|
විමර්ශනයක් ගැටලුවක් සිදුවීමක් Richie
යම් සිදුවීම් දාමයක් පිටුපස තිබෙන සත්‍ය කුමක්ද යන්න සෙවීමට මාධ්‍යවේදියෙකු වෙහෙසන අයුරු Richie ඔස්සේ ගෙන එනවා. එහිදී ඔහු එක් එක් පුද්ගලයාගෙන් විමසමින් ඔවුන්ගේ ද තොරතුරුද අනුව විවිධ කෝණයන්ගෙන් එම සිදුවීම් දෙස බලමින් ඒවායෙහි ඇති ගැටලු නිරාකරණය කර ගන්නට ගන්නේ කෙසේද යන්න එහි දැක්වෙනවා. Richie තිරරචනය සිදු කර තිබෙන්නේ, අධ්‍යක්ෂ ගෞතම් රාමචන්ද්‍රන් සහ රක්ෂිත් ෂෙට්ටි විසින්. එය මුලින්ම නම් කෙරුණේ Santa Maria ලෙසින්. පසුව එයට Avargal ලෙසින් නම් යෙදුනත් අවසානයේ එයට Richie යන්න යෙදීමට නිෂ්පාදන කණ්ඩායම තීරණය කළා. Richie දෙමළ බසින් මෙන්ම මලයාලම් බසින් නිර්මාණය කිරීමට අදහස් කෙරුණත් ප්‍රධාන නළු නිවින් පවුලිගේ ඉල්ලීම පිට එය දෙමල බසින් පමණක් නිර්මාණය කිරීමට නිෂ්පාදන කණ්ඩායම තීරණය කළා.
මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළුවකු ලෙසින් නමක් දිනා සිටින නිවින් දකුණු ඉන්දීය ෆිල්ම්ෆෙයාර් සම්මාන ත්‍රිත්වයක් දිනා ගෙන සිටියි. 2010 වසරේදී Malarvaadi Arts Club චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු දායක වූ චිත්‍රපට අතරේ Neram,Ohm Shanthi Oshaana, Bangalore Days, Action Hero Biju, Sakhavu වැනි චිත්‍රපට විශේෂ වෙනවා. නිවින් සමඟින් Richie චිත්‍රපටයේ නටරාජන් සුබ්‍රමනියම්, ශ්‍රද්ධා ශ්‍රීනාත් ලක්ෂ්මි ප්‍රියා, චන්ද්‍රමෞලි, ප්‍රකාශ් රාජ් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු විශාල්ගේ පියා වන චිත්‍රපට නිෂ්පාදක ජී. කේ රෙඩ්ඩිගේ කුළුඳුල් රංගනයද මෙහි ඇතුළත් වීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක්. මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ, සම්මානනීය යොවුන් සංගීතඥවරයකු වන බී. අජානේෂ් ලෝක්නාත් විසින්. Richie චිත්‍රපටයේ පසුබිම් සංගීත නිර්මාණය වෙනුවෙන් ඔහු බරපතල කාර්යයක් ඉටුකර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. සංගීතය හා ශබ්ද සංකලනය අතර පුදුමාකාර ගැලපීමක් ඇති බවත් එය ද සම්මානයක බලාපොරොත්තුවක් විය හැකි බවත් එම පුවත් අතරේ වෙනවා. Richie චිත්‍රපටය යනු දෙවසරක මහන්සියෙන් නිර්මාණය කෙරුණු සිනමා පටයක් වන අතර එහිදී ප්‍රධාන නළු නිවින් සහ අධ්‍යක්ෂ ගෞතම්ගේ පස් වසරක මිත්‍රත්වය අපූරු බැඳීමක් එක් කළ බවත් දකුණු ඉන්දීය සිනමා තොරතුරු ගෙන එනවා. මෙහිදී නිවින්ගේ චරිතය ඔහු මීට පෙර ඉදිරිපත් කළ සියලුම චරිතයන්ට වඩා බෙහෙවින් වෙනස් එකක් බවත් එම පුවත් ගෙන එනවා. එම පුවත් සඳහන් කරන්නේ, කේරළයේදීවත් ඔහු එවැනි චරිතයක් නිරූපණය කරනු කිසිදා දකින්නට ලැබී නොමැති බවයි. හෙට (දෙසැම්බර් 08) සිට Richie ලොවපුරා තිරගත කිරීමට නියමිතයි.
|