|
අටවැනි උපන් දිනයට ලැබුණු වයලීනයෙන් දුර ගමනක් ගිය ඉංජිනේරුවාවිශාරද චිත්‍රාල් පණ්ඩිත
වාද්‍ය විශාරද චිත්‍රාල් පණ්ඩිත විසින් පවත්වන 'සංගීතාභිමාන උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගය' ලබන 10 වැනිදා පස්වරු 6.30 ට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. භාරතීය ශාස්ත්‍රීය සංගීතය රස විඳීමට ප්‍රිය වූවන් වෙනුවෙන් වසර ගණනාවක සිට ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග තිළිණ කරන චිත්‍රාල් පණ්ඩිත මෙවර සිය ප්‍රසංගය සංවිධානය කරන්නේ 11 වැනි වරටය. සංගීත රසයෙන් සුවහසක් සිත් සතන් සනසාලන චිත්‍රාල් වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. එසේ වුව ද ශාස්ත්‍රීය සංගීතයේ උන්නතිය වෙනුවෙන් ඔහු අප්‍රමාණ ලෙසින් කැප වී කටයුතු කරන්නේය. මෙවර 'සංගීතාභිමාන' ප්‍රසංගය පිළිබඳ හැඳින්වීමක් කළොත්?
සංගීතාභිමාන ප්‍රසං මේ වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් නම් සිදු කෙරෙන්නේ නැහැ. ශාස්ත්‍රීය සංගීත රසය විඳින්නට ප්‍රිය ලාංකේය අපේ හිතවතුන් වෙනුවෙන් විශේෂයෙන් මෙය සංවිධානය කෙරෙන්නේ. අද කාලයේ මෙවැනි ප්‍රසංගයක ටිකට් පතක් වෙන් කෙරෙන්නේ ඉහළ මිලකට. ඒ වගේම ප්‍රවේශ පත්‍ර අලෙවි නොකර ප්‍රසංගයක් පැවැත්වීම කාලයේ හැටියට විශාල අභියෝගයක්? ශාස්ත්‍රීය සංගීතයට ඇලුම් කරන විශාල පිරිසක් අපේ රටේ සිටිය ද ඔවුන් හට එය වින්දනය කිරීමට ලැබෙන අවස්ථා සීමිත වෙලා තියෙනවා. මම මෙම සංගීත ප්‍රසංගය ආරම්භ කළේ ලාභ උපයන පරමාර්ථයෙන් නෙවෙයි. ශාස්ත්‍රීය සංගීතය රසය විඳින්නට සැළැස්වීම මගේ අරමුණයි. මේ වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ මවිසින් පවත්වාගෙන යනු ලබන ඉංජිනේරු සමාගමයි. ඊට අමතරව ශාස්ත්‍රීය සංගීතයේ ප්‍රගමනය වෙනුවෙන් තමාෂා නමින් සංවිධානයක් ආරම්භ කළා. විශාරද යත්න පෙරේරා, රෝහිත සේනානායක, උපුල් මධුශංක මගේ ආරාධනයෙන් මේ සඳහා සම්බන්ධ වුණා. යත්න පෙරේරා බටනළා වාදනයෙන් ද, විදුලි ඉංජිනේරුවෙකු වූ රෝහිත සේනානායක බේස් ගිටාර් වාදනයෙන් ද, ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන උපුල් මධුශංක තබ්ලා වාදනයෙන් ද මෙයට දායකත්වය සපයනවා. ඇත්තටම මේක මුදලට කෙරෙන දෙයක් නෙවෙයි. මෙවර ප්‍රසංග දායකත්වය මගේ ර්‍ථපධථඥජ ආයතනය විසින් දරනවා. විවිධ ක්ෂේත්‍රයන්හි නියැළි සිටින රසවතුන් රැසක් මෙම ප්‍රසංගය නරඹන්න පැමිණෙනවා. එක් ප්‍රසංගයක් නැරඹූ අයෙක් මට