වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා

ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා

වෛද්‍ය වෘත්තියේ යෙදිලා ඉන්න ගමන් සිනමා අධ්‍යක්ෂවරයකු හැටියට වැඩ කටයුතු කරන කෙනෙකු ලෙසට වෛද්‍ය කපිල සූරියආරච්චිව හඳුන්වා දෙන්නට පුළුවන්. ඔහු නිර්මාණය කළා ප්‍රතිරූ කියලා චිත්‍රපටයක්. මේ ළඟදී වෛද්‍ය කපිලගේ ඊළඟ චිත්‍රපටයේ වැඩ කටයුතු නිම වුණා. ඒකේ නම සිනේ මා. එක්තරා උත්සව කටයුත්තකදී වෛද්‍ය කපිලට සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන්ව මුණ ගැසුණා.

කොහොමද සර්?

වෛද්‍ය කපිල ඇසුවා. එතැන් පටන් දිගටම ඔහු රෝහණයන් ඇමතුවේ සර් සර් කියලා.

මේක බලාගෙන ඉන්න අයට ගැටලුවක්. සාමාන්‍යයෙන් රෝහණයන්ට වැඩි දෙනෙක් අමතන්නේ අයියා කියලා. සමකාලීනයන් නම් කෙළින්ම නම කියනවා. ඒකයි කපිල මෙහෙම රෝහණයන්ට සර් සර් කියන එක කාටත් ගැටලුවක් වුණේ. අන්තිමේ ඒකත් හොයා ගත්තා. රෝහණ වෛද්‍ය කපිලට ඇත්තටම ගුරුතුමෙක්. ඔහු කොළඹ ඩී. එස්. විදුහලේ ඉගෙන ගනිද්දී රෝහණ තමයි සංගීත ගුරුවරයා. වෛද්‍ය කපිල රෝහණයන්ගෙන් සංගීතයත් ඉගෙන ගෙන තියෙනවා. ඒකයි වෛද්‍ය කපිල රෝහණයන්ට සර් කියලා තියෙන්නේ.