|
වළක්වන්න බැරි බාධා
Any Body Can Dance 2 චිත්‍රපටයේ වරුන් ධාවන් සහ ශ්‍රද්ධා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. රූගත කිරීම් අතරතුර ඇති වූ මේ ගින්නෙන් කිසිවෙකුට නම් හානියක් වෙලා නැහැ. ඒ වෙලාවේ ශිල්පීන් හත් සියයක පමණ පිරිසක් එතැන රූගත කිරීම් සඳහා දායක වී තිබෙනවා. මේ ගින්නට හේතු වෙලා තියෙන්නේ විදුලි කාන්දුවක්. කාලයකට පසු සනි ඩියෝල් අධ්‍යක්ෂණය කරන Ghayal Once Again චිත්‍රපටයටත් වර්ෂාව බාධා කරලා. අධික සුළං සහ වර්ෂාව හේතුවෙන් කලින් සැළසුම් කර තිබුණත් සියළුම රූගත කිරීම් නවතා බලා සිටින්න සනි ඩියෝල්ට සිදු වෙලා. විශේෂ අවසරයක් ඇතුව මහා මාර්ගයක සිදු කරන රූගත කිිරීමක් එදිනට යොදා ගෙන තියෙන්නේ. ඒ වෙනුවෙන් වාහන හත් සියයක් කුලියට අරගෙන. කොහොම වුණත් වැස්ස නිසා සනීට පැත්තකට වෙලා බලාගෙන ඉන්න සිදු වුණේ වර්ෂාව ඇවිත් කළ බාධාව නිසා.
|