|
||||
දයා ගුණයෙන් මහරු මහා සිනමා අදියුරුආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ 98 වැනි ඡන්ම දිනය ලබන අපේ‍්‍රල් 05 වැනිදාට යෙදයි. සරසවිය එතුමන්ට නිදුක් නීරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කරයි. ලෙස්ටර් ජේමිස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘රේඛාව චිත්‍රපටය තිරගත වුයේ 1956 දෙසැම්බර් 28 වෙනිදා ය. මා ‘රේඛාව‘ මුලින් ම මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහලේ දී නැරඹුවේ නව හැවිරිදි ළමයකු ලෙස මව්පියන් සමඟ ය. එහි එන තොවිල් දර්ශනයක සිටි යක් මුහුණකට බිය වී මා හැඬු අයුරු පසුකලෙක මව කීවාය. එහෙත්, එහි තිබු කුඩා දරුවන් දෙදෙනකු සරුංගල් යවන දර්ශනයත්, බොරු කකුල්කාරයාත් යන්තම් මට මතක තිබුණි. පාසල් අධ්‍යාපනයෙන් පසු සිනමා පුවත්පත් මාධ්‍යවේදියකු ලෙස වසර 50ක් පමණ කාලයක් තිස්සේ කටයුතු කරන මා හට ‘රේඛාව චිත්‍රපටයට වසර 50ක් පිරීම නිමිත්තෙන් 2006 වසරේ ග්‍රන්ථයක් ලිවීමට අවශ්‍ය විය. ‘අඩසියවසක දී රිදී’ රේඛව‘ නම් ඒ කෘතියට අධ්‍යක්ෂවරයාගේ අපදානය, රේඛාවට පසුබිම් වූ කතාව, චිත්‍රපටයේ තිරනාටකය (දෙබස් සහිතව), ගීත පද රචනා, රේඛාව ගැන ලියූ ඉංගී‍්‍රසි සිංහල විචාර ද ඇතුළත් විය. ‘සුරස’ ප්‍රකාශනයක් වූ ග්‍රන්ථය දොරට වැඩීමේ උළෙල 2006 වසරේ දෙසැම්බර් 28 වැනිදා කොළඹ රීගල් සිනමාහලේ පැවත් වූ අතර, එදින සවස 6.30 දර්ශනයට චිත්‍රපටයට සම්බන්ධ ජීවතුන් අතර සිටි කලාකරුවන් සහභාගි කර ඔවුනට උපහාර පිදීමට අපට හැකි විය. මෙහි ඇති සුවිශේෂී සිද්ධිය නම් එදින උදෑසන 10.00ට පමණ ‘රේඛාව‘ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් රීගල් සිනමාහලේ දී ලෙස්ටර් මහතාට පමණක් නැරැඹීමට අවස්ථාව සැලසීමය. උපහාර උළෙලට පෙර දින දෙසැම්බර් 27 වැනිදා සවස ලෙස්ටර් මහතා මට කතා කළේ ය. “අපි හෙට උදේ දහයට රේඛාවේ පිටපත බලනවා. රංජීත් ඒ වෙලාවට රීගල් එකට එන්න.” නියමිත වේලාවට සිනමාහලට ගිය මට ලෙස්ටර් මහතාගේ සංස්කරණ ශිල්පි ග්ලැඩ්වින් ප්‍රනාන්දු මුණ ගැසුණි. “අන්න ලොක්කා තනියම බොක්ස් එකේ ඉන්නවා රංජීත් එනකං.” සිනමාහලේ පහළ මාලයේ වෙන් කළ ආසන සහිත බොක්ස් එකේ ලෙස්ටර් මහතා මා එනතුරු බලා සිටියේ ය. චිත්‍රපටය බැලීමට