|
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
අනුෂ්කා ශර්මා
Jab Harry Met Sejal
හරීන්ද්‍ර සිං නෙහ්රා හෙවත් හැරී යනු යුරෝපයේ පන්ජාබ් ජාතික සංචාරක මග පෙන්වන්නෙක්. සෙජාල් සවේරි යනු ගුජරාටි ජාතික නීතිඥවරියක්. සෙජාල්ගේ නැති වූ විවාහ ගිවිසුම් මුදුව සොයා යන ගමනේදී ආදරය, සම්බන්ධතා යන්න පිළිබඳ හැරී අවබෝධය ලබනවිටදී සෙජාල් අලුතින් අත්දකින නිදහස වගේම හැරී සමඟින් ගත කාලයේදී ආදරය, වංචාව, ජීවිතය කුමක්ද යන්න මැනවින් වටහා ගන්නීය. මෙලෙස හැරී සහ සෙජාල් යුරෝපය වටා යන අපූරු ගමන ගැන කියන්නේ Jab Harry Met Sejal චිත්‍රපටය යි. Jab Harry Met Sejal යන්නෙහි තේරුම 'හැරී සෙජාල් හමු වූ විට' යන්නයි. මෙම චිත්‍රපටය නිසා ශාරුක් ඛාන් සමඟින් අනුෂ්කා ෂර්මා නැවතත් එකට බොලිවුඩ් රිදී තිරයේ දකින්නට ලැබෙනවා. අනුෂ්කාගේ බොලිවුඩ් සිනමා සම්ප්‍රාප්තිය සිදු වූයේද 2008 වසරේ ශාරුක් ඛාන් සමඟින් Rab Ne Bana Di Jodi චිත්‍රපටයෙනි. පසුව 2012 වසරේදී බ්චඡ ඊචඬ ඩ්චඪ බ්චචද චිත්‍රපටයේදී ද ශාරුක් - අනුෂ්කා එකතුව දකින්නට ලැබුණා. Rab Ne Bana Di Jodi චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි අනුෂ්කා දැන් නිෂ්පාදකවරියක ලෙසින්ද තම සිනමා ගමනේ සාර්ථක ගමනක යෙදී සිටින්නීය. පසුගිය දිනෙක මෙම චිත්‍රපටයේ "Beech Beech Mein" ගීතය එළිදැක්වීම වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා. එහිදී අනුෂ්කා පැවසුවේ ශාරුක් යනු මයික්‍රොෆෝනයක් සමඟින් වුවද ආදරය කළ හැකි පුද්ගලයකු බවයි. ඇය එවැනි පිළිතුරක් ලබා දුන්නේ, ශාරුක් සමඟින් තෙවැනි වතාවට කළ ආදරය කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරක් ලෙසිනුයි. "ඒක ඉතාම පහසුයි. ඔහුගේ ආදරය ඔහුගේ ඇස්වලින්ම පේනවා. ඔහු ඉතාම දක්ෂයි. ඒක අපට තිරයේ දකින්න පුළුවන්" අනුෂ්කාගේ පිළිතුරේ සඳහන් වූයේ මෙවැන්නක්. මේ අතරේ කිං ඛාන් වෙත යොමු වූ ප්‍රශ්නයක් වූයේ තමන් වඩාත්ම ප්‍රිය කරන්නේ කුමන වර්ගයේ චිත්‍රපට කෙරෙහිද යන ප්‍රශ්නය යි. "මම ආදර කතාවලට කැමැතියි. ඒත් මං වඩාත්ම කැමැති හාස්‍යෝත්පාදක චිත්‍රපටවලට" එහිදී ඔහු පැවසුවා.
ප්‍රේමය සහ හාස්‍යය රැගෙන එන බොලිවුඩ් චිත්‍රපටයක් වන Jab Harry Met Sejal
නිෂ්පාදනය කර තිබෙන්නේ ශාරුක් බිරිය ගෞරි ඛාන් විසිනි. මෙහි ශාරුක්, අනුෂ්කා සමඟින්
එව්ලින් ෂර්මා, සයානි ගුප්තා, චන්දන් රෝයි සන්යාල්, අරූ ක්‍රිෂ්ණවාස් වර්මා, පරාස්
අරෝරා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. සංගීතය ප්‍රීතම් විසින් නිර්මාණ කර ඇති
අතර එහි ගීත ගායනයට දායක වී ඇත්තේ, සුනීධි චෞහාන්, අර්ජිත් සිං, ශාහිඩ් මල්යා, දේව්
නෙගී ඇතුළු පිරිසකි. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්,වියානා, ලිස්බන් සහ හංගේරියාවේ
බුඩාපේස්ට් ඇතුළුව යුරෝපයේ සුන්දර ස්ථාන රැසකදී සහ ඉන්දියාවේ පන්ජාබයේදී
Jab Harry
Met Sejal රූගැන්වීම් සිදුකර ඇති අතර එය හෙට (අගෝස්තු 04) වැනිදා සිට
ලොවපුරා තිරගත කිරීමට නියමිතයි. Jab Harry Met Sejal, 1989
වසරේ තිරගත වූ
ප්‍රේමණීය සහ හාස්‍යමය
කෙසේ නමුත් බොලිවුඩයෙන් වාර්තා වෙන්නේ, මෙවර නම් ශාරුක්ගේ රංගනයට වාරණයකුත් පැනවී ඇති බවයි . මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක නිකුත් කිරීම සමඟින් ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයෙන් කළ වාරණයක් හේතුවෙන් එම ප්‍රචාරක කටයුතු තාවකාලිකව නවතා දමන්නටත් සිදු වුණා. එයට හේතුව වූයේ, එම ප්‍රචාරක පටයේ සරාගී දර්ශන ඇතුළත් වීමයි. Jab Harry Met Sejal චිත්‍රපටය වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලේබලය යටතේ ප්‍රදර්ශනය ප්‍රදර්ශනය කරන්නේද නොඑසේ නම් පවුලේ චිත්‍රපට ලේබලය යටතේ ප්‍රදර්ශනය කරන්නේද යන්න තිරණය කිරීම චිත්‍රපට නිර්මාණ කණ්ඩායමට පැවරූ ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය ඔවුන් වෙත දන්වා සිටියේ, පවුලේ චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය කරන්නේ නම් චිත්‍රපටයේ මෙම සරාගි දර්ශන සංස්කරණයට ලක් කළ යුතු බවයි.
|