|
|
රන්වීර්ට ඇබැද්දි
Bajirao Mastani චිත්‍රපටයේ රන්වීර් බජි රාඕ නම් මරාති අධිරාජ්‍යයාගේ චරිතය නිරූපණය කරනවා. දීපිකා පදුකෝන් මෙහි මස්ථානි ලෙසත් ප්‍රියංකා චොප්රා බජි රාඕගේ පළමු බිරිඳ ලෙසින් චරිත නිරූපණය කරනවා. පසුගිය ඉරිදා රන්වීර්ගේ ශෙල්‍යකර්මය සාර්ථකව සිදු කළා. ඊට පෙර ඔහු මෙම අනතුර හා ශෙල්‍යකර්මය ගැනත් තොරතුරු ට්විටර් වෙබ් අඩවියේ පළ කළා. ඔහු රෝහලේ සිටින ඡායාරූපයකුත් ඇතුළත් කරන්න ඔහු අමතක කළේ නැහැ. මේ නිසා ශෙල්‍යකර්මය නිම වී රෝහලෙන් පිටවන විට රෝහල වටා ඔහුගේ රසික රසිකාවන් පිරි සිටියා. රන්වීර් නිවෙස කරා පිටත්ව ගියේ ඔවුන්ගේ ආශිර්වාද මධ්‍යයේයි.
|



රන්වීර් සිංහට පසුගියදා ඇබැද්දියකට මුහුණ දෙන්න සිදු වුණා. මේ වන විට බොලිවුඩයේ
නමක් දිනා සිටින රන්වීර් බජිරාවෝ ලෙසින් පණ පොවන්න ගිහින් තමයි මේ කරදරයට ලක් වෙලා
ඉන්නේ. පසුගිය දවසක සන්ජේ ලීලා බන්සාලිගේ Bajirao
Mastani රූගත කරනවිටදී ඔහු
අනතුරකට ලක් වෙලා. එහිදී ඔහුගේ උරහිසට සිදු වූ ආබාධය වෙනුවෙන් ශෙල්‍යකර්මයකුත් කළා.