|
එක් චිත්‍රපටයක් මෙහෙයවා අපෙන් වියෝ වූ අධ්යක්ෂවරුමීට පෙර ලිපි කිහිපයකින් අපි මෙරට සිනමාවේ සුවිශේෂි වූ අධ්‍යක්ෂවරුන් ගැන කතා කළා. වැඩිම චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කළ අය, අධ්‍යක්ෂණයට පිවිසි පිය පුතුන්, සහෝදරයන් ලෙසින් එම ලිපි වෙන් වුණා. අද එහි තවත් මානයකට අපි අවධානය යොමු කළා. ඒ තම සිනමා දිවියේදී එක් සිනමා පටයක් පමණක් අධ්‍යක්ෂණය කර දැනට අප අතරින් වියෝ වී ඇති අධ්‍යක්ෂවරුන් කවුරුන් ද යන්න පිළිබඳවයි. මෙරට සිංහල සිනමාව ආරම්භයේදී දේශීය සිනමාවක් වෙනුවෙන් කැප වූ කලාකරුවෙක් ලෙස ජෝර්ජ්.එස්. විජේගුණරත්න සුවිශේෂි වේ. මේ අතරේ 1950 වසරේදී තිරගත වූ ගම්බද සුන්දරී චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද, ජෝර්ජ්.එස්. විජේගුණරත්න විසිනි. මෙරට නිපද වූ අටවැනි කතානාද සිංහල චිත්‍රපටය වන්නේ ‘ගම්බද සුන්දරී’ චිත්‍රපටය යි. ෆ්ලොරිඩා ජයලත් සිංහල සිනමාවේ ජනප්‍රිය නිළියක ලෙසින් අභිසෙස් ලැබුවද ඊටත් වඩා ඇයගේ සුවිශේෂත්වය වන්නේ මෙරට ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂවරිය වීමයි. 1953 වසරේදී ‘සුජාතා’ (1953) චිත්‍රපටයෙන් එක රැයින් ජනප්‍රිය තාරකාවක බවට පත් වූ ඇය 1965 දී ‘ස්විප් ටිකට්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාවේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂවරිය බවට පත් වුණා. ජනප්‍රිය ඉන්දියානු ජාතික අධ්‍යක්ෂවරයකු වූ ඒ. එස්. ඒ. සාමි 1956 වසරේදී ඩිංගිරි මැණිකා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. එය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ එකම සිංහල චිත්‍රපටය යි. ලතා වල්පොල ගයන “පෙරදිග මුතු ඇටයයි මේ” සහ අල්හාජ් මොහිදීන් බෙග් ගැයූ “ගිරි හෙල් මුදුණේ මානෙල් නොපිපේ”යන ගීත දෙක ඇතුළත් වන්නේද පියදාස සිරිසේනගේ ඩිංගිරි මැණිකා නවකතාව ඇසුරින් නිර්මාණය ‘ඩිංගිරි මැණිකා’ චිත්‍රපටයේ යි. අහමඩ් කමූර් සහ බී. නන්දසේන කුරේ විසින් අධ්‍යක්ෂණය කෙරුණු ‘සැපත සොයා’ චිත්‍රපටය 1965 වසරේදී තිරගත කෙරුණා. බී. නන්දසේන කුරේ යනු ප්‍රකට දේශපාලඥයකු වූ සිරිසේන කුරේගේ සහෝදරයා වේ. අතිශය ජනප්‍රිය නළුවකු වූ ආනන්ද ජයරත්න ද එක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. එලෙස අධ්‍යක්ෂණය කෙරුණු ‘ආදරයයි කරුණාවයි’ චිත්‍රපටය 1965 වසරේදී තිරගත කෙරුණා. පණ්ඩිත් අමරදේවයන් මෙහි සංගීත නිර්මාණය කළ අතර ක්ලැරිස් ද සිල්වා විජේරත්න වරකාගොඩ සහ ගාමිණී ෆොන්සේකා මෙහි රංගනයෙන් දායක වුණා. සී. වී රාජු විසින් 1962 ‘දේව