|
‘චත්‍රක්’ සමඟ ලාංකික සිනමාවේ පෙරැළියක් 24 දා T.V දෙරණ බලන්නලාංකික අධ්‍යක්ෂවරයකුගේ මුල්ම බෙංගාලි චිත්‍රපටය
මෙම 26 වැනිදා එනම් මහා සිව රාත්‍රී දිනයේ ලාංකික සිනමා ඉතිහාසයේ මුල්වරට මෙරට සිනමාකරුවකු විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් සිනමා ශාලා ප්‍රදර්ශනයකින් තොරව ටෙලිවිෂන විකාශයට එක් වේ. ඒ විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කරන ලද චත්‍රක් චිත්‍රපටයයි. ඒ අනුව 24දා රාත්‍රී 10.30ට දෙරණ නාලිකාවෙන් චත්‍රක් විකාශය වෙයි. චත්‍රක් බෙංගාලි බසින් නිර්මාණය වී තිබීම ද විශේෂයකි. ලාංකික සිනමාකරුවකු ප්‍රථම වතාවට බෙංගාලි බසින් සිනමාපටයක් අධ්‍යක්ෂණය කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. රේඛාව සිනමාපටයෙන් පසු ප්‍රංශයේ කාන් සිනමා උලෙළ නියෝජනය කිරීමට වරම් ලද සුළඟ එනු පිණිස නිර්මාණය කළ විමුක්තිගේ නවතම චිත්‍රපටය වූ චත්‍රක් විනෝද් ලෝහ්ටිගේ නිෂ්පාදනයකි. පයෝලි සෑම්, සුදිප් මුකර්ජි, තෝමස් ලෙමර්කපස් මෙහි රංගනයේ යෙදෙයි. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂවරයාය. රමග් ඩෙයිම් සංගීත අධ්‍යක්ෂණය කොට ඇත. ජුලි බසිවුගේ සංස්කරණයකි. - ප්‍රසාද්
දේවින්ද ගිරි වැසිපුරට පිවිසෙයි
භවතරණ සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාලොවට පිවිසි දේවින්ද කෝන්ගහගේ සිය දෙවැනි සිනමා නිර්මාණය තිරයට ගෙන ඒම සඳහා මේ දිනවල සූදානම් වෙයි. ඔහු විසින් තිර රචනා කළ පර්යේෂණාත්මක කතා පුවතක් ඔස්්සේ දිග හැරෙන එම සිනමා සිතුවම නම් කොට ඇත්තේ ගිරි වැසිපුර යනුවෙනි. දහ අට වැනි සියවසෙහි අග භාගයේ සිදු වූ දේශපාලනික සිදුවීම් කිහිපයක් අළලා ගිරිවැසි පුර නිර්මාණය වේ. දින අනූවක් පුරා රූගත කිරීමට නියමිත එහි සමාරම්භය ඊයේ දිනයේ දළදා මාලිගා පරිශ්‍රයේ පැවති මුහුරත් උලෙළකින් අනතුරුව සිදු විය. මහේන්ද්‍ර පෙරේරා, පුබුදු චතුරංග,නිරංජනී ශන්මුගරාජා, රොෂාන් පිලපිටිය ඇතුළු නළු නිළියන් රැසක් ගිරිවැසි පුර රංගන දායකත්වය සපයති. එමෙන්ම දමිල නළු නිළියන් අති විශාල ප්‍රමාණයක් මේ සඳහා රංගනයෙන් එකතුවීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. බෙස්ට් ලයිෆ් සිනමා වෙනුවෙන් දමින්ද උපාලි ප්‍රනාන්දු නිෂ්පාදනය කරන ගිරිවැසිපුර හි කැමරා අධ්‍යක්ෂණය සුරේෂ් ධම්මිකගෙනි. රේඛීය නිෂ්පාදනයෙන් සහ නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් බුද්ධික ලොකුකැටිය දායක වේ. දේවින්ද නිර්මාණය කරන ලද භවතරණ චිත්‍රපටය පසුගියදා නවදිල්ලි සිනමා උලෙළේ හොඳම නිෂ්පාදනයට හිමි සම්මානය දිනා ගත්තේය. නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, ඇඳුම් සහ පසුතල නිර්මාණ චමින්ද ඉලුක්වලගෙන් ද, විධායක නිෂ්පාදනයෙන් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂණයෙන් ශිරන්ත අමරසිංහ ද මේ සඳහා එක් වෙයි. සංස්කරණය සහ චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු ඩිල් ෆිල්ම්ස් වෙනුවෙන් ප්‍රවීන් ජයරත්නගෙනි. - ප්‍රසාද්
