|
ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283
වර්තමානයේ නිර්මාණය වන චිත්‍රපට හා ටෙලි නාට්‍ය පිළිබඳ ඔබගේ අදහස් විශේෂයෙන් ලියා එවන්න. දේදුණු ආකාසේ හේමාල්දේදුණු ආකාසේ චිත්‍රපටයේ හේමාල් රණසිංහගේ රංගනය විශිෂ්ටයි. ඔබේ රංගන හැකියාව තව තවත් දියුණු කර ගනිමින් සිනමා ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි. කෙනත් පෙරේරා අගය ඇති ටෙලි80 දශකයේ විකාශය කළ ගංගා සහ නිශ්ශංක, ඉරට අඬන මල් ටෙලි නාට්‍ය නැවත විකාශය කරන මෙන් ඉල්ලා සිටිමි. වර්තමානයේ නිර්මාණය කරන හරසුන් ටෙලි නාට්‍යවලට වඩා එම ටෙලි නිර්මාවල ඇති අගය කියා නිම කළ නොහැකිය. දිනේෂ් ගුණසේකර නාමල් ජයසිංහ වෙතසිත් බැඳගත් ටෙලි නාට්‍ය වන ජීවිතයට ඉඩ දෙන්න, බොහිමියානුවා වැනි පිටපත් රචක නාමල් ජයසිංහගේ කුළුඳුල් අධ්‍යක්ෂණය සහෝදරයා ඉතා රසවත්ව දිග හැරෙනු ඇත. රොෂාන් රවීන්ද්‍ර, තුමිඳු දොඩන්තැන්න, චාන්දනි, චමිලා, ධර්මප්‍රිය ඩයස් වැනි නළු නිළියන්ගේ රංගනයෙන් ඔපවත් වන සහෝදරයා අපට ටෙලි නිර්මාණ නරඹන්නට උනන්දු කරවන්නකි. එහි ගීත ගායනයෙන් මෙන්ම සංගීත අධ්‍යක්ෂණයෙන් කළ කසුන් කල්හාරගේ දායකත්වය ද අගයමි. ක්ලෝඩ් ද ලිවේරා කම්මැලි නැති ටෙලියජාතික රූපවාහිනියෙන් විකාශය වන චුට්ටේ ටෙලි නාට්‍යය කම්මැලිකමක් නොමැතිව නැරඹිය හැකි හොඳ ටෙලි නිර්මාණයකි. ත්‍රාසය, ආදරය සේම ප්‍රහසනය ද සපිරි මෙම ටෙලියේ සුරාජ් මාපාගේ රංගනය ද වෙනස්ම අයුරකින් ඉදිරිපත් වීම සතුටකි. නමුත් එහි චුට්ටේ චරිතය තුළ සුරාජ්ගේ අහිංසක මුහුණ ඉස්මතු වී පෙනෙන බව කිව යුතුය. ජගත් චන්ද්‍රසිරි ආදරණීය සිබිල් නැන්දාටළමා පරපුරට ගෝචර වන පරිදි සුවිශේෂි සිතුවම් කලාවක් උපයෝගි කර ගනිමින් සිතුවම්කරණයේ දිගුකාලිනව ලද අත්දැකීම් සමුදායක් ඔස්සේ කළ නිර්මාණවල අගය කියා නිම කළ නොහැකිය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය ප්‍රවීණ චිත්‍ර ශිල්පිණියකි. ඇයටම ආවේනික සිතුවම්කරණයකින් ජය දද නැංවූ කාගේත් ආදරණීය සිබිල් නැන්දාට දීර්ඝායුෂ පතමි. එච්. ඉන්ද්‍රපාල අගය ඇති ගීත එකතුවජාතික ගුවන්විදුලියේ හද බැඳී වෙළෙඳ සේවයෙන් සෙනසුරාදා ගුවනට මුසුවන හිස්මාස්ටර්ස් චොයිස් චාර්ට් ෂෝ රසිකයන් අතර ඉතාමත් ජනප්‍රිය වැඩසටහනකි. අතීතයේ ඇසුණු නිතර නෑසෙන ගීත මෙම වැඩසටහනෙන් ප්‍රචාරය කිරීම අගය කළ යුතුය. හිස්මාස්ටර්ස් චොයිස් චාර්ට් ෂෝ සුමියුරු හඬින් ගෙන එන සම්පත් සල්පිටිකෝරාල, නලීන් පෙරේරා ඇතුළුව වෙළෙඳ සේවයට අපේ සුබාසිරි. කිත්සිරි ගුණසේන සොඳුරු කලාකරුවාප්රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සහ ගීත රචක සිරි කුලරත්න සදහටම අපෙන් සමුගෙන වසරක් ගත වී ගියත් එතුමන් කළ නිර්මාණ අප මතකයේ තවමත් රැඳී ඇත. මෙවන් සොඳුරු මිනිසුන් අහිමි වීම කලා ලොවටද ඉතාමත් පාඩුවකි. අපේ පිනට පහළ වූ මේ නිර්මාණශීලි සොඳුරු කලාකරුවාට නිවන් සුව. නීලා ඉන්ද්‍රානි වීරපුර