සුන්දරී’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ජනප්‍රිය නළුවකු, අධ්‍යක්ෂවරයකු හා සිනමා ශාලා කළමනාකාරවරයකු වූ ඩඩ්ලි වානගුරු 1967 වසරේදී සැඟවුණු මැණික චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ‘සැඟවුණු මැණික’ ඔහු අධ්‍යක්ෂණය කළ පළමු හා එකම චිත්‍රපටය වන අතර ඔහුගේ දියණිය මානෙල් වානගුරු සිනමාවට හඳුන්වා දුන්නේ ද එම චිත්‍රපටයෙනි. චූලා පලාගොල්ල විසින් 1968 වසරේදී ‘පිනි බිංදු’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. එය නිෂ්පාදනය, කතාව,දෙබස් හා තිර රචනය කළේ ද පාලගොල්ල විසිනි. අරුණ ශාන්ති, රොබින් ප්‍රනාන්දු,එච්. කේ. ධර්මදාස, සන්ධ්‍යා කුමාරි, තෙරේසා වීරසිංහ, එච්. ආර්. ජෝතිපාල, ශාන්ති ලේඛා, බී. ඇස්. පෙරේරා, පිටිපන සිල්වා, පියදාස ගුණසේකර, පර්ල් වාසුදේවි, එඩී ජූනියර් එහි රංගනයෙන් දායක වුණා. අර්වින් ජයමාන්න විසින්ද එක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. රහස් දූපත නම් වූ එය 1967 වසරේදී තිරගත කෙරුණා. ඉන්දීය ජාතික අධ්‍යක්ෂ චුන්ඩුකිලි සෝමසේකරන් විසින් ‘රක්තක්කන්නීර්’ දමිළ චිත්‍රපටය ඇසුරින් ලන්ඩන් හාමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. 1968 වසරේදී එය තිරගත කෙරුණා. මෙරටට බිහි වූ අග්‍රගණ්‍ය කලාකරුවකු ලෙසින් මහගමසේකර සිංහල කලා කෙත පෝෂණය කළා. කවියකු, ගීත රචකයකු, නවකතා කරුවකු, කෙටි කතා කරුවකු, නාට්‍ය රචකයකු ලෙසින් සුවිශාල මෙහෙවරක් ඉටු කළ සේකරයන් 1970 වසරේදී තුංමං හන්දිය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ‘තුංමං හන්දිය’ මහගමසේකරයන්ගේ ප්‍රථම සහ එකම සිනමා නිර්මාණය යි. 1970 වසරේ තිරගත වූ සුළි සුළං චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජනප්‍රිය නිළි විජිත මල්ලිකාගේ සැමියා වූ ඇන්ටන් ප්‍රනාන්දු විසිනි. ‘සුළි සුළං’ සම නිෂ්පාදනය වූයේද ඇන්ටන් සහ විජිත මල්ලිකා අතිනි. මෙරට සිනමා ඡායාරූප ශිල්ප භාවිතයේ විප්ලවීය වෙනසක් ඇති කළ විලී බ්ලේක් 1972 වසරේදී ‘වනරජා’ නමින් වූ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. 1972 වසරේදී චන්ද්‍රා එස්. පෙරේරා විසින් ‘වැහිළිහිණි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර එහි නිෂ්පාදනය, කතාව, තිර රචනය පමණක් නොව කැමරාව මෙහෙය වූයේද ඔහු විසිනි. මෙරට අඩුම දින ගණනකදී තිරගත කළ චිත්‍රපටය වූයේ ‘වැහිළිහිණි’ චිත්‍රපටය යි. නමුත් එහි පෝස්ටරය ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබුවා. ශාන්ති ගීතදේව මෙහි සංගීත අධ්‍යක්ෂණය කළ අතර ඔහු විසින් සංගීතවත් කළ ප්‍රථම සහ එකම චිත්‍රපටය වන්නේ ද මෙය යි. සුබයර් මකීන් විසින් හදවත් නැත්තෝ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. එය විචාරකයන්ගේ ඉහළ ප්‍රසාදයට ලක් වූ චිත්‍රපටයක් බවට පත් වීය. හදවත් නැත්තෝ චිත්‍රපටයේ තිරරචනය කළේද ඔහු විසිනි. 