බොංචි ගෙදර ඉන්ද්‍රජාල ස්වාධීන රූපවාහිනියේ
ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ ළමා කතා මාලාව බොංචි ගෙදර ඉන්ද්‍රජාල සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල සවස හයට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. ප්‍රදීප් ධර්මදාස, රොඩ්නි වර්ණකුල, හයිසින්ත් විජේරත්න, නිරෝෂා තලගල, ලුඩ්මිලා කිරිල්ලෝවා, කුමාරි මුණසිංහ, ප්‍රසාදිනි අතපත්තු, ගාමිණී ජයරත්න, කලණ ගුණසේකර, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, තුසිත ලක්නාත්, මධුශාන් නානායක්කාර, ශානි එස්. ස්ටයින්වල්, විහඟ නදිත් තත්සිලු, මලීෂා මිහිසර, සෙනුක බිම්සෙත්, පසල් හිවිත්, චේතනා දිනෙත් මෙහි චරිත රංගනයේ යෙදෙයි. තිර රචනය මංජුල වෙඩිවර්ධනගෙනි. චින්තක සෝමකීර්ති කැමරා අධ්‍යක්ෂවරයාය. අජන්ත අලහකෝන් කලා අධ්‍යක්ෂණයෙන් ද, නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, වස්ත්‍රාභරණ නිර්මාණයෙන් ගීතානි සෙනවිරත්න ද දායක වේ. ලක්රුවන් ද සේරම්ගේ සංස්කරණයකි. විශ්ව සංකල්ප සංගීත අධ්‍යක්ෂවරයාය. ගායනයෙන් විශාරද එඩ්වඩ් ජයකොඩි දායක වේ. නිෂ්පාදන කළමනාකරණයෙන් ජීවන මනරම් දායක විය. හසිත රාජපක්ෂ සහාය අධ්‍යක්ෂවරයාය. - ප්‍රසාද්
උපාලි අතුරුදන් වී අවුරුද්දයි
රංගන ශිල්පී උපාලි කිර්තිසේන අතුරුදන් වී මෙම මස 02 වැනි දිනට වසරක් සපිරිණ. තවමත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වු බව උපාලිගේ සහෝදරිය සරසවිය හා පැවසීය. එමෙන්ම වගකිවයුතු අයවලුන් මේ සඳහා උනන්දු වී උපාලිව සොයා ගැනීමට උදව්වන්න යැයි ද ඇය සරසවිය හරහා ඉල්ලීමක් ද කළාය. - ප්‍රසාද්
සුසිල් වෙන්ව ගොස් අදට දස වසරයි
පසුගිය සරසවිය සම්මාන උලෙළට 1989 වසරේ සිට සරසවිය මුල් පුටුව හෙබ වූ කතුවරුන් සහභාගී වූහ.එයට පෙර යුගයන්හි මුල් පුටු හෙබ වූ කතුවරුන් සිව්දෙනාගෙන් තිදෙනෙකුම දැන් ජීවතුන් අතර නැත.ඉතුරු කතුවරයා දැන් මෙරට පදිංචි ව නැත.පසුගිය වසර ගණනාව මුළුල්ලේ සරසවිය මුල් පුටු හෙබූ වූ කතුවරුන් සියල්ලම සම්මාන උලෙළට සහභාගිවූයේ මහත් ආඩම්බරයෙනි.ඒ අතරින් නොපැමිණියේ එක් අයෙකු පමණී.ඔහු නොපැමිණියේ අහිතකින් නොවේ.ඒ වෙනුවට ඔහුගේ දයාබර භාර්යාව භද්‍රා නන්දනී සහ දියනිය උත්තරා සවින්දනී ද සම්මාන උලෙළට සහභාගි විය.නොපැමිණියේ සුසිල් ගුණරත්නය.