සිටියේ ලෙස්ටර් මහතාත්, ග්ලැඩ්වින් හා මා පමණි. ගමට එන බොරු කකුල්කාරයා රිළවා ද උරහිස මත හිඳුවාගෙන රබාන වයමින් ගීතයක් ගයයි. කුඩා සේන හා අනුලා පිරිවරා ගත් ළමයින් පිරිස ඔහු පසුපස යති. “අයිසේ මේ රිළවා අපිට දුන්න වදයක්? රිළවගේ අයිතිකාරයා ඌ ෂූටිංවලට තැනට ගෙනාවේ බග්ෆියට් වෑන් එකකින්. ඌ අරක්කු බීලා පුරුදු සතෙක්. ඒ නිසා ඌ අරක්කු ඉල්ලලා අයිතිකාරයාට නිතර කරදර කළා. ඒ සේරටම වඩා ඌ වෑන් එකේ හැම තැනම කැත කිරීම නිසා ඒවා සුද්ද පවිත්‍ර කිරීම හැමෝටම කරදරයක් වුණා.” ලෙස්ටර් මහතා සිනාසෙමින් කීවේ ය. ටික වේලාවක් චිත්‍රපටය බලා සිටි හෙතෙම බොරු කකුල්කාරයා ලෙස රඟ පෑ ශේෂා පලිහක්කාර ගැන ද අපූරු කතාවක් කීවේය. මීට පෙර කිසි දිනෙක බොරු කකුලෙන් නොගිය ශේෂාට පුහුණුවක් ලබා දීමට පැමිණි තැනැත්තා කියා සිටියේ “මෙය ඉතා අමාරු වැඩක් අඩුම වශයෙන් මාස 06ක් වත් පුහුණු කළ යුතු” බව ය. දක්ෂ නැටුම් ශිල්පියකු වූ ශේෂා ‘මාතලන්’ චිත්‍රපටයේ රඟපාන විට කඩු හරඹ ද, කරණම් ද දැන සිටියා. පොල් ගස් දෙකක ඇද තිබූ කඹයක ආධාරයෙන් ශේෂා පුහුණු වූ දිනයේ ම හවස බොරු කකුලෙන් ඇවිද්දේ දුටුවන් මවිත කරමිනි. ඔහුට අමාරුම කාර්යය වී ඇත්තේ ඔහුගේ කරපිට ගිය රිළවා මෙල්ල කර ගැනීමට ය. කීප විටක් ඌ ශේෂාගේ අත සපා කා ඇත. ‘රේඛාවේ’ සියලු දර්ශන කැමරාගත කළේ එළිමහනේය. ඒ නිසා කැමරාවෙන් රූපගත කරන විටම ටේප් රෙකෝඩරයක් එකවර ක්‍රියාත්මක වීමෙන් ඒ ඒ ශබ්ද එවේලේම පටිගත කිරීමට උත්සාහ ගෙන ඇත. අනික් ශබ්ද කෙසේ වෙතත් කපුටන්ගේ ශබ්දය ඔවුන්ට ඉමහත් කරදයක් විය. මේ නිසා සෑම දර්ශනයක් රූගත කරන අවස්ථාවකම, කපුටන් එළවීම සඳහා රුපියල් 400ක පමණ රතිඤ්ඤා පිපිරවීමට ඔවුන්ට සිදුවිය. “ඒ කාලේ රතිඤ්ඤාවලට රුපියල් 400 ක් වියදම් කිරීම ලොකු මුදලක්” ලෙස්ටර් මහතා කීවේ ය. ගාමිණී ෆොන්සේකා නම් විශිෂ්ට රංගවේදියා මුලින්ම රඟපෑවේ ‘රේඛාව‘ චිත්‍රපටයේ ය. නිෂ්පාදක සහයකයකු ලෙස ‘රේඛාවෙන් ‘ සිනමාවට එක් වූ ගාමිණී නළුවකු වීමේ පුවත ද අපුරු එකකි. චිත්‍රපටයේ වැඩ කටයුතු කරද්්දී ගාමිණිගේ කකුල, අසල තිබු බැටරි පෙට්ිටියක වැදීම නිසා ඔහුගේ පාදයේ තුවාලයක් ඇතිවිය. දින කිහිපයක් වේදනාවෙන් පසු වූ ඔහුට රැවුල කැපීමට ද අතපසු විය. ඔහුගේ මුහුණේ තැනින් තැන