1974 වසරේ තිරගත වූ එහි රොබින් ප්‍රනාන්දු, නිටා ප්‍රනාන්දු, දෙනවක හාමිනේ, දොන් සිරිසේන, ශාන්ති ලේඛා, ඩොමී ජයවර්ධන, ලිලියන් එදිරිසිංහ, පර්ල් වාසුදේවි, සේනාධීර කුරුප්පු, රූබි ද මෙල් රංගනයෙන් දායක වුණා. සිංහල සිනමාව වෙනුවෙන් ආබ්දීන් පවුසි මෙහෙම හරිද චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. 1974 දෙසැම්බර් 18 වැනිදා එය තිරගත කෙරුණා. ඇන්ඩසන් අල්ගම විසින් ද එක් චිත්‍රපටක් අධ්‍යක්ෂණය කළ අතර ‘දාමරිකයෝ’ නම් වූ එහි තිර රචනය සහ නිෂ්පාදනය ද සිදු කෙරුණේ ඔහු විසිනි. එය තිරගත කෙරුණේ 1974 වසරේදී ය. අපේ සිනමාවේ සැබෑ විකට නළුවන් අතර යෝධ චරිතයක් වූ බී. එස්. පෙරේරා ද අධ්‍යක්ෂණයට පිවිසෙමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කෙරුණා.1974 වසරේදී එය ‘රොඩී ගම’ නමින් තිරගත කෙරුණා. සිරිසේන විමලවීරගේ ‘රොඩී කෙල්ල’ සිනමා පටයේ මුල්වරට රඟයෙන් දායක වූ ඔහු ‘සැනසුම කොතැනද‘, ‘අල්ලපු ගෙදර’, ‘සතපනහ’, ‘ඔන්න බබෝ බිල්ලෝ එනවා’ වැනි සිනමාපට රැසක අමතක නොවන රංගනයන් ඉදිරිපත් කළා. සහාය අධ්‍යක්‍ෂවරයකු, කතා, දෙබස් සහ තිරනාටක රචකයකු වූ ඇන්තනි සී. පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘තක්කිට තරිකිට’ චිත්‍රපටය 1982 වසරේදී තිරගත කෙරුණා. අල්ලපු ගෙදර’ ‘වනමෝහිනී’, ‘සංදේශය’, ‘චණ්ඩියා’, ‘සූර චෞරයා’, ‘පුංචි බබා’, ‘සසරක හැටි’, ‘දැන් මතකද?’ ඇන්තනි සී. රඟපෑ තවත් චිත්‍රපට කීපයකි. චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ හෙන්රි චන්ද්‍රවංශ විසින් අධ්‍යක්ෂණය කෙරුණු ‘වනගත කෙල්ල’ චිත්‍රපටය 1977 වසරේදී තිරගත කෙරුණා. හෙන්රි චන්ද්‍රවංශ විසින් “සිරිකත” නමින් සිනමා සඟරාවක් ද පළ කළේය. ඩෙන්සිල් පී. අබේවර්ධන විසින් අධ්‍යක්ෂණය කර ‘විසිහතර පැය’ චිත්‍රපටය 1979 වසරේදී තිරගත කෙරුණා. එහි කතාව, තිර රචනය, දෙබස් ද ඔහු ගේය. ඩිල්මන් ජයරත්න 1984 වසරේදී ‘රණ දෙරණ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එහි කැමරාකරණය ද කරමිනි. මෙරට ප්‍රථම චිත්‍රපට වර්ණ රසායනාගාරය වූ “ඩිල් ප්‍රොසෙස් වර්ණ රසායනාගාරය” පිහිටූවීමේ පූරෝගාමියා වූ ඔහු කැමරා ශිල්පයේද ප්‍රවීණයකු විය. 1985 වසරේදී ඊ. එම්. පී බණ්ඩාර විසින් ‘සුදු මාමා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ජෙරාඩ් ප්‍රනාන්දු විසින් ද එක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. 