|
FUN MUSICඅලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු මේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk ඔස්සේ නැරඹිය හැකිය දිගු කලකට පසු
සඳ එළිය දිගේ ඇවිත් හිතට හීන රන්දලා ගායනය - විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් දිගු කලකට පසු චරිතා විසින් ගයන ලද වෙනස්ම ආරක ගීතයක් ලෙස මෙය හැඳින්විය හැකිය. ඇන්ටන් ජේ. චරිතාට ලියූ මුල්්ම ගීතය මෙන්ම ලක්ෂ්මන් හිල්මි විසින් චරිතාට සංගීත නිර්මාණය කොට දුන් මුල්ම ගීතය මෙය වේ. දෙදිනක් පුරා මීගමුව අවට ප්‍රදේශයන්හි මෙය රූගත කර තිබේ.
මාතලේ වාකරේ
කලපුව ළඟ කඩොලාන කැලේ ගායනය - නිලංග සිල්වා සඳකින්නරාවි මගෙ, නිදියන්න ආසයි, පුන්සඳද ඔබ මගේ ආදී ගීත ගැයූ නිලංග සිල්වා වඩාත් ජනප්‍රිය වුයේ සනිධප සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා හැටියට. මේ වන විට ඔහු ඉන් ඉවත් වී ස්පීඩ් නමින් තමන්ගේම සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. එකිනෙකට වෙනස් ගීත ගයන්නට නිලංග සමත්. ඒ පිළිබඳ ඔබට වැටහේවි මේ ගීතයේ පදමාලාව කියවලා අවසන් වෙද්දී. නව පරපුරේ බොහෝ දෙනෙකු විරහ ගීත රැල්ලට එකතු වෙද්දී නිලංක මෙවන් වූ ගීතයක් ගැයුවේ අත්හදා බැලීමක් විදිහට. මෙහි සංගීතය නිම වී ඇත්තේ රෙගේ ශෛලියට. කලක් තිස්සේ එවන් වූ ගීයක් ගැයීමට නිලංගගේ හිතේ ආසාවක් තිබුණලු. කෙසේ හෝ කඩොලාන කැලේ සුරූපිනියට පෙම් බැඳි කතාව මේ වන විට හුඟක් ජනප්‍රියයි. මෙහි රූප රචනාව රූගත කොට ඇත්තේ හැඳල අවට ප්‍රදේශයේ. රූප රචනයෙහි රංගනයේ යෙදෙන්නේ ප්‍රමිලා ඇතුළු පිරිසයි. මෙහිදී නිලංග සහ ප්‍රමිලා රඟපාන දර්ශනයකදී ඔවුන් දෙදෙනාම මඩවලක ඇද වැටී තිබෙනවා. නිෂ්පාදන කණ්ඩායම රූගත කිරීම පැත්තකින් තබලා දෙන්නව බේර ගත්තලු.
හීනයක් හැබෑ වෙලා
වේදනා සඟවා සිතින් ගායනය - ලක්ෂිත වික්‍රමනායක ලක්ෂිත සංගීත ලෝකයට අවතීර්ණ වූයේ මෙම ගීතය හරහායි. මේ ඔහුගේ එක්තරා හීනයක් සැබෑවීමක් කියලා අපෙත් එක්ක කිව්වා. එක් දිනක් තුළදී වැල්ලවත්ත අපට ප්‍රදේශයන්හි රූගැන් වුණ මෙම ගීතයෙහි රංගනයේ යෙදෙනුයේ රුක්ෂානා සහ සංඛයි. |