|
‘සංජානා’ හතර වෙනි සතියේ
එමෙන්ම මංජුලා කුමාරි හෙවත් ඕලු සිනමා රංගනයට පිවිසෙන්නේ ද සංජානා හරහායි. අනර්කලී ආකර්ෂා, සංඛ ප්‍රසාද්, අනූෂා දමයන්ති, රෙබෙකා නිර්මාලී, කුසුම් රේණු, මානෙල් වානගුරු, විල්සන් කරු, ඉන්දික රත්නායක, ටෙඩී විද්‍යාලංකාර, අශ්නි සෙනායා (ළමා නිළි) සංජානා හි සෙසු නළු නිළියන්ය. දිනේෂ් කුමාරගේ කැමරා අධ්‍යක්ෂණයකි. ධනේෂ් ලංකා පීරිස් සහාය අධ්‍යක්ෂවරයාය. ප්‍රවීණ් ජයරත්නගේ සංස්කරණයකි. කිරන් සොයිසා අංග රචනා ශිල්පියාය. සංඛ ප්‍රසාද්ගේ නර්ථන අධ්‍යක්ෂණයකි. සරත් සිල්වා සටන් අධ්‍යක්ෂවරයාය. සංජානාහි සංගීත රටා අර්නස්ට් සොයිසාගෙනි. ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි, නිරෝෂා විරාජිනී, නුවන් ගුණවර්ධන, සංගීත් විජේසූරිය සමඟ අභිෂේකා විමලවීර ගීත ගයා ඇත. ආචාර්ය අජන්තා රණසිංහ, ආනන්ද පද්මසිරි, සුනිල් විමලවීර, කැළුම් ශ්‍රීමාල්, සමන චන්ද්‍රනාත් වීරසිංහ ගී පද රචකයෝය. සත්වෙනි දවස, නැව ගිලුණත් බෑන්චූන්, ජීවන්ති, නොම්බර 17, පුදුමයි ඒත් ඇත්තයි ආදී රසවත් සිනමාපට රැසක් අධ්‍යක්ෂණය කළ සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණය කළ සිනමාපට ප්‍රමාණය තිස් හතරකි. ඔහු දෙවැනි වෙන්නේ සුනිල් සෝම පීරිස්ට පමණි. |