ඔහු සරසවිය මුල් පුටුවට පැමිනි හත් වැනියාය.ඔහු නොපැමිණියේ හරියටම අද ට දස වසරකට පෙර ඔහු කාටත් නොකියා නොගිහින් බැරි ගමනක් ගිය නිසාවෙනි.එසේ නොවන්නට සුසිල් අය්යා සරසවියේ කටයුත්තක් මග නොහරින බව මගේ විහ්වාසයයි. හරියටම අදින් දස වසරකට පෙරාතුව අද වැනි දනයක එවකට කතුවර ගාමිණී සමරසිංහයන්ගේ උවදෙස් පරිදි එවකට සරසවිය සාමාජිකයන් වූ කුමාර සිරිවර්ධන ,ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසංහ සමග උපදේශක කර්තෘ සුසිල් ගුණරත්න කුරුණෑගල බලා පිටත්ව ගියේ එවර ප්‍රාදේශිය වශයෙන් පැවැත්වීමට නියමිත සම්මාන උලෙලේ සංවිධාන කටයතු සඳහාය. එදින ඔහු රැය එළැඹෙත්ම නිවසට ගොඩ වූයේ විඩාවත් එක්කය.එම විවේකය ඔහු ජීවිතය පුරා ලැබුණු විශාලම විවේකය විය. මා සුසිල් අය්යා හදුනා ගත්තේ සරසවිය පුවත්පතට එක් වූ විටය.එවකට ඔහු එහි ඉහල පෙළේ පුවත්පත් කලාවේදියකු වශයෙන් පමණක් නොව කලාකරුවකු වශයෙන් ද නමක් දිනා සිටියේය.පොලොන්නරුවේ උපන් සුසිල් අය්යා වැඩි දුර ඉගෙන ගත්තේ අනුරාධපුර මැදි විදුහලෙනි. සිය සහකාරිය සොයා ගත්තේ ද එයින්මය.නාට්‍යකරුවකු වන්නට අත් පොත් තැබුවේ ද එහිමය.රජරට ආධුනික නාට්‍යකරුවකු වන සුසිල් අය්යා මා හඳනා ගන්නා විට රට තොට පතල නාට්‍යකරුවක් ව සිටියේය.මුහුනු දෙකක්,නුඹ විතරක් තළ එලෙළුයි,සිර කඳවුර, දෙනුවර දෙදෙනෙක් ඔහු නිර්මාණ කළ නාට්‍ය අතර විය.ඒයට පෙර මෙරට විශිෂ්ට නාට්‍යයකරුවන් රැසක් යටතේ ගුරු හරු කම් ලබන්නට ඔහු වාසනාවන්ත විය.ටෙලි නාට්‍යකරණයට ද එක් වූ ඔහු පරෙවි ධේනුව,කිඳුරු අඩවිය,මාරුක් මල්,සිව් සිය ගව්ව යන නිර්මාණ පුංචි තිරයට ගෙනාවේය.එයට පෙර එවකට ටෙලි නාට්‍ය කෙෂත්‍රයේ සිටි දැවැන්තයන් සමග කටයතු කරමින් ඔහු ඒ පිලිබඳ මනා පරිචයක් ද ලද්දදේය.ධම්ම ජාගොඩ රූපවාහිනී සංකල්ප ග්‍රන්ථය ද එම ඇසුරෙහිම ප්‍රතිඵලයකි. සුසිල් අය්යා සරසවියේ අප වැනි ඇත්ත්නට එදා සිටි ලොකු අය්යා විය.ලොකු අය්යා ඉඳ හිට සැර වැර වෙයි.එමෙන්ම හැම විටම අවශ්‍ය ආරක්ෂාව ද සපයයි.පොඩි එවුන්ට ඔහුගේ කනින් රිංගීම පහසු නැත. ඔහුගේ සොඳුරු ආඥාදායකත්වය අප අත් වින්දේ සරසවිය පුවත්පතේ මුල් පුටුව හොබ වූ සමයේය. ඔහු තරම් පිළිවෙලට වැඩ කළ මිනිසෙක් මට හමුව ඇත්තේ ඉතා කලාතුරකිනි.නැහැ බැහැ ඔහුගේ ශබ්දකෝෂයේ නොවීය.ඔහු හැමවිටම මම වචනය වෙනුවට භාවිතා කළේ ද සුසිල් යන වචනයයි.දැන් මම යනවා වෙනුවට ඔහු පවසනුයේ දැන් සුසිල් යනවා යනුවෙනි.සරසවියේ මිහිරි මතකයන් අතර ඇති විනෝද චාරිකාවන්ගේ සංවිධායකයා ද ඔහුය.ගමන් මග ප්‍රවාහන පහසුකම්,කාල වේලාව,නවාතැන්,ආහාර පාන මේ සියල්ල නූලට සකස් කරන සුසිල් අය්යා එහි කිසිවකුට හෝ අඩුපාඩුවක් වන්නට ඉඩ දෙන්නේ ද නැත.