දෙස් විදෙස් රසික හද දිනූ මරියසෙල්භාෂා කිහිපයකින් ගීත ගායනා කරන අති දක්ෂ ගායිකාවක ලෙසින් මරියසෙල් ගුණතිලක දෙස් විදෙස් රසික රසිකාවන්ගේ ආදරයට පත් වූ කලාකාරිණියකි. ඇයගේ ගීත ප්‍රසංගයක් පවත්වන්නේ නම් කෙතරම් අගනේද? නිමල් කුලසේකර සුනිල් ශාන්ත සැමරුමවෙනදාට සුනිල් ශාන්ත සැමරුම් වෙනුවෙන් සුනිල් ශාන්තයන්ගේ ගීත ගායනා කරනුයේ අයිවෝ ඩෙනිස් සූරින් විසිනි. එතුමා දැන් ගිලන්ව සිටින බැවින් මෙවර සැමරුමේදී සුනිල් ශාන්තියන්ගේ ගී ගැයුවේ සංගීතඥ නදීක ගුරුගේ විසිනි. ඔහු ඉතාමත් ප්‍රසංශනීය අයුරින් ගායනයේ යෙදීම පිළිබඳ අපගේ ප්‍රණාමය. රෝෂිණි ගෝමස් අයිරින් සිල්වාට නිරෝගී සුවයජීවනයේ මල් පිපුණා, දෑස පා සිනා, සඳ වගේ ලස්සන, මගේ පිටිසර පොල් අතු පැල, සඳේ එන්නම් වැනි ජනප්‍රිය ගී ගැයූ අයිරින් සිල්වාට නිදුක් නිරෝගී සුවය පතමු. රත්නසිරි අමරසේකර ඔබයි අපේ විකට රජාකලා ලොවේ විකට රජා සරත් සේනාධීර සෝනියා ඔබ තනි නැතසෝනියා දිසා අප සිනමා ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියකි. ඇය සිනමාවට පය තැබූ සැණින් සිය දස්කම් එළි දැක්වූවා. පසුගිය දිනෙක ආලකමන්දාව තුළින් ඇය සිය අතිතයට පියනැගූ අයුරු නම් විශිෂ්ටයි. අද ඇය කොතැනක සිටියත් අතීතයේ සතුට පිරුණු කාලය ගැන සතුටින් සිටින වග නම් දැනුණා. එදා මෙන් අද පෙම්වතිය වීමට නොහැකි වුවත් රංගනයේ දක්ෂතාව ඔබ හැර ගොස් නැති බව කිය යුතුය. සෝනියා ඔබ තනි වී නැත. ඔබට නිරෝගි සුවය පතමි. සුසිලා පතිරාජ රසික මතකයේ රැඳී සේනක ටයිටස්වේදිකාවෙන් ලද පන්නරයෙන් ටෙලි වෘත්තාන්තයට පිවිසුණු සේනක ටයිටස් නිර්මාණ අතළොස්සක රඟපෑවද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් චරිතයක් බව මේ වසන්න කාලය යි සහ කූඹියෝ තුළින් මනාව පැහැදිලි වේ. ජීවිත රඟමඬලින් සමුගත් මෙම ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියා රසික අප මතකය අතරින් කිසිදා ගිලිහෙන්නේ නැත. චන්ද්‍රකාන්ති පියතුංග එදා මෙදාතුර රජකතාවඑදා මෙදාතුර රජකතා කොතෙකුත් නිපදවා තිබුණත් මාතලන් චිත්‍රපටය අදටත් ඒ අතර පෙරමුණේ සිටියි. රසවත් කතාවක් මනහර නැටුම් ගීත ආකර්ශනීය රැඟුම් ආදියෙන් ඉතා අලංකාර වී ඇති මාතලන් අදටත් ඇගයීමකට ලක් නොවීම පුදුමයකි. ගාමිණි මහවෙලගේ ධම්මික පී රත්නායකට නිවන් සුවගුවන්විදුලි ශ්‍රාවකයන්ගේ හද බැඳ ගත් ධම්මික පී රත්නායක වෙළෙඳ සේවය ඔස්සේ අසන්නන්ගේ ආදරය දිනාගත් දක්ෂ නිවේදකයෙකි. නිවේදකයකු ලෙසින් ඔහු තරම් ජන හද බැඳගත් කෙනෙකු නොමැති තරම්. රෝගාතුරව සිට පසුගියදා අපෙන් සමුගත් ධම්මික පී. රත්නායක නාමය රසික හදවත් තුළ නොමැකී පවති. ජයන්ත අමරතුංග ජනප්‍රිය නිවේදක ධම්මික පී. රත්නායකට නිවන් සුව60 - 70 දශකයේ සිට වෙළෙඳ සේවයෙන් ජනප්‍රිය දක්ෂ නිවේදකයකු ලෙසින් ධම්මික පී. රත්නායක හදිසියේ අභාවප්‍රාප්ත වූ හෙයින් එතුමාට නිවන් සුව අත්වේවා යි පතමු. තිලකරත්න විල්වල
|