පැවැසූවේ ඔහුට මේ ප්‍රසංගගෙය් ප්‍රවේශ පතක් රුපියල් පනස් දහසක් තරම් වටිනා බවයි. වෘත්තීය ඉංජිනේරුවරයෙක් වන ඔබ ශාස්ත්‍රීය සංගීතයට යොමු වූ අයුරුත් සිහිපත් කළොත්? මගේ පියා වින්සන්ට් පණ්ඩිත. හැත්තෑව දශකයේ ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකුව සේවය කළා. මව සුධර්මා පණ්ඩිත. බෞද්ධ සංස්කෘතිය පිළිබඳ කථිකාචාර්යවරියක්. ඔවුන් දෙදෙනාම මා සතු සංගිත හැකියාව හඳුනා ගන්න ඇති. මගේ අට වැනි උපන් දිනය යෙදුණු දින වයලීනයක් තිළිණ කළේ ඒ නිසාම වෙන්න ඇති. එදා පටන් මම ශාස්ත්‍රීය සංගීතය ඉගෙනීම ආරම්භ කළා. ආචාර්ය සෝමසිරි ඉලේසිංහ ගුරු පියාණන් යටතේ මම වයලින් වාදනය ප්‍රගුණ කළා. එතුමාගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යාත් මමයි. වාද්‍ය විශාරද උපාධිය 1981 වසරේදී සම්පූර්ණ කළා. පාසල තුළත් විශ්ව විද්‍යාලයේදීත් සංගිත ක්ෂේත්‍රයෙන් ඔබ සුවිශේෂ චරිතයක්? මම කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. 1974 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවේ පළමුවැනියා වුණෙත් මම. පාසලේදී සංගීතය නම් විෂයක් ලෙසින් හැදෑරුවේ නැහැ. ඒ වුණත් සංගීත අංශයේ විවිධ වැඩසටහන්වලට දායක වුණා. ආනන්ද විද්‍යාලයේ සංගීත කවයේ ප්‍රථම සභාපති වුණෙත් මම. මොරටුව විශ්ව විද්‍යාලයේදීත් සංගීත අංශයේ විවිධ අවස්ථා සඳහා මම සහභාගි වුණා. එහිදී ප්‍රථමවරට රාගධාරි සංගීත ප්‍රසංගයක් පවත්වන්නත් කටයුතු කළා. මම අධ්‍යාපනය ලද වසර හතර තුළම ඒ ප්‍රසංගය පැවැත්වූවා. ඔබ හිතන පරිදි ශාස්ත්‍රීය සංගීතය අපේ ජීවිතයට කුමන ආකාරයේ බලපෑමක් කරනවාද? සංගීතය කියන්නේ මිනිස් සිත සුවපත් කරන ඖෂධයක්. වෙනත් ක්ෂේත්‍රයක අතිශය කාර්යබහුල වූ අයට තම මනස සැහැල්ලු කර ගන්නට මියුරු සංගීත රටා උපකාරී වෙනවා. මමත් එය අත්විඳි දෙයක්. මානසික ආතතිය දුරු කිරීමේ පුදුමාකාර බලයක් ශාස්ත්‍රීය සංගීතය සතුයි. සංගීත ක්ෂේත්‍රයේ ඔබේ ඉදිරි සැළසුම්? වර්තමානය වන විට ශාස්ත්‍රීය සංගීතය වෙනුවෙන් ඇති ඉඩ සීමිත තත්ත්වයකට පත් වෙලා. ශිල්පීන් සිටිය ද ඔවුන් හට තම හැකියාව ඉදිරිපත් කරන්නට තිබෙන ඉඩ ප්‍රස්ථාවල අඩුවීමක් තියෙන්නේ අපි ඒ වෙනුවෙන් ඉඩ වෙන් කළ යුතු වෙනවා. මගේ මේ ප්‍රසංගයත් සංවිධානය කෙරන්නේ ශාස්ත්‍රීය සංගීතයට ලැදි ජනතාව වෙනුවෙන්. ඉදිරියේදී මෙම ප්‍රසංගය තුළින් අනෙකුත් දක්ෂ ශිල්පීන් වෙනුවෙන් ඉඩකඩ වෙන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. |