රැවුල් ගස් වැවී තිබුණි. විවේකයක් ලද මොහොතක අසල පොල් ගසක එල්ලූ පුංචි කණ්ණාඩි කෑල්ලක් ඉදිරියේ ගාමිණී රැවුල බෑමට සුදානම් විය. “ට්චථඪදඪ ඤධද’බ ඉඩචමඥ” ශබ්දය ඇසී ගැමිණී පිටුපස හැරී බැලීය. ඒ හඬ ලෙස්ටර් මහතාගේ ය. “අද ෂූට් කරන්නේ සේනගෙන් බේත් ගන්න සීන් එක. ඔයා දිහා බැලුවාම පෙනෙන්නේ හරියට ම ලෙඩෙක් වගේ. ඒ නිසා අද ගාමිණී ලෙඩෙක් වගේ රඟපාන්න ඕනෑ.” එදා රීගල් සිනමාහලේ ‘රේඛාව ‘ නරඹන ගමන් ලෙස්ටර් මහතා වරින්වර අතීතය කතා කරමින් මෙසේ කීවේය. ඉන් වසර 05කට පසු 2011 දෙසැම්බර් 28 වැනිදාට ‘රේඛාවේ 55වසර’ නිමිත්තෙන් ‘ලක්බිම ‘ ඉරිදා සංග්‍රහයට ලිපියක් ලිවීමට සිතූ මම ලෙස්ටර් මහතාට ටෙලිෆෝනයෙන් කතා කළෙමි. එදා ඒ මහතා කතා කළේ තරමක කනගාටුවකිනි. “රේඛාවේ ප්‍රධාන ළමා චරිත රඟ පෑ සෝමපාල ධර්මපි‍්‍රයත්, මර්ටල් ප්‍රනාන්දුත් අකාලයේ මිය යාම මට දැරිය නොහැකි කනගාටුවක්. මේ දෙදෙනාම මිය ගියේ පිළිකාවලින්. මර්ටල් රේඛාවේ රඟපාන කොට වයස අවුරුදු 12 විතර ඇති. කලින් ‘පුුදුම ලේලි‘ (1953) චිත්‍රපටයේ රඟපාල තිබුණා. අපේ චිත්‍රපටයේ රඟපාන කොට ඇය කොම්පඤ්ඤවීදියේ ‘හෝලි රොසලි‘ විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ඇය 1960 පිළිකාවකින් මිය ගියා. මොරටුව ලක්ෂපාන ශිෂ්‍යදාන විද්‍යාලයේ ඉගෙන ගත්ත සෝමපාල රේඛාවෙන් පසුව මගේ ‘දෙලොවක් අතර’ , ‘ගොළු හදවත’, ‘දෑස නිසා’, ‘ගැහැනු ළමයි’ චිත්‍රපටවල රඟපෑවා කැමරා සහයකයකු ලෙස මා ළඟ හිටිය සෝමපාල පසුව දක්ෂ කැමරා ශිල්පියකු වුණා. අවාසනාවකට 1992 පිළිකාවකින් මිය ගියා.” රේඛාවට සම්බන්ධව සිටි බොහෝ දෙනෙකු අද ජීවිතයේ සමුගෙනය. ඩී.ආර්.නානායක්කාර, ඇන්.ආර්. ඩයස්, මාෂල් පෙරේරා, රොම්ලස් සිල්වා, ශේෂා පලිහක්කාර, වින්සන්ට් සේරසිංහ, ජේ.බී.එල් ගුණසේකර ආදී නළු නිළියන් ද සංස්කරණ ශිල්පි ටයිටස් තොටවත්ත, දෙබස් රචක කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා, තනු නිර්මාණය කළ සුනිල් සාන්ත, ගීත රචනා කළ මර්සලීන් ජයකොඩි පියතුමා, තනු නිර්මාණය කළ කේ. ඒ. දයාරත්න,කැමරාඅධ්‍යක්ෂ විලී බ්ලේක් මෙන්ම ගාමිණී ෆොන්සේකා, විජය අබයදේව ගැන ද ලෙස්ටර් මහතා කතා කළේ දුකිකිනි. සම්මතයට එරෙහි වෙමින් මුල් වරට කැමරාව එළිමහනට ගෙන ගිය ‘රේඛාව ‘ සිංහල