|
ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ඇම්ඩා යනු අණ්ඩයාය. කනෙන් රිංගන්නට වුවමනා කළ ඇම්ඩාට තරාතිරමක් අවශ්‍ය නැත. ඒ ඇම්ඩාගේ හැටිය. එරංග සේනාරත්න තැනූ නවතම සිනමාපටයේ ඇම්ඩෙකු සිටියි. ඔහු තරුණය. ක්ලින් සූට් අඳියි. නමුත් අතේ පිච්චියක් නැත. කරන්නේම නමට සරිලන වැඩය. මේ ඇම්ඩා කෙල්ලෙකුට ආදරය කරන්නට පටන් ගනියි. ඇය ඡවි කාන්තිය. ඡවිකාන්තිගේ මව සල්ලි පොලියට දෙන තැනැත්තියකි. එහෙයින් ඇය සැර පරුෂය. තම දියණිය ඇම්ඩාවන් ඇම්ඩෙකු සමඟ පැටලී ඇති වග කනින් කොනින් ආරංචි වෙයි.
අවසානයේදී දුව මවටම තියා ගන්න යැයි පවසා ඇම්ඩා මාරු වෙයි. ඡවිකාන්තිගේ ප්‍රේමය සංග්‍රාමයක් බවට පත්වන්නේ මෙතනදීය. ඇය අඩි හප්පා ඇම්ඩාම තම ස්වාමි පුරුෂයා කරගැනීමට ඕනෑයයි පවසන්නේය. ඡවිකාන්ති පොළවේ පස් නොකෑ ටික පමණි. ඒතරම්ම ඇගේ සංග්‍රාමය දරුණුය. වක්කඩක් කැඩුවාක් මෙන් ගලන ඡවිකාන්තිගේ කඳුළු ගංගාව දැක බලා ඉවසාගත නොහැකි තැන ඇය දියණිය සමඟ ඇම්ඩා සොයා යාමට තීරණය කරයි. ඒ ගමනේ එක්තරා තැනකදී ඔවුනට ඇම්ඩා හමු වෙයි. නොසිතුවිරූ ලෙස උද්ගත වූ තත්ත්වය හේතුවෙන් ඇම්ඩා ගාල කඩාගත් ගවයකු සේ දුවන්නට පටන් ගනියි. ඡවිකාන්ති සහ ඇගේ මව ද ඇම්ඩාගේ පසුපස එළවයි. වේගයෙන් දුව යන ඇම්ඩා ළඟ තිබෙන උස් තාප්පයකින් පනියි. ඔහුව වැටෙන්නේ සුවිශාල වූ බංගලාවක වත්තකටය. එතැන සිටින මුරකරු ඇම්ඩාව දැක කලබල වන්නේ හොරෙකු යැයි සිතාය. ඇම්ඩාගේ ඇම්ඩන් ගතිය ඉස්මතු වන්නේ මේ වෙලාවේය. ඔහු මුරකරුට පවසන්නේ තමා පිටුපසින් දිෂ්ටියක් පැමිණෙන බවය. උපන් දා සිට හොල්මන්වලට අසීමිතව බියවන මුරකරු අතිශයින්ම කලබලයට පත් වන්නේය.
එරංග ඇම්ඩාගේ චරිතය ගෙන නිර්මාණය කළ ඒ චිත්‍රපටියේ නම නෝනා හරිම වසයි වේ. එහි ඇම්ඩා ලෙස රජිත හිරාන් චාමිකර හෙවත් පිං පොං රංගනයේ යෙදෙයි. ඡවිකාන්ති සංජු රොඩ්රිගෝය. මුරකරු ලෙස ටෙනිසන් කුරේ වෙස්ගෙන ඇත. උමාරියා වනුයේ රිදී තිරයට හඳුන්වා දෙන දිල්රූ අත්තනායක වේ. නෝනා හරිම වසයි සිනමාපටයේ සෙසු නළු නිළියන් මෙසේය. රෙක්ස් කොඩිප්පිලි, කුසුම් රේණු, නිල්මිණි කෝට්ටෙගොඩ, රයන් වැන්රෝයන්, සුරේනි සෙනරත්, සරත් පීරිස්, රවි චන්ද්‍රසිරි, ආරියසේන ගමගේ, රුවන් හේවගේ, සුනෙත් මැල්සිරිපුර, මල්කි ප්‍රනාන්දු. කැමරා අධක්ෂණය - නිශාන් ප්‍රනාන්දු. කලා අධක්ෂණය - ප්‍රසාද් වීරප්පෙරුම, රෝලන්ඩ් ද සිල්වා. අංග රචනය - ඉන්දික උදාරලංකා සමඟ ක්‍රිෂාන්ත ජයබාහු. සටන් අධ්‍යක්ෂණය - රවි චන්ද්‍රසිරි. සහාය අධ්‍යක්ෂණය - මහේෂ් ඉන්දික. නිෂ්පාදන කළමනාකරණය - නිමල් විජේසිරි සේනාධීර සංගීත අධ්‍යක්ෂණය - ලස්සන ජයසේකර ගී පද මාලා - ඩිනලි රොෂාන්දි සේනාරත්න ගැයුම් - ශානිකා මධුමාලි, කනිෂ්ක ප්‍රසාද්, දේශානි සමාධිනි විතානගේ.
|