිය පිළිබඳ හරිහැටි අවබෝධයක් ලබා ගැනීමට කෙටි සංවාදය ප්‍රමාණවත් නොවුවද, කිසියම් කලා කටයුත්තක් හෝ රූගැන්වීමක් වන බව දත් මම වහා කොළඹින් පිටත් වී අතරමගදී තවත් පුවත්පත් සගයින් දෙදෙනෙකු සමඟ එක්වීමි.

අතිශය නාගරිකකරණය වූ පෙදෙස් පසුකර බණ්ඩාරගම ප්‍රදේශයට අපි ආසන්න වීමු. ඉන් ඔබ්බෙහි කළුතර පාරේ, මොරොන්තුඩුව දෙසට ගමන්කර ගල්පාත කැන්දකැටියවත්තට අප ළඟාවන විටත් මද්දහන පසු වී තිබූ නමුත් අව් රශ්මියෙන් එතරම් පීඩාවක් නොවුණේ එම ප්‍රදේශය ගහකොළවලින් ගහන මෙන්ම ගැමි සිරියාවෙන් අනූන ප්‍රදේශයක් වූ හෙයිනි.

කැන්දකැටියවත්ත, ගල්පාත ප්‍රදේශයේ පිහිටි ඉමක් කොනක් නොපෙනෙන ඉඩම් යායකි. නල ජලය හෝ විදුලිය පහසුකම් පවා තවමත් ඉන් බොහෝ ඈතය. එහි පිහිටි ඉපැරණි වලව් පැලැන්තියේ නිවාස දෙකකි. ඉන් එකක කණ්ඩායමට සහ යන එන්නන් සඳහා සප්පායමට අවශ්‍ය කළමනා සූදානම් කර තිබූ අතර, ඒ වනවිටත් එහි පැමිණ සිටි ප්‍රභූන් කිහිපදෙනෙකු සමගම අපිත් සප්පායම් වීමු.

අනෙක් නිවස ඉන් මදක් බැහැරට වන්නට පිහිටි භාවිතා කළ නොහැකි මට්ටමේ වසා දමා තිබූ නිවසක් වුවද, අප එහි යනවිට එය නැවත පරිහරණයට සුදුසු පරිදි අවශ්‍ය බඩුබාහිරාදිය සමඟ එහි ඉපැරණි බව සුරැකෙන සේ නැවත සකස්කර තිබුණි.

එම නිවස ඉදිරියෙන් ඈතට දිවෙන දෙපස තුරු වදුලු සහිත ගම්බද පාරකි. අප ඉදිරියෙන් එහි ගමන් ගත්තේ ගැමි ළඳුන් කිහිපදෙනෙකි. ගැමි දිවි පෙවෙත තුළ සැඟවුණු වචනයෙන් කිව නොහැකි බොහෝ දේ, ඔවුන් දෙස බැලීමේදී එකවර ග්‍රහණය කරගත හැකිවන පරිදි ස්වරූපයෙන් මෙන්ම ඇඳුම් ආයිත්තම් වලින් පවා ඔවුන් අතීතයේ කිසියම් කාල පරාසයකට හා ගැමි පරිසරයට බද්ධ වී සිටි අයුරු ඉතා අපූරුය.

"ඔය මහත්වරු නවතින්න! ඉස්සරහට එන්න එපා! ච්ඪචතධඨ එක ගමු. ඉඪතඥදජඥ නතඥචඵඥ, ඛ්චථඥපච ඵබචපබ - ඒජබඪධද යන විධානයත් සමඟ අපි කැමරාවෙන් සැඟවීමට ඈතින් නතරවී සිදුවීම් බලාසිටියෙමු. කඩමණ්ඩියට ගොස් නැවත පැමිණෙන ගැමි ළඳුන් කිහිපදෙනොගෙන් වයසින් මුහුකුරා ගිය අයෙකු ඇසූ පැනයට ඔවුන් උපහාසාත්මක පිළිතුරක් ලබාදුනි. ඒ දර්ශනය රූගැන්වීම අවසාන වනවාත් සමඟම, ඉන් ඔබ්බට පැරණි වලව්ව වෙත යෑමට අපට අවසර ලැබිණි.

නිවසට ගොඩවැදුන අපට එකවර නෙත ගැටුණේ සුන්දර යුවතියකි. ඇය දුටු මා හට එකවර සිතට නැගුනේ රුක්මනි දේවියයි. ඒ අතර ගැමිකම ඉස්මතුවන්නට වෙස් ගැන්වූ යුවතියන්, කොණ්ඩය බැන්ද ගැමි ගැටව් ද, තලතුනා උදවියද එහි සිටියහ.

