|
|
පුංචි තිරය මත බටහිර අහස ඇඳි සිතුවම
චාමර ජනරාජ් පීරිස්ගේ තවත් ටෙලි වෘත්තාන්තයක්
එහෙත් ඒ ආදර විජිතයේ වැඩි කාලයක් සැරිසරන්නට ඔවුන් දෙදෙනාට ඉඩහසර වෙන්නොම වෙයි. ඒ ඔවුන්ගේ ආදර කතාව පිළිබඳ නිවැසියන්ට දැන ගැනීමට ලැබීමත් සමඟ ය. මේ නිසා හෂිනිගේ සිතේ ඉපදෙන්නේ දුකකි. ඈ කණිෂ්කට ආදරය කළේ සැබෑවටම ය. තම මව්පියන්ගේ නොකැමැත්තත් සිය කැමැත්තත් අතර අතරමං වූ හෂිනිගේ සොඳුරු පැතුමන් සඵල වන්නේ නොසිතූවිරූ අයුරෙනි. ඒ කලක් ගිය පසුව ඇගේ මව්පියන්ගේ ආශිර්වාදය ඇටත්, කණිෂ්කටත් හිමිවෙමිනි.
හෂිනිගේත්, කණිෂ්කගේත් ආදරය ලියාපදිංචි වන්නේ එලෙසිනි. එහෙත් ඔවුන් දෙදෙනාට එක්වන්නට බාධාවන යමක් වෙයි. ඒ ඔවුන් දෙදෙනාට බලපාන අපලයක් පිළිබඳ හෙළිවීම නිසාවෙනි. ඒ අපල කාලය ගෙවෙනතුරු වෙන්වී සිටිය යුතු බව දන්වන ග්‍රාමයේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නිසා හෂිනිත්, කණිෂ්කත් ජීවත් වන්නේ සිය නිවෙසේවලම ය. මේ කුමන තත්ත්වයක් උද්ගත වුවද හෂිනිගේ මව්පියන් පවසන්නේ විවාහ මංගල උත්සවයක් නොපවත්වා සිය දියණිය කැන්දාගෙන යන්නට නොදෙනා බව ය. මේ අතර කණිෂ්ක හෂිනිට උපදෙස් දෙන්නේ නිවෙසට වී නිකං කාලය ගත නොකරන ලෙසකි. ඈට පශ්චාත් උපාධිය සඳහා ලියාපදිංචි වන්නැයි පවසන නිසා ම එහි කටයුතු සඳහා කොළොම්පුරවරයට පිවිසීමට හෂිනිට සිදුවෙයි. මෙතෙක් දුටුව විශ්වවිද්‍යාලවල පාඨමාලා අතරින් වෙනස්ම හැඩයක් ගන්නා පශ්චාත් උපාධි පාඨමාලාව ගැන ඇය මවිතයට පත්වෙයි. එවැනි වෙනසක් එහි ඇති වන්නේ ඒ පාඨමාලාවට සහභාගි වන අනෙක් ළමයින් නිසා ය. ඒ එහි ඉගෙනුම ලැබීමට පැමිණෙන්නේ අපේ රටේ ළමයින් පමණක් නොවේ.
මෙතෙක් ගම්පියසේ ගෙවුණු ජීවිතය හා බැඳී සිතුම් - පැතුම්වලින් සපිරුණු හෂිනිගේ සිතට නව සිතුම් - පැතුම් නිසා ඇති වන්නේ පෙරළියකි. සිය ග්‍රාමීය පරිසරයත්, නාගරික පරිසරයත් අතර දෝලනය වන ඇගේ සිතුම් - පැතුම් අතරට පිවිසෙන්නේ අශාන් නමැති තරුණයෙකි. අශාන්ගේ ආදරය හෂිනි පිළිගනීවිද? කණිෂ්කගේත්, හෂිනිගේත් විවාහයට කුමක් වේද? ඒ ගැන දැන ගැනීමට නම් ඔබ මේ දිනවල හිරු රූපවාහිනියේ සතියේ දින පහේ ම රාත්‍රි 8.00ට විකාශය වන චාමර ජනරාජ් පීරිස්ගේ ‘බටහිර අහස‘ නැරැඹිය යුතු ය.
නළු නිළි පිරිස - ශලනි තාරකා,සාරංග දිසාසේකර, එරංග ජීවන්ත, සුදර්ශන බණ්ඩාර, බුද්ධික සේමසිංහ, සුලක්ඛනා හේරත්, මොරින් චාරුනී, ජනක කුඹුකගේ, මනෝහාරි විමලතුංග, මැණික් විජේවර්ධන, ෂෙහානි කහඳවල, රංගි රාජපක්ෂ, තාර්යා කෙනඩි, අකිල දිසානායක, ෆා ක්‍රවුඩා, ටානියා ශෙනල්, සකුරා විමලසේන, රනිල් ප්‍රසාද්, නිෂාන් අබේසිංහ, අනුත්තරා දසනායක නිෂ්පාදනය - කපිල නවරත්න පික්ස් ඇන්ඩ් වෙනුවෙන් රූපවාහිනි රචනය - බුද්දික සේමසිංහ අධ්‍යක්ෂණය - චාමර ජනරාජ් පීරිස් සහය අධ්‍යක්ෂණය - කුලුම් උඩුවාවල කැමරා අධ්‍යක්ෂණය - රුවන් චමින්ද කුමානායක කලා අධ්‍යක්ෂණය - කෝසල කරුණාරත්න වේශ නිරූපණය - ක්‍රිෂාන්ත ජයබාහු නිෂ්පාදන කළමනාකරණය - අජිත් සමන්ත, ටෙරන්ස් ද සිල්වා සංස්කරණය - ජගත් වීරතුංග සංගීත අධ්‍යක්ෂණය - විශ්ව සංකල්ප තේමා ගීත රචනය - තුෂානි බුළුමුල්ල ගායනය - ලක්මිණි උඩවත්ත
|



පාරම්පරික වලව්වක ඉපදී හැඳී වැඩෙන හෂිනි සාම්ප්‍රදායිකව සිය ජීවිතය ගෙවන්නියකි. ඈ
කණිෂ්කව දැන හඳුනා ගෙන සිටියේ පාසල් වියේ සිටම ය. කාලයාගේ ඇවෑමෙන් කණිෂ්ක හා
හෂිනිගේ හදවත්වල ආදරය ලියලා වැඩෙන්නේ සොඳුරු ආදර කතාවකට පිටුවක් පෙරළමිනි.
හෂිනිගේත්, කණිෂ්කගේත් ආදර අන්දරය එලෙස ඒ ගම්පියසේ ගලාගෙන යද්දී මව්පියන් ඔවුන්ට
රැගෙන එන ලද්දේ වෙනස් ම යෝජනාවකි. ඒ ඔවුන් දෙදෙනා විවාහ විය යුතු බව ය.
විදෙස් රටවල විශ්වවිද්‍යාලවල ළමයිද මෙහි අධ්‍යාපනය
ලබති. මෙවැනි ළමයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන පශ්චාත් උපාධි පාඨමාලාව නිසා
හෂිනිට ඇසුරු කිරීමට ලැබෙන්නේ වෙනස් ම අදහස්වලින් සපිරි පිරිසකි.