සිනමාවේ රිදී රේඛාව වුව ද, එදා චිත්‍රපටය මුලින්ම තිරගත වූ දා චිත්‍රපටය අවසන් වූ පසු පේ‍්‍රක්ෂක ප්‍රතිචාර දැන ගැනීමට ආසාවක් ඇතිවිය. “මොන ජරාවක් දැයි” එක් පේ‍්‍රක්ෂකයෙක් අනෙකාට කීවේය. “අපරාදේ මේකට දුන්න සල්ලිවලින් කාක්කන්ට ආප්ප අරන් දුන්නා නම් මීට වැඩිය හොඳයි.” තවත් පේ‍්‍රක්ෂකයෙක් කීය. ලෙස්ටර් මහතා’ රේඛාවේ’ මතක සටහන් අප වෙත විස්තර කරමින් සිනාසුණේය. මහා සිනමාවේ දී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් සූරීන් හා මගේ පුවත්පත් කලා ඉතිහාසයට වසර පනහක් සම්පුර්ණ වී ඇත. ඔහුගේ පළමු ලිපිය ලියන ලද්දේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ සිසුවකුව සිටිය දී මා ‘සෙවණ’ පුවත්පතට දායකත්වය සැපයූ අවධියේය. ඒ 1967 වසෙර්ය. එතෙක් හඳුනාගෙන නොසිටි ලෙස්ටර් මහතා ගැන මා ලිපි ලිව්වේ දැන අසාගත් කරුණු අනුව ය. ඒ ලිපිය ‘සහිත සෙවණ’ පුවත්පතක් රැගෙන සම සංස්කාරක කුලරත්න ආරියවංශත් (ප්‍රවීණ ගීත රචක) මාත් 1967 එක්තරා සන්ධ්‍යාවක ලෙස්ටර් මහතා හමුවීමට කොලඹ කැප්පෙට්ටිපොළ මාවතේ නිවසට ගිය දිනය අද මෙන් මතක ය. ආනන්දයේ සිසුන් කී විට අප ආදරයෙන් පිළිගත් ලෙස්ටර් මහතා තමාද ජීවිතය පටන් ගත්තේ පත්‍රකලාවේදියකු බව පවසා අපත් පුවත්පත් කලාවට යොමුවන්නට බලාපොරොත්තු වන්නේ දැයි ඇසීය. එසේ වීමට අදහසක් ඇතැයි අපි කීවෙමු. අප සංස්කරණය කළ පුවත්පතේ එවකට තිරගත වෙමින් තිබු ‘රන් සළු’ චිත්‍රපටය ගැන විද්‍යාලංකාර විශ්විවිද්‍යාලයේ තරුණ කථිකාචාර්යවයකුව සිටි සෝමරත්න බාලසූරිය ලියූ නිර්දය විචාරය කියවා ලෙස්ටර් මහතා සිනුසුණේය. “බැණලා තිබුණත් ‘රන්සළු’ ගැන තරුණ අදහස් මම අගය කරනවා.” ඔහු කීවේය. අප ආපසු යන විට ලෙස්ටර් මහතා තමා ඉංගී‍්‍රසියෙන් ලියූ ලිපියක් දෙමින් එය පරිවර්තනය කොට පළ කරන්නැයි කීවේ ය. 1969 මැයි 22දා එම්පයර් සිනමාහලේ පැවති ‘ලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රපට උළෙල’ නිමිත්තෙන් ලෙස්ටර් ගැන ලිපියක් ‘විසිතුර’ පුවත්පතට මම ලීවෙමි. කර්තෘ ආතර් යූ. අමරසේන මහතා එය විසිතුරේ මැද පිටු දෙකේ පළ කළේය. එය මා ලීවේ ලෙස්ටර් මහතා හමු වී සාකච්ජා කිරීමෙන් නොවේ. ආනන්දයෙන් කෙළින්ම ලේක්හවුසියේ ‘සරසවිය’ පුවත්පතට බැඳීමෙන් පසු ලෙස්ටර් මහතා