1986 වසරේදී එය ‘අසිපත මමයි’ නමින් තිරගත කෙරුණා. එය නිර්මාණය කෙරුණේ, ඇලෙක්සැන්ඩර් ඩියුමාගේ කවුන්ට් ඔෆ් මොන්ත ක්‍රිස්තෝ නවකතාව ඇසුරිණි. හින්දි සිනමාවට කැමැත්ත නිසාම බොම්බාය බලා ගොස් හින්දි චිත්‍රපට රැසකට විවිධ අන්දමින් දායකවෙමින් කටයුතු කළ අයි. පී සේන විසින් 1975 වසරේදී ‘ජීවන ගීතය’ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. සිනමාස් සමාගමේ නිෂ්පාදන කලමනාකරු ලෙසින් කටයුතු කළ ජේ. කේ චාර්ල්ස් පෙරේරා විසින් ‘විශ්මය’ චිත්‍රපටය ද (1978) කේ. එම්. ටී ආරියපාල විසින් ‘එකහිත චිත්‍රපටය’ ද (1979) අධ්‍යක්ෂණය කෙරුණා. එම්. ඒ. සංඝදාස විසින්ද චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කෙරුණා. 1980 වසරේදී එය ‘කාංචනා’ නමින් තිරගත කෙරුණා. 1955 දී ‘පෙරකදෝරු බෑණා’ චිත්‍රපටයෙන් සිනමා ගමන ආරම්භ කළ බැප්ටිස්ට් ප්‍රනාන්දු 1988 වසරේදී ‘අංගුලිමාල’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ආදරණීය දුෂ්ටයා ලෙසින් විචාරක අවධානයට ලක් වූ ඔහු ‘මමයි රජා’, ‘සහනය’, ‘පුරුෂරත්නය’, ‘සිතක මහිම’, ‘ටිකිරා’, ‘සැපත සොයා’, ‘සත පනහ’, ‘තුෂාරා’, ‘සිරිල් මල්ලී’ සහ ‘වනගත කෙල්ල’, ‘දෙවියනි ඔබ කොහිද’ වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වෙමින් ‘සහනය’ ‘දුප්පතාගේ හිතවතා’, ‘සුදු අයියා’, ‘ඒක දිග කථාවක්’, ‘නාමල් - රේණු, ‘ටිකිරා’ චිත්‍රපට නිෂ්පාදනය කළා. සී. ටී පෙරේරා විසින් 1996 වසරේදී ‘සති’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. කලා ක්ෂේත්‍රයේ කවුරුත් අතරත් ටොන්ටෝ නමින් ජනප්‍රිය වූ අකාලයේ දිවියෙන් සමුගත් දක්ෂ නිර්මාණකරුවකු වූ සමන්ත නීලවතුර අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය ‘සාවිත්‍රිගේ රාත්‍රිය’ චිත්‍රපටය යි. 1997 වසරේදී එය තිරගත කෙරෙන්නට පෙර ඔහුට සිය දිවියෙන් සමු ගන්න සිදු වුණා. හදිසියේ වියෝ වූ ඩෙන්සිල් ජයවීර විසින් අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය සෙනෙහස චිත්‍රපටය යි. ඔහු විසින් මීට පෙර ජනප්‍රිය චිත්‍රපට ගණනාවක් සංස්කරණය කළා. මේ දිනවල තිරගත කෙරෙන ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ චෙයියාර් රවීද පසුගියදා සිය ජිවන ගමනින් සමු ගත්තා. ධර්ම යුද්ධය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ එකම සිංහල චිත්‍රපටය වුවත් ඊට පෙර ‘ධර්ම සීලන්’ සහ ‘හරිචන්ද්‍ර’ නමින් චිත්‍රපට දෙකක් ඔහු විසින් අධ්‍යක්ෂණය කෙරුණා.
|