|
සිනමා විමසුමඅහෝ! කාල? දිය උදෙසා කළ හටන
අද දවසේ සම්භාවනාවට පාත්‍රව සිටින තරුණ සිනමා රංගන ශිල්පීන් රාශියක් මෙහි රංගන එකතුවක් ලෙස දැක ගත හැකිය. එය අනාගත සිංහල සිනමාවට යහපත් ලකුණකි. ඔවුහු "කාල" සිනමා කෘතියේ කුමන හෝ ඉස්මතු වන අතුරු චරිත සඳහා පණ දෙමින් සිටිති. ඒ අනුව වේදිකා නිරූපණ ධාරාවේ තරුණ රංගන ශිල්පිීන් රැසකගේ රූපන එකතුවක් "කාල" සිනමා කෘතිය වටා එකතු වී තිබීම නව මානයකි. අනාගත සිංහල සිනමාවේ නව මාවතකට අස්වැසිල්ලකි.
නාමාවලියට පෙර දකින පුරෝතන රූපාවලිය "කාල" සිනමා කෘතියට කළ එළියකි. එහි බස හසුරුතා විලාස, රංගන විලාස, කලා අධ්‍යක්ෂණය, වේශ නිරූපණය ඇතුළු පසුබිම් මුසුව අතීත පුරා වෘත්තයක පිවිසුම් අබිමානය සනිටුහන් කරවයි. නාමාවලියෙන් පසු දිග හැරෙන සමස්තය සිනමා කෘතිය පුරාම සිද්ධි ගැළපීම තුළ ඌනතා මතුකර පෙන්වයි. කාලගේ අතුරුදහන්වීම, නායක හාමුදුරුවන්ගේ ඉස්මතු වීම, අතුරුදන් වූ කාල යළි දිගු කාල විනාශයකින් පසු ඔහුගේ දේහය රැගෙන යාම, නායක හාමුදුරුවන් පරදේශක්කාරයින්ට එරෙහිවීමට අවැසි බව කියැවෙන සංග්‍රාම ප්‍රකාශ, වැව ආරක්ෂා කර ගැනීමට දරන තැත, අන්තවාදීන්ගෙන් විරුද්ධවාදීන්ගෙන් එල්ලවන අකටයුතුකම් ආදී සියල්ල එහෙට මෙහෙට දෝලනය වීම තුළින් කතා සාරයේ හරය ඉස්මතුවීම බිඳ වැටී තිබේ. එබැවින් අධ්‍යක්ෂවරයාට ගලපා ගැනීමේ දෝෂයක් ඇති වී ඇතැයි යන සැකය මතුවේ. වසර දහ අටක කාල පරාසයක් "කාල" සිනමා කෘතියට පාදක වේ. එනම් ධාතුසේන රජ සමයෙහි ක්‍රි. ව. 452 සිට ක්‍රි. ව. 470 දක්වා වූ අනුරාධපුර පසුබිම් වූ කාල වකවානුවෙහි එක් පරිච්ඡේදයකි. මුඛ්‍ය චරිතය සේ ඉස්මතු වන ප්‍රධාන කතානායකයා හීන් කුරුට්ටා (මහේන්ද්‍ර පෙරේරා)ගේ චරිතය තුළින් මතුවන සිනමාරූපී අභිනය භාව ලක්ෂණ පිළිබිඹුවකි. එය "කාල" සිනමා භාවිතාවට ආකර්ෂණයකි. කාල ගේ ළමා කාලය, මෙම ළමා චරිතය සමස්ත සිනමා කෘතිය පුරා ඉස්මතු විය යුතුව තිබුණද එය එසේ නොවේ. කාල වචනයට පමණක් සීමා වූ චරිතයක් බවට පත්ව තිබීම අභාග්‍යයකි. නිමේෂයකදී සැඟව යන කාල සිනමා කෘතිය තුළ ද සැඟ වී ඇතැයි සිතේ. අධ්‍යක්ෂවරයා බොහෝ දේ කියන්නට කරුණු කාරණා එකතු කරන්නට ගොස් අතරමංව තිබේ. එතෙක් ඔහුගේ අංකුර සිනමා භාවිතාවේ ගති සොබා වර්ණවත්ය. අවතක්සේරුවට ලක් කළ නොහැකි තරම්ය. අද දවසේ සම්භාවනාවට පාත්‍රව සිටින තරුණ සිනමා රංගන ශිල්පීන් රාශියක් මෙහි රංගන එකතුවක් ලෙස දැක ගත හැකිය. එය අනාගත සිංහල සිනමාවට යහපත් ලකුණකි. ඔවුහු "කාල" සිනමා කෘතියේ කුමන හෝ ඉස්මතු වන අතුරු චරිත සඳහා පණ දෙමින් සිටිති. ඒ අනුව වේදිකා නිරූපණ ධාරාවේ තරුණ රංගන ශිල්පිීන් රැසකගේ රූපණ එකතුවක් "කාල" සිනමා කෘතිය වටා එකතු වී තිබීම නව මානයකි. අනාගත සිංහල සිනමාවේ නව මාවතකට අස්වැසිල්ලකි. උච්චාරණ විලාස, "කාල" තුළින් විද්‍යාමාන කාල පරාස නිරූපණයකි. එසේම අනුරපුර කතා විලාසයට ප්‍රේක්ෂකයා රැගෙන යාමට සමීපව තිබේ. භාවිත වචනවල වත්මන් භාවිත අරුත් විටෙක තේරුම් ගැනීම උගහට වුවත් ප්‍රේක්ෂකයාට ගවේෂණයකි. අපූරු