|
“ස්වාධීන පුවත් “ ගෙනෙන රුවැත්තිය වෙනුරිස්වාධීන රූපවාහිනී සේවයේ ප්රවෘත්ති නිවේදිකා වෙනුරි ගින්නෙලිය අද මියුරු සවන හැඩකරන්නට එක්වන්නීය.
ඒ අලුත් ක්‍රමය හොඳයි. ස්වාධීන පුවත් ලෙසයි අද අපේ තේමාව නම් කොට තියෙන්නේ. ඉස්සර අපේ ප්රවෘත්තිවල නැති ස්වාධීන ගතිය යළි අපි ගෙනාවා. මේ අලුත් විදිහ නිසා අපේ ඇඳුම්, පැලඳුම් සහ ප්රවෘත්ති කියන ආකාරය වෙනස් කළා. ඒක බොහොම හොඳින් මිනිසුන් පිළිගත්තා. ඇත්තටම අපිට ඕන වුණේ අපේ පුවත් හරහා මිනිස්සුන්ට ඇත්ත පවසන්න. ඒතකොට ඔවුන් ස්වාධීන රූපවාහිනී නාළිකාවට සමීපවන ප්‍රවණතාව වැඩියි.
වෙනුරිගෙ වෘත්තිය නිවේදනය නේද? ඔව්,
වෘත්තීය නිවේදිකාවක වන්නට මොනතරම් කට්ටක් කෑවද?
කාලයක් ඔබ පෙනෙන්නට හිටියෙ නැත්තෙ ඇයි? එහෙම වෙනවා. මං හිතන්නේ මට අවස්ථාව නොලැබුණේ පෞද්ගලික පලිගැනීම් මත.
අද වන විට ක්ෂණිකව නිවේදිකාවො බිහිවෙනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නෙ? ඇත්තටම ඔබ කිව්වා වගේ හතු පිපෙන්නා වගේ නිවේදිකාවො බිහිවෙනවා. ඒ අතරින් වැඩි දෙනෙකුට තියෙන්නෙ බොරු ලස්සනක් විතරයි.
නිවේදිකාවක් වෙන්න ලස්සන වුණාම ඇති කියලා හිතන අයත් ඉන්නවා. එහෙම වෙන්නෙ කොහොමද? නිවේදිකාවකට හොඳ හඬක් තිබිය යුතුයි. බස නිවැරැදිව හසුරුවන්නත් ඕනා. දෙවනුවයි මුහුණේ හැඩ තිබිය යුත්තේ.
ඔබ ඔය නොකියා කියන්නේ ඔබට හොඳ හඬක් තියනවා කියලානේ? ඔව්, මට හොඳ පැහැදිලි හඬක් තියෙනවා. ඒ හඬත් එක්ක මට පුළුවන් ඕනම කෙනෙකුට චැලේන්ජ් කරන්න. මා සමඟ කරට කර නිවුස් කියන්න එන්න කියලා.
ඔබේ හඬේ වටිනාකම කීයද කියලා මූල්‍යමය වශයෙන් කිව්වොත්? මම තත්පර දහයකට පහළොවකට රුපියල් දහපහළොස් දාහක් උපයලා තියෙනවා. වෙළෙඳ දැන්වීම් හඬ කවලා. ඉතින් හිතා ගන්නකෝ මගේ හඬේ වටිනාකම.
නමුත් ඔබ හඬින් උපයන මුදලට වැඩි මුදලක් අද ඇතැම් අලුත් නිවේදිකාවො උපයනවා? මම ඒක දන්නවා. එහෙම වෙන්නෙ ගෑනුකම විකුණලා නිවේදිකාවො වෙච්ච අයගෙන්. ඔවුන් සමහරුන්ව අල්ලෙ නටවමින් තමන්ට ඕන අභිප්රායන් සාක්ෂාත් කරගන්නවා. හැබැයි එයාලගෙ ගමන බොහොම කෙටියි. අපි ක්ෂේත්රයේ යා යුත්තේ ඉතාම නිර්මල ගමනක්. එතකොට වරදින්නේ නැහැ. පතිවතයි පවුලයි රැකගෙන ක්ෂේත්රය තුළ ගමන් කරන අය ඉන්නෙ හරිම අඩුවෙන්.
