රටක් වටිනා සම්මානයක්
රටක් වටිනා
සම්මානයක්
තිස්ස විජේසුරේන්ද්රගෙ සිනමා දිවියට අවුරුදු හතළිස් පහයි. විවාහ ජීවිතයට අවුරුදු
තිස්පහයි. අප රටේ කලා ජීවිතය මෙන්ම පවුල් ජීවිතය හොඳින් පවත්වාගෙන යන නළුවන් අතරේ
තිස්ස පෙරමුණේ ඉන්නවා. කොතරම් සිනමාපට ප්රමාණයකට රංගනයෙන් දායකවීමට අවස්ථාව
ලැබුණත් තිස්සට සම්මාන ලැබිලාම නැතිතරම්. ඒත් ඒ ගැන ඔහු කිසිසේත් කණගාටු වෙන්නේ
නැහැ. මොන සම්මාන නැතිවුණත් තිස්සට පසුගිය දිනෙක උතුම් සම්මානයක් ලැබිලා. එය ඔහුට
ලබාදීලා තියෙන්නෙ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් වීම විශේෂත්වයකි. පවුලෙන් ලැබුණු ඒ
සම්මානය රටකටත් වඩා වටිනවා කියලයි තිස්ස කියන්නෙ.
|