නිමිත්තකි. අතීතයේ පටන් මුඛ පරම්පරාවෙන් පැවත ආ ජනශ්‍රැති හා බැඳුණු ගෙරහැඬි ගායන විලාසයන්ගේ පෞරුෂය අඩු වැඩි වශයෙන් "කාල" සිනමා කෘතිය තුළ ඉස්මතු වේ. ජන ගායනාවන් ජන සංගීතය හා මුසුවීමක් වැන්න. භාවමය කම්පනයක් ඇති කිරීමට දරන ලද තැත තවදුරටත් "කාල" සිනමා කෘතිය තුළ රැඳී තිබේදැයි වරෙක සිතේ. ජන සංගීතයේ භාව ප්‍රකාශන මතුවන අවස්ථා තිබේ. පසුබිම් ගායනාවන් මත තැවරෙන උච්චාරණයේ රළු බව නිදසුන් වේ. ප්‍රකාශිත අරුත් ගම්බීරභාවමය ඉස්මතුවකි. අරුත් රසවත් වී තිබුණත් ඉහළ උච්චාරණ හඬ පේ‍්‍රක්ෂක හදවත් හි නිදන්ගත නොවන්නේ නම් ඇති වන්නේ නීරස මුසුවකි. "කාල" සිනමා කෘතියේ දෝෂ ද ඇතැයි සිතේ. අවසන් රූප පෙළ හා බැඳෙන වැසි දියපතා සිදුවෙන පිරිත් ගායනාව සිනමා කෘතිය තුළ දිග හැරෙන්නේ රළු සොබාවකිනි. පසුබිම් හඬ මුසුවීමත් සමඟ පිරිත ඝෝෂාකාරී වීම ලුහුබවකි. උතුම් පෞරුෂ ගායනාවක ලක්ෂණ එහි නැත. ගම්බීරත්වය බිඳ වැටේ. එහෙත් වැසි දිය පතිත වේ. හීන්කරුට්ටා තිසා වැවට පූජා වීම තුළින් නිමාව සටහන් වේ. රසය නැංවෙන රූපාවලියකින් හෙබි කලා අධ්‍යක්ෂණයේ භාවමය ගති සොබා අපූරුව කාලානුරූප පසුබිම් දසුන් මඟින් නිරූපිතය. වස්ත්‍රාභරණ විටෙක උචිත සේ හැඟුණ ද, සරුව පිත්තල ස්වභාවයක් දිස් වෙයි. කාඩ්බෝඩ් ආයිත්තම් වැනි දිලිසෙන දේ අලවා අන්දවා ඇති සේය. හරවත් යමක් කරන්නට ගත් අතීත පුරා වෘත්තාන්තයේ මං සළකුණු උද්දීපණය ව්‍යර්ථ වී ඇතැයි හැඟේ. වට්ටක (ඩබ්ලිව්. ජයසිරි) කෘත්‍රිම ආටෝපයකි. අදටත් දැක ගත හැකි පාලන තන්ත්‍රයේ සමහර අමාත්‍යවරයින් වැන්න. මෙවැන්නවුන් අතීත රජ දවස ද ග්‍රාම පාලන තන්ත්‍රයේ සිට ඇති බවට සාධකයකි. සමාජ ආර්ථික වටපිටාව දූෂණය කළ වට්ටකගේ දූෂිත චරිතය තුළින් ඉස්මතු කරවන්නේ ප්‍රශස්ත හාස්‍යයකි. එහෙත් නිරූපන භාවිතාව ඒ තරමටම ඩබ්. ජයසිරිගෙන් උකහාගෙන ඇත්දැයි සැකයක් මතු වන්නේ චරිතය ගලායාමේ ඇති මන්දගාමී ස්වරූපය හේතුවෙනි. වට්ටකගේ අධමභාවය සමස්තය පුරා විසිරී තිබේ. සිය රූප කායේ පෞරුෂය බිඳ වැටීමකි. ලුහුකමකි. දැකීම විසූක දස්සන වැන්න. එසේම, පිරිවර පමනක් සිටින පෞරුෂය ගිලිහී ගිය රජවරු බොහෝ විට වෘද්ධයෝය. යන අරුත අප දකින ධාතුසේන රජුගේ එකම එක අවස්ථාවකට ගොනු වූ රූපාවලියෙන් නිරූපණය වේ. පසුතල නිර්මාණ අනගි ක්‍රියාකාරකම් ලෙස අගය කළ හැකිය. වැව සැකසෙන විශාල වපසරිය දුරස්ථ රූප සමුච්චය දෘශ්‍යමාන අනුහුරුවකි. ඇසට අලංකාරයකි. සිනමාත්මක භාවිතාවකි. සජීවිකරණ භාවිතාවක් මුසු කළ රූප අවස්ථා ප්‍රශස්ත ලෙස සංස්කරණය කර තිබීම අපූරුතා මැවිමකි. දර්ශන රුවන් දිසානායකගේ සංගීත මහන්සිය ගෙන දෙන්නේ ජන ශ්‍රැතියෙනි. අක් මුල් හා ගැටෙන විවිධ තල ඔස්්සේ සංගෘහිත පර්යේෂණයක් වැනි අරුතකි. සුජීව ගුණරත්න නම් වූ නවක සිනමා අධ්‍යක්ෂවරයා දිය උදෙසා කළ හටන අගය කළ යුත්තකි. පහේ පන්තියේ වත්මන් සිංහල පෙළ පොතේ සඳහන් පාඩමකින් කියැ වූ මෙවැනිම පුරා වෘත්තයක තවත් ඉමක් දෙසට හැරන්නට අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයින්ට ඉඩ හසර තනා දී තිබේ.
|