එකල සරසවියේ ගුණරත්න ලා තිදෙනෙකු සිටි අතර වැඩිමලා ඔහුය. මා මද්දුමයාය. බාලයා දර්ශණය. සුසිල් අය්යා ඉතා හොදින් තම කන්ඩායම පවත්වා ගෙන ගිය අතර ඔහු හොඳ නායකයකු පමණක් විය.ඔහු සමග කටයුතු කිරිම පහසු විය.නිතැනින්ම සියල්ලන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් ඔහු පෙනී සිටියේය.අවුරුදු දහයකට පසුව පවා සුසිල් අය්යා ගැන සරසවිය සිහිපත් කරනුයේ එබැවිනි. 2006 වසරේ සැප්තැම්බර් විසි හය වැනි දින අපි ඔහුගේ නිවහනට ගොඩ වැදුණේ ඔහුට නොදන්වාය.ඒ ඔහුගේ පනස් වැනි ජන්ම දිනය නිමිති කොට ගෙනය.එයින් මාස ගණනාවකට පසු අද වැනි දිනක අපි යළි රාත්‍රියේ ඔහුගේ නිවහනට ගොඩ වැදුනෙමු.ඒ වන විටත් ඔහුගේ සිරුරෙන් උණුසුම පහව නොගොස් තිබිණ. ආදරණීය සුසිල් අය්යාට නිර්වාණ සම්පත් ලැබේවා
- අරුණ එච්.ඒ. ඇතුළු මිතුරන් සමරා රෝහලට පරිත්‍යාගයක්
ප්‍රවීණ රංගධර එච්. ඒ. පෙරේරාගේ හයවැනි ගුණ අනුස්මරණය සහ අසූවේ අපි සාමාජික රොෂාන් ධනංජය, හසෝදන කොටුගොඩ යන සාමාජිකයන්ට පිං පැමිණවීම පිණිස පෙබරවාරි 25 වැනිදා කඳාන ආනියකන්ද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නන් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමක් සිදු කෙරේ. මෙය අසුවෙ අග කණ්ඩායමේ සංවිධානයකි. මේ සඳහා කලා සහෘදයන්ට විවෘත ආරාධානවක් ද සංවිධායක කමිටුව විසින් සිදු කරයි. මෙහි වැඩි විස්තර 0777751819 (උදේනි අල්විස් - සභාපති අසුවේ අපි) අංකයට අමතා ලබාගත හැකිය.
‘අනෝරා’ පාදුක්කේදී
අරකවිල නර්තන හා නාට්‍ය පදනමේ ශිල්පී ශිල්පිනියන්ගේ වාර්ෂික කුසලතා එළි දැක්වීමේ මංගල්‍ය ‘අනෝරා තාල ඍධ්ධ්‘ ප්‍රසංගය මෙවර මහාචාර්ය ආරියරත්න කලූආරච්චි , අනොජා වීරසිංහ , පියසාර ශිල්පාධිපති , රවිබන්දු විද්‍යාපති , සුජාතා අත්තනායක , නිශ්ශංක දිද්දෙනිය ඇතුළු ප්‍රවීන කලාකරුවන් හා සම්භාවනීය ආරාධිත අමුත්තන් පෙරටුකොට ගනිමින් ලබන 25 වැනිදා පස්වරු 6.00ටපාදුක්ක සිරි පියරතන රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
‘මාතු පාදං නමාමී’ බණ්ඩාරගම
කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පුද ලද ජිනදාස හේන්ගොඩගේ 'මාතු පාදං නමාමි' ළමා නාට්‍යයේ මංගල දැක්ම පෙබරවාරි 26 වන දින සවස 6.00 ට බණ්ඩාරගම ගම්මන්පිල ශෛලබිම්බාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී වේදිකා ගතවේ. සිසිල පෙරේරාගේ සංගීතයෙන් ද ප්‍රේමකුමාර් කරුණාරත්නගේ අංග රචනයෙන් ද ඔපවත් වන මෙම නාට්‍යයේ බීනු මන්දිරා, සුපුන් ප්‍රසාද්, රුහිනි තමාදි, ඉඳුවර උමංග, ඩිලනි රන්සරණි සමඟ යෙනුල මෙතුප රංගනයෙන් සහාය වෙයි. චමිඳු ඉඳුෂාන් සමඟ අචිනි ගුරුගේ ගායනයෙන් සම්බන්ධ වන 'මාතු පාදං නමාමි' ලකල් රංජි වැලිකලගේ ඉදිරිපත් කිරීමකි. |