පිළිකන්න පැත්තට වන්නට පේනතෙක් මානයේ තුරුවදුලු දෙස බලා ගිමන්හරින තවත් මැදිවියේ කාන්තාවන්ද, බුලත්විටෙන් දත් කහට ගැන්වුණු ගැමි තරුණයින් කිහිපදෙනෙකු ද සිටියේය.

"කෝ මේ කට්ටිය. ඊළඟ ඉජඥදඥ එකට පඥචඤර වෙන්න." උස් හඬින් ඇමතුවේ සහය අධ්‍යක්ෂවරයා වෙන්නැති යැයි මම නිගමනය කළෙමි.

කිසියම් සිදුවීම් සමූහයක් දර්ශන තලයේ වරින් වර කැමරාවට නැගුවද, එහි එන චරිත මගේ සිතෙහි රැඳි චරිත කීපයක් හා සසඳන්නට මම නිහඬවම උත්සාහ කළෙමි.

"කෝ බින්දු අයියා, හෙමින් වම් පැත්තට හැරෙන්න. තව ටිකක් ඔලුව උස්සන්න. ඔලුව විතරක් හරවන්න බොහොම හෙමින්. අන්න හරි ඒ විදිහ හොඳයි. එහෙම ගමු."

රූ ගැන්වීමට පෙර සූදානමේදී දෙන විවිධ විධානවලින් අවධානය වරින්වර වෙනස් වුණ නමුත් එහි එන චරිත මම හඳුනා ගතිමි.

රුක්මනී දේවියට බොහෝ සෙයින් සමාන රුවක් ඇති යුවතිය, 'කැලෑ හද' චිත්‍රපටයේ එන 'මාලිනි' ලෙස උපකල්පනය කරමින්, එහි සිටි පිරිස අතර 'ජෝන් ජයපාල' සෙවීමට මා උත්සුක වූ නමුත් ඔහු මගේ නෙත ගැටුණේ නැත.

නිවසේ පසුපස සුමිහිරි පානයෙන් පදමට සප්පායම් වී බුලත්විටෙන් කට රතු කරගත් ගැමි තරුණයින් කිහිපදෙනෙකි. ඉන් අයෙකු 'අන්දා' බව හඳුනාගන්නට අපහසු නොවීය. ඉස්තෝප්පුවේ ඇඳි පුටුවක දිගා වී 'අන්දෝ' සීයාද ගිමන් හරිනු මම දුටුවෙමි.

"කෝ බං මෙතන තිබුණ වතුර බාල්දිය. කාටද බාල්දි පෙරළුවේ."

අවට සියළු දෙනා සිනහා ගන්වමින් එක් තරුණයෙක් එහි තිබූ ජල බඳුන සොයන්නේ එහි ජලය සපයා තිබූ එකම ක්‍රමවේදය එය වූ නිසාවෙනි. ඒ හැරෙන්නට නල ජලය එහි නොතිබුණේය.

ඊළඟ දර්ශනය සඳහා මිදුලේ සවිකර තිබූ ආම්පන්න සියල්ල ගලවා ඉවත් කරන්නට අධ්‍යක්ෂවයා නියම කළේය. ඒ අතරතුර ගැමිලියන්හට දිවා ආහාරය සදහා විවේකය ලැබුණි. අතරතුර ඔවුන් සමඟ ගැමියෝ කිහිපදෙනෙකු ද ගියහ.

කාලය වේගයෙන් ගෙවීයන බව විවේකයේ දී නොදැනෙන නමුත් අධ්‍යක්ෂවරයාට ඒ බව තදින් දැනේ.

"කෝ කට්ටිය තාම නෑනේ. මල්ලි, බලන්න පොඩ්ඩක් ගිහින් ඒ පැත්තෙ මොකද වෙන්නෙ කියලා."

විධානයෙන් අනතුරුව ඔහු වෙනත් කටයුත්තක නියැලෙයි. පිටපත් නිරික්සයි. ඊළඟ දර්ශනය සඳහා කැමරා කෝණය පිළිබඳ සොයා බලයි. දර්ශනයට ඇති බාධා සියල්ල ඔහුගේ සිතැගි පරිදි ඉවත් කරගනී. කෑම බීම පිළිබඳ වගක්වත් නැති ගානය.

"මල්ලි උගුªර කට වේලිලා, තාම කාලත් නෑ. බොන්න මොනවාහරි ගේනවද?"

ඒ අතරතුර වෙනත් කටයුත්තක ඔහු නියැලෙයි. බොන්න මොනවා ගේන්න කිව්වද වත් ඔහුට ගානක් නැත.

තමන් රැගෙන ආ සිසිල්බීම බෝතලයද සමඟ ඔහු අධ්‍යක්ෂ සොයනවිට ඔහු වෙනත් ඉසව්වක තවත් වැඩකය.

"යමු, ගිහින් කාලා එමු." අධ්‍යක්ෂවරයාට ආරාධනයකි. "නෑ ටිකක් බෙදාගෙන වරෙන් මල්ලි." දවල්ට කෑවෙ නැත්නම් වැඩ ඉවරවෙලා සුමිහිරි පානෙන් සැනසෙන්න අමාරුයි. චුට්ටක් ගත්තම බෝනස් ඉබේම ලැබෙනවා." ඒ ඔහුගේ පිළිතුර විය.

දිවා ආහාර විවේකයෙන් අනතුරුව සියලු දෙනා පැමිණ රිසි තැන්වලට වී ගිමන් හරින්නට වූහ. ඒ අතරතුර එක් තරුණයෙකු හා ලෙංගතුව දොඩන 'මාලිනි' මම දුටිමි. 'කැලෑ හඳ' සිනමා කෘතියේ 'අන්න සුදෝ'' ගීතය රැගත් ජවනිකාව මට සිහිවිය. අතරතුර ඊළඟ දර්ශනයට කැමරා සූදානම්කර අවසානය. එලෙස තිබියදී කිහිපදෙනෙකු පිටත්ව යෑමටද සූදානම් විය.

"කොහෙ යන්නද? අපි ඊළග ඉජඥදඥ එකත් ඉවර කරලම යමු නේද?" අධ්‍යක්ෂවරයාට අවනත වූ ඔවුහු නැවත රංගනයට අවශ්‍ය ඇඳුම් ඇඟලා ගත්හ.

"කට්ටිය ඉක්මනට එන්න! වහින්නත් එනවා. ඉක්මන් කරන්න!" අණ දුන් අයෙකු පිටපතත් අතැතිව නැවත අධ්‍යක්ෂවරයා වෙත යොමු විය.

"මෙච්චර වෙලා මොකද කරන්නේ?"

"තාම ඊධභජඩ කරනවා."

වෙස් ගැන්වීම් හමාර වනතුරු ඊළඟ දර්ශනය සඳහා විවේකයක් සේය. කාර්මික ශිල්පීන් හසුවූ තැනක වාඩිවී ගෙනය. තවත් කෙනෙක් ඕධධථ එක කරේ තබාගෙනය. කෙනෙක් පෙර දර්ශනය නිරීක්ෂණය කරමින් සිටින අතර තවත් කෙනෙක් දෙබස් අංකනය කරයි.

අතුරතුර වෙස් ගැන්වීම් හමාරවෙයි. පිරිස නැවත දර්ශන තලයට පැමිණෙයි.

ෙඓතිහාසික වටිනාකමක් රැගත් එදා රිදීතිරයේ වාර්තා බිඳහෙළූ 'කැලෑ හඳ' මෙදා රූපවාහිනී ටෙලි වෘතාන්තයක් ලෙසින් රූ ගැන්වෙන්නේ මෙම දර්ශන තලයේදීය. කැන්දකැටියවත්ත 'කැලෑ හඳ' කෘතියේ සඳහන් 'නිකිනියාන' බවට පත්වී තිබෙන අයුරු අතිශය සුන්දරය. එහිදී අප නෙත ගැටුණුතැන් හා සිදුවීම් සරසවිය කැමරා කාචයේ සටහන් කරගත්තේ එහි පැවති අතිශය කාර්යබහුල ක්‍රියාදාමයට අබමල් රේණුවකුදු හානියක් නොවන පරිදි ඒ කිසිවෙකුටත් නොදැනෙන්නටය.

ඉදිරියේදී රුවන්වැල්ල ප්‍රදේශයේද, කොළඹ නගරයේ ද මෙහි දර්ශන කීපයක් රූගැන්වීමට නියමිතය.

කොටස් 60 ක් පුරාවට ජාතික රූපවාහිනිය ඔස්සේ නව වසරේදී ඔබට 'කැලැ හඳ' සමීපවනු ඇත. රූපවාහිනී තිරය මත මෙතෙක් ඔබ නොදුටු මෙන්ම අත්නොවිඳි හැඩතල රැගත් රූප රාමු හා අත්දැකීම් ෙඓතිහාසික වටිනාකමක් සහිත විශිෂ්ට නිර්මාණයක් තුළින් රස විඳින්නට 'කැලෑ හඳ' නරඹන ලෙස ටෙලිනාට්‍ය ලෝලී ඔබට ඇරයුම් කරමු.