|
ජීවත් වෙන්නත් විදියක් එපායැ‘රොසලියා’ සමඟ එන නිහාල් ප්‍රේමචන්ද්‍ර
සිනමාව තමයි හොඳ. අනික කවුරු කොහොම කිව්වත් අපේ සිනමාව තවමත් හොඳ මට්ටමක තියෙනවා. අපිට හොලිවුඩයත් එක්ක වුණත් හැප්පෙන්න පුළුවන්. නමුත් අප සිනමාවට වගකිව යුත්තෙක් නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඉස්සර චිත්‍රපට දහයක් ප්‍රදර්ශනය වුණොත් ඉන් එකයි ජනප්‍රිය වෙන්නේ. ඒත් අද ඒකේ අනෙක් පැත්ත.
කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ දුර්ගා චිත්‍රපටයේ රඟපා නමක් දිනූ රංගන ශිල්පියකු මෙන්ම තිර රචකයකු ලෙසින් ද කටයුතු කරන නිහාල් ප්‍රේමචන්ද්‍ර රොසලියා කැටුව වේදිකාවට ගොඩවීමට සූදානම් වෙයි. ඔහු මෙලෙස වේදිකාවට ගොඩ වන්නේ වසර විසි පහකට පසුවය. රොසලියා නිහාල්ගේ නවතම වේදිකා නාට්‍ය වේ. එය මානෙල් චන්ද්‍රලතාගේ නිෂ්පාදනයකි. නිහාල් ඔබට හදිසියේම වේදිකාවට ගොඩ වන්නට හිතුණේ ඇයි? මං මේ මෑතක වේදිකාවට එන්න හිතුවේම නැහැ. මං වැඩි කාලයක් රැඳිලා හිටියේ චිත්‍රපට මාධ්‍යයත් එක්කනෙ. මට හදිසි ආරාධනාවක් ලැබුණා මනෙල් චන්ද්‍රලතාගෙන්. ඇය පවසා සිටියේ ඇයට හොඳ වේදිකා නාට්‍යයක් කරන්න අවශ්‍ය බවයි. අධ්‍යක්ෂණය මා විසින් කළ යුතු යැයි මානෙල් එකහෙලා කියා සිටියා. ඉතින් මං එම නාට්‍යය අධ්‍යක්ෂණය කිරීමට තීරණය කළා. රොසලියා මොන වගේ කතා පුවතක්ද? මේක දේශපාලන ප්‍රහසනයක්. ඒ වගේම ස්වතන්ත්‍ර කතා පුවතක්. කවුද රඟපාන නළු නිළියන්? මානෙල් චන්ද්‍රලතා, ආරියසේන ගමගේ, කුමාරි සේනාරත්න, රූපා ගෝමස්, ප්‍රසාද් ගලප්පත්ති, පොඩි මෑන්, දිල්හානි කරුණාරත්න, නිමල් ඉද්දමල්ගොඩ, සරත් ඉදුරුවගේ, සුධර්මා ලාලනී. සංගීතය රංජිත් ඩයස්ගෙන්. වසර විසි පහකට පසු වේදිකාවට ගොඩ වුණාම මොකද හිතුණේ? දැන් වේදිකා නාට්‍යයක් කිරීම හරිම අමාරුයි. මොකද නළු නිළියන් බොහොම කාර්යබහුල යුගයකුයි මේ ගෙවෙන්නේ. ඒ වගේම හොඳ ජනප්‍රිය නළු නිළියන් පිරිසකුත් ඉන්න ඕනෑ නාට්‍යයක් ජනප්‍රිය වෙන්න. එහෙම බලන කොට චිත්‍රපටයක් කිරීම ලෙහෙසියි. ඔබ තිර රචනා කළ චිත්‍රපටයක් තිරගතවීමට නියමිතයි නේද? ඔව්. එකේ නම යම රජ සිරි. සජීව සංකල්ප එහි අධ්‍යක්ෂ. ඔහු තමයි මාව සිනමා තිර