|
1200 වැනි සිංහල චිත්‍රපටය සිනහව අතරින් අද තිරයට
එහි සේමිණී ඉද්දමල්ගොඩගේ රංගනය ගැන බොහෝ දෙනා කතාබහ කරන ලදී. සනත් - සේමිණි සහ රොබින් ප්‍රනාන්දු, ජයනි සේනානායක, නදීකා ගුණසේකර, ක්‍රිස් හැරිස්, හෂිනි ගෝනගල, ඇල්ෆ්‍රඩ් පෙරේරා, චන්ද්‍රිකා පෙරේරා ඇතුළු පිරිස රංගනයෙන් හැඩගන්වති. සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂවරයාය. කීර්ති රුවන් ලාල්සන් සහාය අධ්‍යක්ෂණයෙන් ද, මනෝජ් ලක්සිරි අංග රචනයෙන්ද, නන්දා ජයකොඩි සංස්කරණයෙන් ද, සුනිල් ධර්මසිරි රේඛීය නිෂ්පාදනයෙන් ද, ලලිත් ධර්මවර්ධන ඇඳුම් සහ කොණ්ඩා සැකසුමෙන් ද සිනහව අතරින් සඳහා දායක වෙති. නිරෝෂා විරාජිනී සංගීත අධ්‍යක්ෂවරියයි. ඇය සමඟ අමිල පෙරේරා මෙහි ගී ගයා ඇත. සිනහව අතරින් හි කතාව දෙබස්, තිර රචනය සනත් ගුණතිලකගෙනි. ඔහු මීට ප්‍රථම අධ්‍යක්ෂණය කළ එකමත් එක රටක චිත්‍රපටය ප්‍රේක්ෂක මෙන්ම විචාරක අවධානය දිනා ගැනීමට සමත් විය. |