එයට ප්‍රධාන හේතුව හොඳ ස්වාමි පුරුෂයකු ලැබීම. මං සමහර දිනවල පාන්දර තුනට ගිහිල්ලා රෑ එකොළහට එන අවස්ථාවන් තියෙනවා. නමුත් ඔහු මගෙ රැකියාවේ තත්ත්වය දන්න නිසා කිසිම දෙයක් කියන්නෙ නැහැ. මගෙ දුවට දැන් අවුරුදු පහයි. අපේ පුංචි පවුල ඉතාම හොඳින් ජීවිතය ගෙනියනවා. මං හිතන්නෙ මං ගතකරන පවුල් ජීවිතයට සම්මානයක් දිය යුතුයි.
සම්මාන ගැන කියද්දි මට මතක් වුණේ ඔබ කොයි තරම් තමන් පිළිබඳ වර්ණනා කරගත්තත් තවමත් ඔබට සම්මානයක් ලැබිලා නැහැනේ? එයට ප්‍රධානම හේතුව මං සම්මාන සඳහා අයැඳුම් නොකිරීම. පොඩි පොඩි පදනම් වගයකින් ලැබුණු ගෞරව නාම සම්මාන හැර මට අනෙකුත් ප්‍රධාන සම්මාන උළෙලකින් සම්මාන නොලැබීමට ප්‍රධානම හේතුව තමයි මං මුලින් පැවසූ දෙය.
නිවේදන වෘත්තිය ගැහැනු ළමයකුට සුදුසුද? මොකද නැත්තෙ. සුදුසුම සුදුසුයි. හැබැයි මේ වගේ කාරණයක් කියන්න ඕන. ඉස්සර මං ගුවන් විදුලියෙ ළමා පිටියට යද්දි මගෙ අම්මට ඇතැම් අය කියනවලු දුවව නිවේදනය පැත්තට යවන්න එපා ඒ ක්ෂේත්රය ගැහැනු ළමයකුට සුදුසු නැහැ කියලා. ඒ වුණාට අම්මා නම් ඔය එක එක අය කියපුවා ඇහැව්වෙ නැහැ. මම දන්නෙ නැහැ හේතුවක් නැතුව ඇයි මේ වගේ කතා මිනිස්සු කියන්නෙ කියලා.
පහුගිය කාලයේ එක්තරා පුද්ගලික නාළිකාවක නිවේදිකාවක් ඉංගී්රසි බසින් කුණුහරුපයක් සඳහන් කළ ටී ෂර්ට් එකකින් සැරසී නිවේදන කටයුතු කළා. ඒ වගේ තත්ත්වයන් මත මිනිස්සු මේ ක්ෂේත්රය ගැන වැරදියට හිතන එකේ වැරැද්දක් නැහැනේ? මං අර කලින් කිව්වා වගේ ඒ අය නිවේදිකාවො නෙවෙයි. එයාලට ඕන තමන්ගෙ ස්ලිම් බොඩි එක මාර්කට් කරගන්න විතරයි. ඒ වගේ අය හින්දා අපිටත් පහර වදිනවා.
වසර ගණනාවක් තිස්සේ ඔබ ප්රවෘත්ති කිව්වත් මේ දිනවල ඔබ පුහුණුවීම්වල නියැළෙනවා කියන්නේ ඇත්තද? ඔව්, ප්රවෘත්ති කියන්න ඇවිත් අවුරුදු දොළහා ඇතුළත මේ මං පුහුණු වීමක යෙදෙනවාමයි. අපේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලාල් හේමන්ත මාවලගේ මහත්මයා තමයි ප්රවෘත්ති කියන අපව පුහුණු කරන්නේ මේ වෙලාවේ අපේ ක්‍රියාකාරී අධ්යක්ෂ ධනුෂ්ක රාමනායක මහත්මයාවත් මතක් කරන්න ඕනා.
|