රචකයකු කළේ. ඒ සුජාත පුත්‍ර හරහා. යම රජ සිරි සජීවගේ පළමු චිත්‍රපටය. ඔහු මට ඒ අවස්ථාවත් දුන්නා. ටෙනී, බන්දු යුවළ වසර ගණනාවකට පසු එකට රඟපාන්නේ මේ චිත්‍රපටය ඔස්සේයි. බහුතරයක් සිනමාවෙන් ඉවත් වෙද්දී ඇයි ඔබ සිනමාවට පෙම් බඳින්නේ? සිනමාව තමයි හොඳ. අනික කවුරු කොහොම කිව්වත් අපේ සිනමාව තවමත් හොඳ මට්ටමක තියෙනවා. අපිට හොලිවුඩයත් එක්ක වුණත් හැප්පෙන්න පුළුවන්. නමුත් අප සිනමාවට වගකිව යුත්තෙක් නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඉස්සර චිත්‍රපට දහයක් ප්‍රදර්ශනය වුණොත් ඉන් එකයි ජනප්‍රිය වෙන්නේ. ඒත් අද ඒකේ අනෙක් පැත්ත. ඔබ හිතන විදිහට එවැනි අසාර්ථක තත්ත්වයකට හේතු කවරේද? දැන් බලන්නකෝ ටී වී එක දැම්මොත් ඒකේ චිත්‍රපට විකාශය වෙනවා. ඒක නොවිය යුත්තක්. ප්‍රේක්ෂකයින් වැඩි දෙනෙක් දැන් හෝල්වලට යන්නේ නැහැ චිත්‍රපට බලන්න. ඔවුන් පුරුදු වෙලා තිබෙනවා හෝල් එකෙන් චිත්‍රපටය ගැලවුනාට පස්සේ ඩී වී ඩී මාධ්‍යයෙන් චිත්‍රපටය බලන්න. එතකොට ප්‍රේක්ෂකයන් ශාලාවට එන්නෙම නැහැ. ඉතින් කාටද අපි චිත්‍රපට පෙන්වන්නේ. ඒ වගේම තව දෙයක් කිව යුතුයි. මේ වන විට හින්දි දෙමළ චිත්‍රපට සිංහලෙන් හඬ කවන්න පටන් අරන් කියලා ආරංචියි. අපේ ශිල්පීනුත් ඊට සම්බන්ධ වේවි. ඒකට දොස් කියන්න බැහැ. මොකද ජීවත් වෙන්නත් විදිහක් එපායැ. කලාකරුවන් යැපෙන්නේ කලාවෙන් හම්බ කරගන්න මුදල්වලින්නේ. මේ තත්ත්වය වහාම නැවැත්විය යුතුයි. මං අර කලින් කිව්වේ අප ක්ෂේ්ත්‍රයට හරිහමං වගකිවයුත්තෙක් නැහැ. ඒකයි මේ සිනමාව අයාලේ යන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ මෙරට සිනමාව ගැන ඕනෑවට වඩා කතා කරනවා කියලා? වෙන්න පුළුවන්. හැබැයි මං මහා ලොකු පොරක් නෙවෙයි. සිනමාව තුළ බොහොම පොඩි මිනිහෙක්. නමුත් මටත් සිනමාව ගැන කැක්කුමක් තියෙනවා. නමුත් ඔබට එක චිත්‍රපටයක්වත් අධ්‍යක්ෂණය කරන්න බැරි වුණා? චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම තමයි මගේ එකම හීනය. චිත්‍රපට හදන්න නිෂ්පාදකවරු ඉන්න ඕනනෙ. අවාසනාවට මට එකම නිෂ්පාදකවරයකුවත් මුණ ගැසුණේ නැහැ. කවදා හෝ නිෂ්පාදකවරයකු හමුවුණු ගමන් චිත්‍රපටයක් කරනවා.
|