|
තනු දහසක් එක ගීයක්
මේ සිදුවීම වෙලා තියෙන්නේ හැටේ දශකයේ. සරත් දසනායක ගීතයකට හඬ මුසු කරලා. දැන් කාලේ වගේ නෙවෙයිනෙ ඒ කාලේ පහසුකම් එහෙමත් අඩුයිනෙ. මේ ගීය ගුවන් විදුලියේ ප්‍රචාරය වෙන වෙලාවක් දැනගෙන සරතුයි, සෝමෙයි ඔවුන්ගේ මිත්‍ර සමරවීර පී. ජයතුංගයි කොහෙන් හරි රේඩියෝවක් හොයගෙන ගුවන් විදුලි සේවය සුසර කළාලු. දීපා මිල්ටන් සරත් දසනායක කියලා සරත්ගේ නම කියලා ගීතය ප්‍රචාරය වෙලා. සාමාන්‍යයෙන් තමන්ගේ ගීතයක් ප්‍රචාරය වුණාම ඒ කෙනාට සතුට දනවන හේතුවක් වෙනවානෙ. මෙන්න ගීතය පටන් ගත්තා විතරයිලු සරත් දසනායක කිව්වලු කව්ද යකෝ මේ සින්දු කියන එකා කියලා. ඒ පාර සෝමෙත්, ජයතුංගත් කිව්වලු දැන් ඔය උඹනේ කියන්නේ කියලා. එදා මූණ ඇඹුල් කරගෙන සින්දුව අහපු සරත් දසනායක එදාම ගී ගැයීම අත ඇරියලු.
චිත්‍රපටයේ නැති ට්‍රේලර් එකට අයිරාංගනී
සාමාන්‍යයෙන් චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක කටයුතුවල නියැළෙන්නේ එහි රඟපෑ නළු නිළියන්. ඒක තමයි සම්ප්‍රදාය. නමුත් මේ දිනවල එක්තරා චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක චිත්‍රපටයට කිසිසේත්ම සම්බන්ධයක් නැති රංගන ශිල්පිනියක් පෙනී සිටනවා. ඇය කියන්නේ එය නැරැඹිය යුතුම චිත්‍රපටයක් කියලා. මේ රංගන ශිල්පිනිය අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනිය වීමත් විශේෂත්වයක්. ඒ චිත්‍රපටයේ නම අලි කතාව. අධ්‍යක්ෂණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න. අලි කතාවහි පූර්ව ප්‍රචාරකපටයට පෙනී සිටින නිළිය තමයි අයිරාංගනී සේරසිංහ. ඇයට මේ සඳහා අරාධනා ලැබුණාම ඇය කිව්වලු මුලින්ම චිත්‍රපටය බලන්න ඕනෑ කියලා. එය නරඹලා ඇය ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වුණලු ට්‍රේලර් එකට පෙනී සිටින්න. අයිරාංගනී කියන විදිහට චිත්‍රපටය ඉතාම ලස්සනයිලු.
රොන් සොයා
ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනී පසුගිය දවසක ජාතික රූපවාහිිනියේ ආයුබෝවන් වැඩසටහනකට එකතු වෙලා ලතා වල්පොල ගේ ගීතයක් ගැයුවා. ඒ සඳහා ඉහළ ප්‍රතිචාර ලැබුණලු නිරෝෂාට. ඇය එදා ගැයුවේ ලතාගේ රොන් සොයා ගීතය. එය මධ්‍ය සහ උච්ච යන සප්තකයන් අතර උච්චාවචනය වන ගී ගීතයක්. එහෙයින් හැමෝටම රොන් සොයා සාර්ථකව ගයන්න බැහැ. නමුත් නිරෝෂා හරිම අපූරවට රොන් සොයා ගැයුවා.
බ්‍රාවෝ හැප්පිලා
අජිත් විතානගේ ප්‍රමුඛ සීදූව බ්‍රාවෝ සංගීත කණ්ඩායම ගමන්ගත් වෑන් රථය හදිසි' අනතුරකට ලක්වෙලා. කතරගමදී තමයි ඔවුන් මෙලෙස ඒ අවාසනාවන්ත තත්ත්වයට මුහුණපෑවේ. දෙවියන්ගෙ පිහිටෙන් කාටවත් ජීවිත හානියක් නම් වෙලා නැහැ. මේ වන විට බ්‍රාවෝ සාමාජිකයින් දෙබරවැව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවලු. අප ඔවුනට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. |