හමු වී හාපුරා කියා විශේෂාංගයක් ලිවීමට අවස්ථාව ලැබිණි. චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ කුලුඳුල් කෘති ගැන ‘සිහිනයක මල් පිපුණ දා’ නමින් ලියු එම විශේෂාංගය මා ඇරැඹුවේ ‘මා රේඛාව මැවු හැටි’ මැයෙන් ලෙස්ටර් මහතා හා කළ සංවාදයක් ඇසුරෙනි. එය 1970 ජුලි 24 වැනිදා මැද පිටු දෙකක් පුරා පළ විය. එදා සිට ඇරඹුණු ලෙසටර් - සුමිත්‍රා යුවළගේ ළෙන්ගතු ඇසුර වසර පනහකට ආසන්න කාලයක් අඛණ්ඩව අද දක්වා ම පවතී. මා ‘සරසවිය’ හා ‘සරසි‘ සිනමා පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරන කාලයේ ඔවුන්ගේ උපරීම සහය අපට ලැබුණි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් ගේ චිත්‍රපට ත්‍රිත්වය (ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය) සම්පුර්ණ කිරිමට මටත් දායක වීමට ලැබිම භාග්‍යයක් කොට සලකමි. 1963 ගම්පෙරළිය නිම කිරීමෙන් පසු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් එහි දෙවන කොටස වූ ‘කලියුගය’ සිනමාවට නැඟීමට වසර විස්සක් ගත විය. 1982 චිත්‍රපට නිෂ්පාදක විජය රාමනායක මා ලෙස්ටර් මහතාගේ නිවසට කැඳවාගෙන ගොස් හඳුන්වා දීමෙන් පසු “කලියුගය” නිපදවීමට ඔහු එකඟ වූයේය. එය 1983 තිරගත වීමෙන් පසු 1985 එහි තුන්වන කොටස වූ “යුගාන්තය” නිෂ්පාදනය කළේ ද විජය රාමනායක ය. එයට දායක වී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපට ත්‍රිත්වය සම්පූර්ණ කිරීමට නිහඬව දායකත්වයක් දුන් මා හට නිෂ්පාදක ඩිල්මන් ජයරත්න සමඟ එක් වී ජී.බී සේනානායක ගේ “අවරගිර” නවකතාව ද චිත්‍රපටයට නැඟීමේදී ආචාර්ය ලෙස්ටර් සමඟ එහි මූලික කටයුතුවලට ද සහය වීමට ලැබුණි. ඒ අතරම ලෙස්ටර් සුමිත්‍රා චිත්‍රපටවල නාමාවලිය සැකසීමට ද මට අවස්ථාව ලැබුණි. 1975 වසරේ විවාහ වූ අලුත මාත්, බිරිඳත් ලෙස්ටර් මහතා නිෂ්පාදනය කළ සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ “ගැහැනු ළමයි” චිත්‍රපටයේ රූගත කිරීම් නැරඹීමට අවිස්සාවේල්ලේ කළුඅග්ගල විද්‍යාලයට ගියේ සරසවියට විශේෂාංගයක් ලිවීමේ අදිටනින් ය. “අයිසේ රන්ජිත්! අපි ඔයාගේ නෝනව ෆිල්ම් එකේ විජේලතාට තෝරාගන්න කැමතියි. එයා ස්කූල් යුනිෆෝම් එක ඇන්දහම හරියට හරි” ලෙස්ටර් මහතා කීවේය. අපි හිටියේ විවාහය සඳහා නිවාඩු ගෙන ය. “ගැහැනු ළමයි” රූගත කිරීම් බැලීමට ගිය අප දෙදෙනාට සුමිත්‍රා මැතිනිය තම පියාගේ (හැරී ගුණවර්ධන) මහ ගෙදර වූ බොරලුගොඩ වලව්වේ නතර වීමට අවස්ථාව ලබා දී තිබුණි. හැරී ගුණවර්ධන මහතා පිලිප් ගුණවර්ධන මහතාගේ සොහොයුරෙකි. පාසල් යන කාලයේ සිටම මගේ ප්‍රියතම දේශපාලන නායකයා වූයේ පිලිප් ගුණවර්ධනය. “මිස්ටර් - පීරිස්ලා අපට දුන්න වරප්‍රසාදය තමයි බොරලුගොඩ වලව්වේ නතර වීමට ඉඩ ලබා දීම. මගේ පි‍්‍රයතම දේශපාලන නායකයාගේ උපන් මහගෙදර නැවතීමට ලැබීමම ලොකු භාග්‍යයක්” මම කීවෙමි. “මේ මෝනවයි, මහත්තවයි හොඳට බලාගන්න ඕනෑ. අලුත බැඳලා හනිමුන් ආවේ මෙහාට. අපිට වගේම සලකන්න ඕනෑ.” ලෙස්ටර් මහතා වලව්වේ සේවකයන්ට කීවේ සිනාසෙමිනි. මුළු වලව්වේ සිටිය ආගන්තුකයන් අප දෙදෙනාය. පසුදා රූපගත කිරීම් බැලීමට අපි කළුඅග්ගල විද්‍යාලයට ගියෙමු. කලා අධ්‍යක්ෂ හේමපාල ධර්මසේන සුදු යුනිෆෝම් එකක් ගෙන දී එය අඳින්නැයි මගේ බිරිඳගෙන් ඉල්ලා සිටියේ ය. එවකට දහනව වැනි වියෙහි සිටි මගේ බිරිඳ “ගැහැනු ළමයි” චිත්‍රපටයේ විජේලතා නම් නපුුරු චරිතය රඟපෑවාය. අපි සතියක් පමණ බොරලුගොඩ වලව්වේ නැවතී සිටියෙමු. මා බිරිඳ දමයන්ති දැඩි ලෙස රෝගාතුරව 1989 කොළඹ මහ රෝහලේ තීරණාත්මක ශල්‍යකර්මයකට බඳුන් වූ අවස්ථාවේ ලෙස්ටර් - සුමිත්‍රා යුවළ ඇය වෙනුවෙන් භාරයක් වූ බව දැන ගත්තේ පසුවය. බිරිඳ සුව වී ගෙදර පැමිණ සතියකින් අප නිවසට පැමිණි මේ යුවළ අප කැටුව මොරටුවේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගොස් ඉටිපන්දම් දල්වා භාරයෙන් නිදහස් වූ බව මෙහි ලා සඳහන් කරන්නේ ඔවුන්ගේ උසස් මානුෂික ගතිගුණවලට කෘතඥතාව පළ කරමිනි. ලෙස්ටර් මහතා සංවේදී පුද්ගලයෙකි. ඉහවහා ගිය මානව දයාවෙන් සපිරි මිනිසෙකි. කෙනෙකුගේ දුකක දී විපතක දී ඔහු සරණ වෙයි. අසනීපයක දී හිතවත් වෛද්‍යවරුන්ගේ උපදෙස් නොපමාව ලබා දෙයි. තම සොහොයුරු මහා චිත්‍ර ශිල්පි අයිවන් පීරිස්, ඥාතියෙකු වූ සදානන්ද පට්ටිආරච්චි, මහාචාර්ය ඒ.