වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: අනිල්ට සම්මානයක්...: Sarasaviya e edition - Lake House - Sri Lanka

අනිල්ට සම්මානයක්...

අනිල් කපූර් බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේත් තම රංගන ප්‍රතිභාව දක්වන බොලිවුඩ් තරුවක්. Slumdog Millionaire, Mission Impossible : Ghost Protocol චිත්‍රපට වගේම සුප්‍රසිද්ධ අමෙරිකානු රූපවාහිනි නාට්‍ය මාලාවක් වුණු 24 සඳහාද ඔහු සිය දායකත්වය ලබා දුන්නා.

දැන් ඔහු තවත් හොලිවුඩ් නිර්මාණයකට දායක වෙමින් සිටින්නේ. එය Family Guy නම් වැඩසටහනයි. ඔහු එහි චරිතයකට හඬ කවනවා. අනිල්ගේ දියණියන් දෙදෙනාත් එම වැඩසටහන ඉතා අසාවෙන් නරඹන බවත් අනිල් කියනවා. ඔවුන් හිතන්නේවත් නැතිලු ඔවුන්ගේ තාත්තා එහි හඬ කවන බව. ඒ වගේම එය තවත් අලුත් අත්දැකීමක් බවයි අනිල් කියන්නේ. පසුගිය දා අනිල් දිනානාත් මංගේෂ්කාර් සම්මානයෙන් ද පිදුම් ලැබුවා. අප්‍රේල් 24 වැනිදා ලතා මංගේෂ්කාර් විසින් එම සම්මානය අනිල්ට පිරිනැමුවා.