|
‘දිළිසෙන නෙත්’ ගීයෙන් සංගීත අඹරට පෑයූ තාරකාව විශාරද උත්පලා සුමුදුමාලි
දිළිසෙන නෙත්වලින් ආදරය දුටු අයුරු ගීතයෙන් පවසන්නේ විශාරද උත්පලා සුමුදුමාලි. ඇය ගයන මේ අලුත්ම ගීතයේ පද රචනය කළේ ඩෙන්සිල් නුගේගොඩ. සංගීතය ප්‍රියන්ත නාවලගේ. 'දිලිසෙන නෙත්' ගීතය දැන් ගුවන් විදුලි, රූපවාහිනි නාළිකාවලින් ඇසෙන ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා. අපි ඒ ගැන උත්පලාගෙන්ම අහමු. 'දිලිසෙන නෙත්' ගීතය මගේ දෙවැනි ගීතය. පළමු ගීතය 'නුඹ කාටත් වඩා' පද රචනය කළේ විමාලක මුහන්දිරම්. සංගීතය සංජු පෙරේරාගේ. නුඹ කාටත් වඩා ගීතය ජනතාව අතර ගොඩක් ජනප්‍රිය වුණා.ඉන් පසුව දිළිසෙන නෙත් ගීතය නිර්මාණය කළා. එය නම් එළි දැක් වුණේ රූප රචනාවකුත් සමඟින්. රූපවාහිනි ගුවන් විදුලි නාළිකාවල වගේම අන්තර්ජාලය හරහාත් මේ ගීතයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. * උත්පලා සංගීත ක්ෂේත්‍රයට පැමිණියේ කුඩා කාලයේදීමද? මම පුංචි කාලයේ පටන්ම සංගීතයට උනන්දුයි. මම හිතන්නේ මගේ තාත්තා නිසා ඒ උනන්දුව තවත් වැඩි වුණා කියලා. ඔහුටත් හොඳට සිංදු කියන්න පුළුවන්. මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ මම අධ්‍යාපනය ලැබුවේ. සුදර්ශනී චන්ද්‍රසේන ගුරු මෑණියන්, නිපුන් රංජිත් ප්‍රියන්ත, විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන යටතේ සංගීතය හැදෑරුවා. පුංචි කාලයේදී නිවේදනයටත් යොමු වුණා. සවන ගුවන් විදුලි නාළිකාවේ පිපෙන කුසුම් වැඩසටහන ඉදිරිපත් කළා. * දැන් නිවේදනයෙන් ඈත් වෙලා නේද? නිවේදනයටත් මම කැමැතියි. ඒත් වැඩි කැමැත්ත සංගීතයට. * ඔබේ සංගීත දිවියට පවුලේ සාමාජිකයන්ගෙන් ලැබෙන සහාය? මගේ මහත්තයා හෙන්රි රෙක්ස්. ඔහු මා ළඟින්ම සිට ධෛර්යමත් කිරීම විශාල සහායක්. ප්‍රසංග සඳහා සහභාගි වන විට ඔහු මා සමඟින් සිටිනවා. අම්මා කුසුම් දිසානායක. තාත්තා රෙස්මි විමලරත්න. වෘත්තියෙන් නීතිඥවරයෙක්. තාත්තාටත් හොඳට ගීත ගයන්න පුළුවන්. තාත්තායි අම්මයි මගේ සංගීත දිවියට විශාල සවියක් වුණා. * ගායන තරු තරගයකදී ඔබ ඇගයීමට ලක් වුණා නේද?
* නවකයන් රැසක් බිහි වන තරු තරග ගැන උත්පලාගේ අදහස මොකක්ද? ගායන හැකියාව තියෙන දක්ෂයන්ට ක්ෂේත්‍රයට එන්න ලැබෙන හොඳ අවස්ථාවක් ලෙසින් මම එය දකිනවා. ගායන හැකියාව ලබන්න වාසනා ගුණයත් තියෙන්න ඕනෑ. ඒ වගේම ක්ෂේත්‍රයට ඇවිත් එහි රැඳෙන්න තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නඟා ගන්න තමන් කැපවීමෙන් කටයුතු කිරීමත් වැදගත්. ඒ වගේම තරු තරගවල ප්‍රමිතියත් ආරක්ෂා වීමෙන් කාටත් එයට චෝදනා කරන්න බැහැ. * ඔබේ ඉදිරි සංගීත කටයුතු පෙළ ගැසිලා තියෙන්නේ කොහොමද? දැනට මම ගීත හයක් නිර්මාණය කරලා තියෙනවා. මුල්ම වීඩියෝ එක නිර්මාණය වුණේ 'දිළිසෙන නෙත්' ගීතය වෙනුවෙන්. ඉදිරියේදී අනෙකුත් ගීත එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. මේ වසරේ අග භාගයේදී සංයුක්ත තැටියක් එළිදක්වන්නත් සූදානමින් සිටිනවා. * උත්පලාට සුබපතන්න කැමැති රසික රසිකාවන්ට පණිවුඩයක් කියන්න මේ අවස්ථාව? මගේ ගීත රස විඳලා ඒ පිළිබඳ ආදරණීය ඔබේ අදහස් ෆේස්බුක් වෙබ් අඩවියේ uthpala sumudumali නම් මගේ පිටුවට දක්වන්න පුළුවන්. 0779325531 මගේ දුරකථන අංකයයි.
|