ජේ. ගුණවර්ධන, ට්‍රිලීෂියා ගුණවර්ධන, ගාමිණී ෆොන්සේකා, ආචාර්ය තිස්ස අබේසේකර, පිලිප් කුරේ, රෙජී සිරිවර්ධන, කරුණාසේන ජයලත් මියගිය අවස්ථාවන් හි ලෙස්ටර් මහතා කඳුළු පිරි දෙනෙතින් හුදෙකලාව සෝක වූ අයුරු අප දැක තිබේ. තරුණ පරපුරට ඔහු තරම් උපකාර, උපදේශ දුන් වැඩිහිටියකු මා දැක නැත. සිනමාවට ළැඳි නවකයන්ට තම කැමරා උපකරණ පමණක් නොව උපදෙස් ද දුන්නේය. සිනමාව ගැන ලෝකයේ තිබෙන හොඳම පොත් එකතුව ඇත්තේ එතුමාට ය. මේ මහානර්ඝ පුස්තකාලයෙන් එකල දැනුම පෝෂණය කර ගත්තෝ බොහෝ ය. බෙනඩික්ට් දොඩම්පේගම, තිස්ස අබේසේකර, සුගතපාල ද සිල්වා, ටෝනි රණසිංහ, සිරිල් බී. පෙරේරා ඒ අතර ප්‍රධාන තැනක් ගත්තෝ ය. පොත් කියැවීමට ඔහු තරම් රුසියෙකු නැති තරම් ය. අනු අට විය සමීපයේ වූවකු වුවද පොත් නැති අවස්ථාවක් දැකිය හැක්කේ කලාතුරකිනි. චිත්‍රපට බැලීම මෙන්ම විශිෂ්ට සිනමා කෘතිවල ඩීවීඩී බැලීමටත් සම්භාව්‍ය සංගීතය රසවිඳීමටත් එතුමා තවම රුචි කරයි. රූපවාහිනියේ විකාශනය වන ඕනෑම චිත්‍රපටයක් නරඹමින් ඕනෑකමින් සතුටක් ලබයි. ලෙස්ටර් මහතා ලෙඩ දුක්වලට බය ය. සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් තමාට වැලඳුණ ද තමන් හමුවීමට එන අයට ළං වීමටවත් ඉඩ නොදෙයි. “අයිසේ! මට අසනීපයි. ළඟට එන්න එපා. ඔයාටත් බෝ වෙයි” අපට එවැනි අවස්ථාවල කියා ඇත. ගාමිණී ෆොන්සේකා රංගධරයා සමඟ ලෙස්ටර් මහතා තිබුණේ පුදුම බැඳීමකි. ඇතැම් විට ඔවුන් දෙදෙනා පැයක් පමණ ටෙලිෆෝනයෙන් කතා කරති. ගාමිණී මියගිය දා ඔහුගේ දේහය ළඟට ගොස් කඳුළු පිරි දෙනෙතින් බොහෝ වේලා බලා සිටියේය. අනතුරුව දෙණ අසලට ගොස් ගාමිණීගේ නළල සිප ගත්තේ ය. මා අසලට පැමිණි සුමිත්‍රා මැතිනිය මෙසේ කීවාය. “පුදුමයි ලෙස්ටර් ගාමිණීගේ නළල ඉම්බා. මම මැරුණත් ඔහොම ඉඹින එකක් නෑ. එකෙන්ම පෙනෙනවා එයා ගාමිණීට තිබුණු ආදරය” වසර පනහක් පිරි එතුමාගේ ඇසුර තුළින් උත්තරීතර මිනිසෙකු හඳුනා ගැනීමට ලැබුණි. එතුමා සතු දැනුම අපට බෙදා දුන්නේය. එවැනි මිනිසුන් ඇසුර කොතරම් භාග්‍යවත් ද? 1989 මා “සරසවිය” පුවත්පතේ ප්‍රධාන කතුවරයා වූ පසු නවාංග රැසකින් එය උසස් තලයකට ගෙන ඒමට අපි වෑයම් කළෙමු. “අදියුරු ඇසින්” නම් ඒ විශේෂාංගය අප පැවැරුවේ තරුණ සමන්ත හේරත්ට ය. (වර්තමානයේ මහාචාර්ය සමන්ත හේරත්) ඔහු ලියූ මුල්ම විශේෂාංගය ඇරඹුවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාගෙනි. එම විශේෂාංගය එකල බුද්ධිමය සංවාදයකට මුල පිරුණි. පුවත්පත් කලාවේදීන් ලෙස අප බලාපොරොත්තු වන්නේ ද එයමය.
|
||||